සජිත් ප්‍රේමදාස

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: සජිත් ප්‍රේමදාස. මූලාශ්‍රය: ඩේලි නිවුස් [1]

සජිත් ප්‍රේමදාස 1967 ජනවාරි 12 වන දින කොළඹ දී රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාසට දාව උපත ලැබීය. 1977 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු 1989 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස තේරී පත් විය. සජිත් ප්‍රේමදාස හට දුලන්ජලී ප්‍රේමදාස නම් වන එක් බාල සොහොයුරියක් පමණක් සිටියි.[2]

සජිත් සිය විධිමත් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ලන්ඩනයේ මිල් හිල් පාසලෙනි. ඔහු ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස්' සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.[3][2]

1994 වසරේ දී සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂයට (UNP) සම්බන්ධ වීමෙනි. වසර 2019 වන විට ඔහු වසර 2000 සිට වසර 19ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.[3] ඔහු 2011 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් කරන ලදී.[4]

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ පිහිටුවා ගත් දේශපාලන පක්ෂවල සන්ධානයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 2019 සැප්තැම්බර් 26 වන දින සජිත් ප්‍රේමදාස නම් කරන ලදී.[5]2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂ 12කින් සමන්විත සමගි ජන බලවේගය 2020 මාර්තු 2 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන ලදී.[6] ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂ නායකවරයා ය. [7]

දේශපාලනික /රජයේ දරන ලද තනතුරු

  • එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක - 1994 සිට 2020 දක්වා [8][9]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 2000 සිට වර්තමානය දක්වා [8]
  • සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය - 2001 සිට 2004 දක්වා [8]
  • එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක - 2011 සිට 2013 සහ 2014 සැප්තැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා [8]
  • නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය - 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා [8]
  • 2019 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂක [10]
  • සමගි ජන බලවේගයේ නායක - 2020 පෙබරවාරි 11 සිට මේ දක්වා [11]
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක- 2019 දෙසැම්බර් සිට වර්තමානය දක්වා [12]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

දුම්කොළ පාලනය සම්බන්ධ ධනාත්මක මැදිහත්වීම්

රස ගන්වන ලද දුම්වැටි පිළිබඳ ගැටළුව

2023 නොවැම්බර් 17 වැනි දින රස ගන්වන ලද දුම්වැටි අලෙවිය තහනම් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් අධිකරණ නියෝගය ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) රස ගන්වන ලද දුම්වැටි වටලා ලංකා දුම්කොළ සමාගමට එරෙහිව නඩු නඩු පවරන ලදී. ඒ අනුව, 2023 නොවැම්බර් 17 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් කැප්සියුල්, සහ ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ප්‍රෝ කූල් යන දුම්වැටි වර්ග විකිණීම තහනම් කරමින් අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තවද, දුම්කොළ සමාගම් වැනි ආයතන හා සම්බන්ධ නීතිමය කටයුතුවල විනිවිදභාවයේ වැදගත්කම අවධාරණය කරමින් අධිකරණ නියෝගය ප්‍රසිද්ධ කිරීමට අසාමාන්‍ය ලෙස ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඔහු අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.[13][14][15][16][17] වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ ශ්‍රී ලංකාවේ රස ගන්වන ලද දුම්වැටි පිළිබඳ සිද්ධි අධ්‍යයනය පිටුවට පිවිසෙන්න.

දුම්කොළ පාලනය සම්බන්ධයෙන් සෘණාත්මක මැදිහත්වීම්

බීඩි නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පොරොන්දු වීම

දැනට පවත්නා නීතිමය රාමුව තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ බීඩි කර්මාන්තයේ නියුතු දේශීය නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තමා කටයුතු කරන බව, සජිත් ප්‍රේමදාස ජනාධිපති මැතිවරණයට සමගාමීව වරකාපොළ ප්‍රදේශයේදී පැවැත්වූ මහජන රැළියකදී ප්‍රකාශ කළේ ය. [18]දේශීයව නිපදවන සිගරට් වැනි දුම්කොළ නිෂ්පාදනයක් වන බීඩි, විශාල ව්‍යාපාර ජාලයක් හා ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ ගෘහාශ්‍රිත කර්මාන්තයකි.වරකාපොළ රැළියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාස ප්‍රමුඛ පෙළේ බීඩි නිෂ්පාදන සමාගමක හිමිකරුවෙකි. වැඩි විස්තර සඳහා අපගේ චම්පිකා ප්‍රේමදාස පිටුව වෙත පිවිසෙන්න.

රූපය 2: ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බීඩි කර්මාන්තය පිළිබඳව සිදු කළ කතාව. මූලාශ්‍රය: අද දෙරණ[18]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Daily News.Sajith Premadasa, 16 November 2019, Accessed January 2024
  2. 2.0 2.1 Daily Ft. Book on Sajith Premadasa out next month, 12 January 2019, accessed November 2019
  3. 3.0 3.1 OFFICE OF SAJITH PREMADASA. About- Sajith Premadasa, 2019, accessed November 2019
  4. NDTV. Sajith Premadasa Appointed As Sri Lanka Opposition Leader, 05 December 2019, accessed January 2024
  5. Krishan Francis. Sri Lanka’s governing party picks Premadasa as candidate, 26 September, 2019, accessed November 2019
  6. adaderana.lk. ‘Samagi Jana Balawegaya’ launched, 2 March 2020, accessed January 2024
  7. News 1st. Sajith Premadasa appointed as the opposition leader, 05 December 2019, accessed January 2024
  8. 8.0 8.1 8.2 8.3 8.4 LinkedIn. Sajith Premadasa, 2019, Accessed December 2019
  9. Lankasara. UNP membership of 115 including Sajith’s canceled, 28 July 2020, accessed February 2024
  10. News 1st. 35 candidates on the final ballot for the Presidential Election, 7 October 2019, Accessed January 2024
  11. Samagi Jana Balwegaya. Official Website, 2022, accessed February 2024
  12. The Hindu. Sajith Premadasa named Opposition leader in Sri Lanka, 05 December 2019, Accessed December 2019
  13. Parliament of Sri Lanka. Parliamentary Debates (Hansard), 21 November 2023, accessed February 2024
  14. Lankasara. Opposition Leader Raises Concerns over Non-Publication of Court Decision on Flavored Cigarette Ban, 21 November 2023, accessed February 2024
  15. Tobacco Journal International. Sale of flavoured cigarette products stopped, 23 November 2023, accessed January 2024
  16. C P Samarawickrama. Sale of three flavored cigarette products stopped with immediate effect, Daily Mirror Online, 22 November 2023, accessed January 2023
  17. Daily Mirror Online. Sale of three flavoured cigarette products stopped with immediate effect, 22 November 2023, accessed January 2024
  18. 18.0 18.1 Derana TV. Ada Derana Main News at 6.55, 03 November 2019, accessed January 2024