මොහාන් පීරිස්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

මොහාන් පීරිස්, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස (2008 සිට 2011 දක්වා) සහ අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස (2013 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා ) සේවය කළේය. [1]

රූපය 1: මොහාන් පීරිස්. මූලාශ්‍රය: Newsfirst.lk[2]

ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතීඥවරයෙකි. ජනාධිපති නීතීඥ තනතුර බ්‍රිතාන්‍ය 'රැජිනගේ නීතිඥ' පත්වීම්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ නීතිඥයින් සඳහා ඉහළ තනතුරු පත් කිරීමකි. වෘත්තීය විශිෂ්ටත්වය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥයන් පත් කරනු ලබන්නේය. [1][3]

2013 වසරේදී අගවිනිසුරු ලෙස පීරිස් පත් කරනු ලැබුවේ මතභේදාත්මක තත්ත්වයක් යටතේය. එවකට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ මෙම පත් කිරීම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් ලෙස විවේචනයට ලක් වූ අතර අධිකරණයේදී අභියෝගයට ද ලක් විය. [1][4][5][6] මොහාන් පීරිස් තම සේවා කාලය තුල අධිකරණ කටයුතුවලට අනවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම හා පාලක දේශපාලන පක්ෂයට පක්ෂපාතී වීම හේතුවෙන් විවේචනයට ද ලක් විය. [7][8][9][10][11][12] විවාදයට තුඩු දුන් තත්ත්වයන් යටතේ අගවිනිසුරු ලෙස සේවය කල මොහාන් පිරිස්ගේ ධුර කාලය 2015 ජනවාරි මාසයේදී අවසන් විය. [13][9][14][15][10][16]

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඔහු නීතිඥවරියක වූ දයාංගනි ප්‍රියන්ති පීරිස් සමඟ විවාහ වී සිටියේය. 2008 දී ඔහු නීතිපතිවරයා ලෙස පත් කිරීමට පෙර රජයේ නීතිඥවරයෙකු ලෙස සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. ඔහු 2011 වර්ෂයේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූ අතර අගවිනිසුරුවරයා ලෙස පත් කරන තෙක් පුද්ගලික නීතිඥයෙකු ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග පරීක්ෂකවරයෙකු හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය. [1][17]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ඔහු, සිගරට් අසුරණ මත රූපමය සෞඛ්‍ය අවවාදවලට එරෙහිව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකු විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභිප්‍රාය වූයේ අසුරණයේ මතුපිටින් 80% ක් රූපමය සෞඛ්‍ය අවවාදවලින් ආවරණය කිරීමයි. රූපමය සෞඛ්‍ය අවවාද 50% ක් 60% ක් අතර අගයක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරන ලදී. [18][19] මෙම කාලය තුළ අග්‍ර විනිශ්චයකාරවරයා වූයේ මොහාන් පීරිස් ය. පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත්වූ එවකට සෞඛ්‍ය ඇමතිවරයා සහ මාධ්‍ය විසින් මෙම නඩුවට අනිසි ලෙස මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරන ලදී. [9][10][20] වැඩි විස්තර සඳහා සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුව බලන්න.

2006 වසරේදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනා පෙත්සමෙහි ඔහු නීති උපදේශකයකු විය.[21] ඉන්ද්‍රතිස්ස විසින් රචිත 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත විවරණය (Commentary on the NATA Act No 27 of 2006) යන පොත තුළ මොහාන් පීරිස් විසින් ලංකා දුම්කොළ සමාගමේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි බව වාර්තා කළේය. [22]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 Supreme Court Website. Hon. Mohan Peiris, PC: Chief Justice of the Supreme Court of Sri Lanka, undated, accessed May 2017
  2. Newsfirst.lk. Not retired, resigned or vacated – says Chief Justice Mohan Peiris, 1 February 2015, Accessed July 2020
  3. The Nation. Appointment of President’s Counsel, 28 March 2015, accessed May 2017
  4. Daily Mirror. Appointment of Mohan Peiris as CJ illegal: UNP, 16 January 2013, accessed May 2017
  5. Colombo Telegraph. CPA’s FR Challenge To Mohan Pieris’ De Facto CJ Appointment – 5 Judges Bow Down & CPA’s Counsels Bow Out In Protest, 25 July 2013, accessed May 2017
  6. International Commission of Jurists. Sri Lanka: appointment of new Chief Justice undermines Rule of Law, News: Press Releases, 15 January 2013, accessed May 2017
  7. Wikileaks Forum. Sri Lanka: Proof of Mohan Pieris Bench Fixing, 19 August 2013, accessed May 2017
  8. MailOnline. Lawyers demand Sri Lanka's top judge quits over coup claim, 17 January 2015, accessed May 2017
  9. 9.0 9.1 9.2 DailyMirror. President reveals why he removed Mohan Peiris, 17 February 2017, accessed May, 2017
  10. 10.0 10.1 10.2 Daily Mirror. PACK UP AND GO, MR. TOBACCO, 29 January 2015, accessed May 2017
  11. AsianMirror. Sarath N Silva Lashes Out At Mohan Peiris Over Trip To Vatican, 09 October 2014, accessed May 2017
  12. News1st. Writ petition filed against Former CJ Mohan Peiris, 02 February 2015, accessed May 2015
  13. Asian Tribune. Chief Justice Mohan Peiris Resigns, 22 January 2015, accessed May 2017
  14. News1st. Not retired, resigned or vacated – says Chief Justice Mohan Peiris, 01 February 2015, accessed May 2017
  15. SundayTimes. STATEMENT ISSUED BY MOHAN PEIRIS, 01 February 2015, accessed May 2017
  16. DailyMirror. Mohan Peiris to create public opinion, 2 February 2015, accessed May 2017
  17. NewsLanka. Mohan Peiris sworn in as new Chief Justice, 17 January 2013, accessed May 2017
  18. A Marsoof. Sri Lankan Court of Appeal balances tobacco trade mark rights and the promotion of public health, JIPLP, The weblog of the Journal of Intellectual Property Law and Practice, 12 May 2014, accessed May 2017
  19. HiruNews.lk. 60% PICTORIAL WARNING ON A CIGARETTE PACKET MADE COMPULSORY, 11 July 2014, accessed May 2017
  20. Lanka News Web. Chief Justice to shows Ceylon Tobacco how to win an appeal, Exclusive, 06 August 2013, accessed May 2017
  21. Supreme Court document. Intervenient Petition against National Authority on Tobacco and Alcohol Bill, 20 June 2006, accessed March 2017
  22. K Indatissa. Commentary on the NATA Act No 27 of 2006, 2008; ISBN: 978 955 51757 1 5