අනුර කුමාර දිසානායක

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1968 දී උපත ලැබූ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ දේශපලඥයෙකි. ඔහු විධිමත් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුරය, තඹුත්තේගම මධ්‍යම මහා විද්‍යාලයෙන් වන අතර, තෘතියික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පේරාදෙණිය සහ කැළණිය යන විශ්ව විද්‍යාල වලින් ලබාගෙන ඇත. [1][2]

ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාමාංශික දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. manthri.lk යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීම සඳහා වන වෙබ් පිටුවක් වන අතර, එහි ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අනුර කුමාර දිසානායකගේ 'වෙළඳ හා කර්මාන්ත' සහ 'ආර්ථිකය හා මූල්‍ය' යන මාතෘකා හා සම්බන්ධ වීම "හොඳ” මට්ටමක පවතී.[2]

2019 නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරණය සඳහා අනුර කුමාර 2019 අගෝස්තු මාසයේදී ජාතික ජන බල වේගයේ (NPP) අපේක්ෂකයා ලෙස නම් කරන ලදී. ජාතික ජන බල වේගය යනු ජනාධිපතිවරණය අරමුණු කර ගනිමින් දේශපාලන පක්ෂ හා ව්‍යාපාර කිහිපයක් විසින් පිහිටුවන ලද සන්ධානයකි.[3] ලබා ගත් ඡන්දවලට අනුව තෙවන ස්ථානයට පත් වූ ඔහු 3.16% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තේය.[4]

රූපය 1: අනුර කුමාර දිසානායක. මූලාශ්‍රය: නිව්ස් 1st.[5]

දේශපාලනික / රජයේ දරන ලද තනතුරු

  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 2000 සිට[6]
  • කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය - 2004[1]
  • ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායක - 2014 සිට [7]
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ නායක - 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා [8]

දුම්කොළ කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්

ජලාශ අලුත්වැඩියා කිරීම සඳහා දුම්කොළ සමාගමෙන් අරමුදල් ලබා ගැනීම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක කටයුතු කළ කාලය තුළ ඔහු විසින් කෘෂිකාර්මික ප්‍රදේශවල පිහිටි වැව් අමුණු හෙළි පෙහෙළි කොට ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය හා අලෙවියේ ඒකාධිකාරිය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) විසිනි.[9][10]

දෙවන රූපයෙන් දැක්වෙන්නේ 2004 දෙසැම්බර් 17 වන දින සිල්වත්ගම වැවේ නැවත විවෘත කිරීම සිහිපත් කරන සමරු ඵලකයේ ඡායාරූපයකි. සමරු ඵලකයට අනුව, වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 'සම්පූර්ණ' මූල්‍ය අනුග්‍රහය ලංකා දුම්කොළ සමාගමෙන් වන අතර, ගොවි ජනතාවගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කළ බව සටහන්ව ඇත. සමරු ඵලකයේ තවදුරටත් සඳහන් වන දේශපාලඥයන් වූයේ කෘෂිකර්ම, සත්ව පාලනය, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය අනුර කුමාර දිසානායක, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුජාතා අලහකෝන් යන අය වේ.

රූපය 2: 2004 දෙසැම්බර් 17 වන දින සිල්වත්ගම වැව නැවත විවෘත කිරීම සිහිපත් කරන සමරු ඵලකය. මූලාශ්‍රය: TobaccoUnmasked.[11]

ලංකා දුම්කොළ සමාගමේ “ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති” සමඟ ඔහු සම්බන්ධ වීම පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන විසින් 2014 දී පැවති මාධ්‍ය හමුවකදී විවේචනය කරන ලදී.[12]

2019 ජනාධිපතිවරණයෙන් පසුව, පක්ෂයේ හිටපු ආධාරකරුවෙකු වූ මහාචාර්ය අතුල සුමතිපාල, ලංකා දුම්කොළ සමාගම (CTC) සමඟ අනුර කුමාර දිසානායකගේ සම්බන්ධතාවය “අරුණ” ජාතික පුවත්පතෙහි පළ වූ ලිපියක විවේචනය කළේය.[13]

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සිගරට් නිෂ්පානදය කිරීම සඳහා අවශ්‍ය දුම්කොළ දේශීයව වගා කිරීම සිදු කරන අතර, එමඟින් ඔවුන් ගොවීන් හා ආහාර නිෂ්පාදනය සඳහා ඇති සීමිත භූමි සම්පත් සූරාකන බවට විවේචනයට ලක් ඇත.[14][15]

කරුණාකර කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම සහ ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව පවත්වා ගෙන යාමට ලංකා දුම්කොළ සමාගම දරන උත්සහයන් යන පිටු බලන්න.

TobaccoUnmasked සම්පත්

Notes

  1. 1.0 1.1 Facebook Profile. Anura Kumara Dissanayake, 2019, Accessed January 2019
  2. 2.0 2.1 Manthri.lk. Anura Kumara Dissanayake Member of Parliament (MP), 2016-2017, Accessed January 2019
  3. adaderana.lk. Anura Kumara Dissanayake named presidential candidate, 18 August 2019, Accessed September 2019
  4. Department of Elections. Presidential Election 2019, 2019, accessed November 2019
  5. NewsFirst.lk. Anura Kumara Dissanayake Asks for Five Years to Build the Country, website, 13 August 2015, Accessed September 2019
  6. People’s Liberation Front. A Brief History of the JVP (Peoples Liberation Front) Sri Lanka, 1999-2016, Accessed January 2019
  7. People’s Liberation Front.Political Bureau, 1999-2016, Accessed January 2019
  8. Parliament of Sri Lanka. Chief Opposition Whips, 18 December 2018, Accessed January 2019
  9. Ceylon Tobacco Company. Annual report 2009, 2010, Accessed January 2019
  10. Ceylon Tobacco Company. Annual report 2010, 2011, Accessed January 2019
  11. TobaccoUnmasked Ministry of Agriculture: Ministers and Officials, 28 June 2019, Accessed September 2019
  12. M. Mudugamuwa. Invisible hand blocking pictorial warnings – Cancer Care Association Tobacco kills 55 persons daily The Island, 8 May 2014, Accessed January 2019
  13. Athula Sumathipala. [1], 20 November 2019, Accessed November 2019
  14. M. M. Krishan. Tobacco farmers' hopes turn into debt, DailyNews.lk, 01 February 2019, Accessed September 2019
  15. Centre for Combating Tobacco. Tobacco Cultivation in Sri Lanka: Past, Present and the Future, Fact Sheet, 27 February 2018