රුක්ෂාන් ගුණතිලක

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: රුක්ෂාන් ගුණතිලක (දකුණු කෙළවරේ) ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කණ්ඩායම සමග ගලේවෙල දුම්කොළ ගොවිපලක සංචාරය කිරීම [1]

රුක්ෂාන් ගුණතිලක, 2016 ජූලි මස සිට ලංකා දුම්කොළ සමාගමේ සැපයුම් දාම අධ්‍යක්ෂක වේ (රූපය 1). [2][3] කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හා පශ්චාත් උපාධිය සම්පූර්ණ කළේය. [2][4]


දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය

"බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම් (BAT) ජාලය තුළ ක්‍රියාත්මක වන වෙළඳපලවල පුරා වසර 20 ක අත්දැකීම්" ඔහු සතු බව මාධ්‍ය වාර්තා කරයි. [4] ඔහු දරන ලද තනතුරු සහ රටවල් පහත පරිදි වේ.

  • ශ්‍රී ලංකාව - දුම්කොළ මෙහෙයුම් ප‍්‍රධානී. මෙම කාල පරිච්ජේදය තුළ දුම්කොළ වගා බිම්වල උප වගාවක් ලෙස බඩ ඉරිඟු වගාව හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධකම් පැවැත් වූ බවට වාර්තා වේ. [4][5]
  • වියට්නාමය - දුම්කොළ මෙහෙයුම් කළමනාකරු [4]
  • උස්බෙකිස්තානය - දුම්කොළ අධ්‍යක්ෂක [4]
  • මැසිඩෝනියාව - ආසියා පැසිෆික් කලාපය සඳහා කලාපීය කෘෂි විද්‍යා කළමනාකරු [4]

සමගාමීව රාජ්‍ය ආයතනවල දරන ලද තනතුරු

රාජ්‍ය විශ්ව විද්‍යාල වල කෘෂිකර්ම උපාධිධාරීන් සඳහා උපාධි හා පශ්චාත් උපාධි ඉගැන්වීම සම්බන්ධව ගුණතිලක කටයුතු කළේය.

  • උපාධි අධ්‍යයන පීඨ මණ්ඩලයේ සාමාජික, සබරගමුව විශ්ව විද්‍යාලය[6]
  • ව්‍යවහාරික විද්‍යා පීඨ මණ්ඩලයේ සාමාජික, සබරගමුව විශ්ව විද්‍යාලය (2004 - 2008) [2][4]
  • බාහිර කථිකාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය [4]
  • බාහිර පරීක්ෂක, පශ්චාත් උපාධි කෘෂිකර්ම ආයතනය [4]

දුම්කොළ සමාගමේ සේවය කිරීමට පෙර හෝ පසු රාජ්‍ය ආයතන වල දැරූ තනතුරු

දුම්කොළ කර්මාන්තයේ තම රැකියාවට පෙර (1995-1996) ඔහු හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ අතිරේක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරන ලදී. [2]

වෙනත් (රාජ්‍ය නොවන) ආයතනවල දරන ලද තනතුරු

ඔහු ලංකා දුම්කොළ සමාගමේ රැකියාවට පෙර පහත සඳහන් රැකියාවල නිරත විය. [2]

  • නෙස්ලේ (දකුණු ආසියාව) - නිෂ්පාදන විධායක (1993-1994)
  • තලවකැලේ තේ වතු සමාගම - සහකාර කළමනාකරු (1996-1997)

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳි

මූලාශ්‍ර

  1. Daily FT. The Tobacco Farmers of Glewela, 11 October 2016, accessed July 2017
  2. 2.0 2.1 2.2 2.3 2.4 R Gunatilaka. LinkedIn Profile, 2017, accessed March 2017
  3. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed March 2017
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 Mirror Business. CTC appoints Rukshan Gunatilaka as Supply Chain Director, 25 August 2016, accessed March 2017
  5. The Island Online. Govt. goes to Tobacco for maize, 30 August 2007, accessed March 2017
  6. University of Sabaragamuwa Website. Faculty of Graduate Studies, 2017, accessed March 2017