මහකුඹුක්කඩවල සිගරට්වලින් තොර වූ ගම්මාන

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

2017 සැප්තැම්බර් 19 වන දින කොළඹදී පැවති දුම්කොළ / මද්‍යසාර පාලනය කිරීම සහ එම කර්මාන්ත වල අත පෙවීම් වලට එරෙහිව ප්‍රජා මූල මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ දී එච්.එම්.එල්. අශෝක විසින් ඉදිරිපත් කිරීම සහ ඒ අනුව TobaccoUnmasked කණ්ඩායම විසින් සිදු කළ පසු සම්මුඛ සාකච්ඡාවක් මත මෙම ලිපිය පදනම් වී ඇත.[1]

පසුබිම

මහකුඹුක්කඩවල යනු 16,905 ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාමීය ප්‍රදේශයකි.[2]මෙම ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ ගොවිතැන, සත්ව පාලනය සහ කම්කරු කටයුතු වේ. එච්.එම්.එල්. අශෝක විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, එහි ප්‍රජාව විසින් සිගරට් සඳහා වාර්ෂික ව දරන වියදමෙහි සාමාන්‍යය රුපියල් මිලියන 6.7 ක් පමණ වේ.[1]

දුම්කොළ පාලනය කිරීම සඳහා ප්‍රජා මූල මට්ටමේ ක්‍රියාමාර්ග

තම වෙළඳසැල්වල දුම්කොළ නිෂ්පාදන අලෙවි කළ වෙළඳසැල් හිමියන් ඉලක්ක කර ගනිමින් මහකුඹුක්කඩවල දී වැඩසටහනක් පවත්වන ලදී. වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වූයේ ප්‍රදේශයේ සිගරට් සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන ලබා ගැනීමට ඇති අවස්ථාව අවම කිරීමයි. මෙම ක්‍රියාවන්ට නායකත්වය ලබා දුන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) වන සහ මෙය ඉදිරිපත් කරන ලද එච්.එම්.එල්. අශෝක විසිනි.[1]

රූපය 1: “මහකුඹුක්කඩවල” සිගරට්වලින් තොර ගම්මානයක් බවට පත් වීම 'දේශය' පුවත්පත වාර්තා කිරීම [3]

මැදිහත්වීම

ප්‍රජා උපදේශකයින් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද සාකච්ඡා මාලාවක් වෙළඳසැල් හිමියන් සමඟ පවත්වන ලදී. ඉන් බහුතරයක් මෙයට සහය දැක්වීමට සහ සිගරට් අලෙවිය නැවැත්වීමට ඔවුන්ගේ කැමැත්ත පෙන්නුම් කළහ. මෙය ප්‍රජාව විසින් මෙහෙයවන දුම්කොළ පාලන වැඩසටහනක් බවට පත් කර ගැනීම සඳහා අලෙවිකරුවන් විසින් ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ගත්හ. අලෙවිකරුවන්ගේ වෘත්තීය සමිති සාමාජිකයින් තම වෙළඳසැල් සඳහා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීම නැවැත්වීමටත්, දැනටමත් මිලදී ගෙන ඇති දුම්කොළ නිෂ්පාදන නිශ්චිත දිනයකින් ඉවත් කිරීමටත් සාකච්ඡාවෙන් පසු තීරණය කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහකුඹුක්කඩවල දුම්කොළ රහිත ප්‍රදේශයක් බවට පත්විය. ඒ සඳහා වෘත්තීය සමිති සාමාජිකයින්ගෙන් ලද සහයෝගය අගය කිරීම සඳහා සාමාන්‍ය ජනතාව විසින් උත්සව සංවිධානය කළ අතර ඔවුන්ට ඇගයීම් සහතික පිරිනමන ලදී. සිගරට් මිලදී නොගැනීම නිසා ඉතිරි වූ මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කිරීමට ගම්වැසියන්ට හැකි වූ බව වාර්තා විය. මෙම මැදිහත්වීම සඳහා ධනාත්මක මාධ්‍ය ආවරණයක් (රූපය 1) ලද අතර 2016 වසරේ දී මේ සඳහා ජනාධිපති ඇගයීම් සම්මානයක් පිරි නැමීය (රූපය 2).[1]

රූපය 2: එච්.එම්.එල් අශෝක 2016 වසරේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඇගයීම් සම්මානයක් ලැබීම[4]

කර්මාන්තයේ අත පෙවීම

මහජන සෞඛ්‍ය පරීක්ෂක අශෝකගේ සාරාංශ ඉදිරිපත් කිරීමේදී සහ ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී මෙම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයන් ලෙස පහත සඳහන් ක්‍රියාකාරකම් වාර්තා විය:[1][5]

  • PHI කාර්යාලයේ ගේට්ටුව මත ලිඛිත මරණ තර්ජන පළ කිරීම.
  • PHI කාර්යාලයේ නාම පුවරුව විනාශ කිරීම.
  • නිවෙස්වල බලපත්‍ර රහිත සිගරට් අලෙවිසැල් විවෘත කිරීම.
  • ලංකා දුම්කොළ සමාගමේ (CTC) අලෙවි ඒජන්තවරු සිගරට් අලෙවිය නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙන්දන් අතර කටකතා පැතිරවීම.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 HM Lalith Ashoka, B Wijegunarathna, PK Abesingha, RP Abeyrathna, 2017, Mahakumbukkadawala; An area free of cigarettes smoke, In: Symposium on Grass Root level actions to control alcohol and tobacco,19 September, 2017
  2. Department of Census and Statistics. Census of Population and Housing 2012 – Final Report, 2013, accessed December 2017
  3. Deshaya. Sigarette beema navathvu gamak. 18 December 2016
  4. HML Asoka. Photograph of receiving the award. Personal communication
  5. HML Asoka. Interview record. 01 December 2017