වීරකැටිය පොලිස් ස්ථානය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පාලනය කිරීම සඳහා වන ප්‍රධාන නියාමන රාමුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත වේ.

පොලිස් නිලධාරීන් යනු එය බලාත්මක කිරීමට වගකිව යුතු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් හතර දෙනාගෙන් එක් කොටසකි. (මහජන සෞඛ්‍ය පරීක්ෂක, සුරාබදු නිලධාරී සහ ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් අනෙක් නිලධාරීන් වේ.)

පොලිස් ස්ථානයක් ඉදි කිරීම සඳහා දුම්කොළ සමාගමේ පරිත්‍යාග

2014 ජුලි මාසයේ දී වීරකැටියෙහි “ඒ” ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාග සිදු කළ බව ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තා සඳහන් කරයි. වීරකැටිය යනු දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශයක් වන අතර 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් ස්ථානය ද වේ.[1][2][3][4][5][6]

රූපය 1: වීරකැටියෙහි “ඒ” ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් ඉදි කිරීම වාර්තා කරන 2014 වර්ෂයේ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව[4]

ලංකා දුම්කොළ සමාගමේ 2013 වාර්ෂික වාර්තාවට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම ඉදිකිරීම සිදු කරන ලද අතර ලංකා දුම්කොළ සමාගමේ අරමුදල්වලින් ඉදිකරන ලද තුන්වන පොලිස් ස්ථානය මෙයයි. මාන්කුලම් සහ කිලිනොච්චි පොලිස් ස්ථාන එසේ ඉදි කරන ලද පළමු හා දෙවන පොලිස් ස්ථාන වන අතර රටෙහි උතුරු කොටසේ පිහිටා ඇත. මේ අනුව, ලංකා දුම්කොළ සමාගමේ අරමුදලින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නැවත ගොඩ නඟන ලද පළමුවැනි සහ එකම (2018 දෙසැම්බර් වන විට) පොලිස් ස්ථානය වීරකැටිය පොලිස් ස්ථානයයි[6]. ලංකා දුම්කොළ සමාගමේ 2014 වාර්ෂික වාර්තාවට අනුව එහි ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා හමුදාවේ සහාය ද සහිතවය. [5] වැඩි විස්තර සඳහා කිලිනොච්චි හා මාන්කුලම් පොලිස් ස්ථාන නැවත විවෘත කිරීම පිටුවට පිවිසෙන්න.

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජනය

2014 ජුලි මාසයේ පළ වූ පුවත්පත් වාර්තාවකට අනුව, මෙම පරිත්‍යාගයෙන් කොටසක් ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆෙලිසියෝ ෆෙරස් විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී භාර දෙන ලදී[1].

බලපෑම

මෙම පරිත්‍යාගය සඳහා ජාතික මට්ටමින් ධනාත්මක මාධ්‍ය ආවරණයක් ලැබුණි. ඩේලි එෆ්ටී පුවත්පත සහ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සිදු කළ මෙම මූල්‍ය පරිත්‍යාගය එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆෙලිසියෝ ෆෙරස් සහ ලංකා දුම්කොළ සමාගමේ නීති හා විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනේෂ් ධර්මදාස යන අයගේ පින්තූර සහිතව වාර්තා කරන ලදී.[1][7]

රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆෙලිසියෝ ෆෙරස් විසින් එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත 2014 ජූලි මස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පරිත්‍යාගය භාරදීම.[7]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Daily FT. CTC assistance for new police station in Weeraketiya, 14 July 2014, accessed October 2018
  2. Ceylon Tobacco Company PLC. CTC Annual Report 2017 2018, accessed October 2018
  3. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  4. 4.0 4.1 Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed May 2017
  5. 5.0 5.1 Ceylon Tobacco Company PLC. Annual Report 2014, 2015, accessed May 2017
  6. 6.0 6.1 Ceylon Tobacco Company PLC. Annual Report 2013, 2014, accessed May 2017
  7. 7.0 7.1 Ministry of Defence Sri Lanka Website. CTC assists for the new police station in Weeraketiya accessed on 04 October 2018