ලංකා දුම්කොළ සමාගමේ ජාත්‍යන්තර සබඳතා: පැපුවා නිව්ගිනියාව

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil
PNG.png

පසුබිම

පැපුවා නිව්ගිනියාව යනු නිව් ගිනියා දූපතේ නැගෙනහිර අර්ධයයි. එය නිදහස ප්‍රකාශයට පත් කරන තෙක් 1902 සිට 1975 දක්වා ඕස්ට්‍රේලියාව විසින් පාලනය කරන ලදී. ජනගහනය මිලියන 6.7 ඉක්මවන අතර ඉන් බහුතරය (87%) ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ය. ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 3,500 ක් වන (ක්‍රය ශක්ති සාම්‍යය- purchasing power parity මත පදනම්ව, එය රටවල් අතර ආර්ථික ඵලදායිතාව සහ ජීවන තත්ත්වයන් සංසන්දනය කිරීම සඳහා වන දර්ශකයකි) අතර එය 2016 වසරේ දී 230 න් 184 වන ස්ථානයේ පසු විය.[1]

පැපුවා නිව්ගිනියාවේ දුම්කොළ භාවිතය

ටුබැකෝ ඇට්ලස් හි පවතින පැපුවා නිව්ගිනියාවේ තොරතුරු පත්‍රිකාවට අනුව, පුරුෂයින් හා කාන්තාවන් අතර දෛනික දුම්පානයේ ව්‍යාප්තිය පිළිවෙලින් 51.2% සහ 21.5% ක් වේ. පැපුවා නිව්ගිනියාවේ පිරිමි ළමුන් 52.1% ක් හා ගැහැනු ළමයින් 35.8% ක් දිනපතා දුම්කොළ භාවිතා කරන්නන් බව එම තොරතුරු පත්‍රිකාව ම වාර්තා කරයි.[2] 2015 වර්ෂයේදී වැඩිම දුම් පානය කරන රටවල් 10 අතරට පැපුවා නිව්ගිනියාව ශ්‍රේණිගත විය.[3]

ගෝලීය දුම්කොළ වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 වසරේ වාර්තාවේ පැපුවා නිව්ගිනියාව තුළ දුර්වල ලෙස දුම්කොළ පාලන ක්‍රමෝපායන් ක්‍රියාත්මක වීම සිදුවන බවට වාර්තා කරයි.[4]

පැපුවා නිව්ගිනියාවේ දුම්කොළ කර්මාන්තය 1960 දශකයේ සිට පැපුවා නිව්ගිනියාවේ ක්‍රියාකාරී බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ (PNG ) සමාගම සම්පුර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ (ඔස්ට්‍රේලියා) සමාගමට අයත් වේ.[5][6] පැපුවා නිව්ගිනියාවේ සිගරට් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) ඒකාධිකාරය දරයි.[7]

පැපුවා නිව්ගිනියාව සමඟ ලංකා දුම්කොළ සමාගමේ සම්බන්ධතා

ලංකා දුම්කොළ සමාගමේ (CTC) එවකට නිෂ්පාදන අංශ ප්‍රධානී රමේෂ් නානායක්කාර 2016 සැප්තැම්බර් සිට වසර දෙකක් සඳහා පැපුවා නිව්ගිනියාවේ කර්මාන්තශාලා කළමනාකරු ලෙස පත් කරන ලදී.[8]

ශ්‍රී ලංකාවේ ඩේලි මිරර් පුවත්පතෙහි වාර්තා වන පරිදි, “ජාත්‍යන්තර පත් කිරීම යනු පුළුල් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම් (BAT) ජාලයේ සංවර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුම බෙදාහදා ගැනීම සහ සාර්ථක උපාය මාර්ග බෙදා හැරීම සඳහා පෙරමුණ ගන්නා තවත් සමාගම් මුලපිරීමකි". “පැපුවා නිව්ගිනියාවේ රමේෂ්ගේ ස්ථාවරය ඵලදායී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහාය වනු ඇති අතර එය වෙළඳපොලේ ඇති මෙහෙයුම් අභියෝග ජය ගැනීමට උපකාරී වන ඇතැයි විශ්වාස කරමි” යනුවෙන් එම වාර්තාවම උපුටා දක්වමින් ලංකා දුම්කොළ සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂ මයිකල් කොස්ට් පැවසීය.[8]

Tobacco Unmasked සම්පත්

අදාළ සබැඳි

මූලාශ්‍ර

  1. Central Intelligence Agency (CIA). East & Southeast Asia: Papua New Guinea, The World Fact Book, 12 January 2017, accessed February 2017
  2. Eriksen M, Mackay J, Schulaer N, et al. Papua New Guinea: Country Fact Sheet, Tobacco Atlas 2015, accessed February 2017
  3. Callik R. Papua New Guinea to crack down on rampant smoking, The Australian, 3 June 2015, accessed February 2017
  4. World Health Organization. Country Profile: Papua New Guinea, WHO Report on the Global Tobacco Epidemic, 2015, accessed February 2017
  5. British American Tobacco Australia. Our Area, undated, accessed February 2017
  6. British American Tobacco. Principal subsidiary undertakings, 2007, accessed February 2017
  7. Nanol F. PNG businesses slam flourishing black market trade, Radio Australia, 22 June 2009, accessed February 2017
  8. 8.0 8.1 Daily Mirror (Sri Lanka). CTC reiterates commitment to efficiency improvement across BAT network, 6 September 2016, Press Reader, accessed February 2017