කේ. එම්. කේ. ඊ. හඳුන්සූරිය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

කේ.එම්.කේ. ඊ. හඳුන්සූරිය මහනුවර දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක (රූපය 1) ලෙස සේවය කරයි.[1]

රූපය 1: අභිෂේක සහතිකය පිළිබඳ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් I (DDGPHS I) විසින් ලියන ලද ලිපිය [1]

දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක යනු දිස්ත්‍රික්ක මට්ටමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධීක්ෂණය කරන නිළධාරියා වන අතර ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සම්බන්ධව පවතින ප්‍රධාන නීතිමය රාමුව වන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත යටතේ බලයලත් නිලධාරී කාණ්ඩ සතරෙන් එක කාණ්ඩයකි. [2][3]

දුම්කොළ සමාගම ආශ්‍රිත ක‍්‍රියාකාරකම්

අභිෂේක සහතිකයට අත්සන් තැබීම

කේ.එම්.කේ. ඊ. හඳුන්සූරිය විසින් සිගරට් අලෙවිකරුවන් දිරිමත් කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් පවත්වනු ලබන වෙළඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් වන "අභිෂේක" වැඩ සටහනේ සහතික පත්‍රවලට අත්සන් තබා ඇත.[4]

රූපය 2: කේ.එම්.කේ. ඊ. හඳුන්සූරිය විසින් අත්සන් කරන ලද අභිෂේක සහතිකය [4]

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් පවත්වන ක්‍රියාකාරකම්වලට අනුග‍්‍රාහකත්වය ලබාගැනීම

ලංකා දුම්කොළ සමාගමේ බෙදාහරින්නෙක් වන ගාමණී බ්‍රදර්ස් වෙතින් අනුග්‍රාහකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් කේ.එම්.කේ. ඊ. හඳුන්සූරියට චෝදනා එල්ල විය. (රූපය 3) [5][6]

වැඩි විස්තර සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රාහකත්වය ලබා දීම සහ අරුණදිසි වෙළඳ (පුද්ගලික) සමාගම පිටු බලන්න.

රූපය 3: ගාමණී බ්‍රදර්ස් වෙතින් අනුග්‍රාහකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් කේ.එම්.කේ. ඊ. හඳුන්සූරියට චෝදනා කරන ලිපිය[6]

Tobacco unmasked සම්පත්


මූලාශ‍්‍ර

  1. 1.0 1.1 S Amunugama. Letter to Provincial Director of Health Services, Central Province by the Deputy Director General of Health Services. 31 May 2017
  2. Ministry of Health. PHI Manual, undated, The Public Health Inspectors’ Union of Sri Lanka, accessed April 2018
  3. National Authority on Tobacco and Alcohol (NATA). Website, 2010, accessed April 2018
  4. 4.0 4.1 PASC Lakmal. Photograph of Abisheka Certificate, Personal Collection, 28 April 2017
  5. 6.0 6.1 PASC Lakmal, Letter on Public Health Inspectors’ Union, Central Province, District Cricket Tournament, 02 April 2017