එච්.ආර්. ජෝතිපාල

From Tobacco Unmasked Sinhala
Revision as of 03:52, 22 September 2020 by Reportercct.sinhala (talk | contribs) (Created page with "125px|right|TobaccoUnmasked_English|link=http://www.tobaccounmasked.com/index.php/HR_Jothipala File:Tamil-new.jpg |125px|right|TobaccoUnmasked_Tamil|link=...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil
රූපය 1: එච්.ආර්. ජෝතිපාල[1]

‘ජෝති’ ලෙස ජනප්‍රිය වූ එච්.ආර්. ජෝතිපාල (රූපය 1) ශ්‍රී ලාංකික ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් විය. ඔහු දශක තුනක සිය වෘත්තීය ජීවිතය තුළ ගීත 5,000 කට වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇති බව වාර්තා වේ. ඔහු සිංහල සිනමාවේ පසුබිම් ගායකයෙකු ලෙස චිත්‍රපට 200 කට වැඩි ගණනක ගායනා කරමින් ජනප්‍රියත්වයට පත් විය.[2][3]

ජෝතිපාල, හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ශ්‍රී ලංකාවේ දෙමටගොඩ ප්‍රදේශයේ උපත ලැබුවේ ය.[4] ඔහු මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.[3] ඔහු දුම් පානය කරන්නෙකු සහ මත්පැන් පානය කරන්නෙකු විය.[5] දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වූ ඔහු වයස අවුරුදු 51 දී මිය ගියේය.[6] “මත්පැන් භාවිතය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍ය වීම” ඔහුගේ මරණයට හේතු වූ බව ඔහු මියගිය පෞද්ගලික රෝහලේ හෙදියක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ ය.[7]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ජෝතිපාල නිතරම CEAC සංදර්ශනවලට සහභාගී වූ අතර එය 1970 දශකයේ දී ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් අනුග්‍රහය දක්වන ලද සහ CEAC එන්ටර්ටේන්මන්ට් විසින් සංවිධානය කරන ලද මහජන ප්‍රසංග මාලාවක් විය. ලංකා දුම්කොළ සමාගමෙහි හිටපු සේවකයෙකු වාර්තා කරන ලද පරිදි, මෙම සංදර්ශන ග්‍රාමීය ඌන සංවර්ධිත ප්‍රදේශවල ඔහුගේ රසිකයන් විශාල වශයෙන් ආකර්ෂණය කර ගත් අතර ඔවුහු ප්‍රසංග නැරඹීම සඳහා කුඩා දරුවන් ද රැගෙන ආහ.[2]

දුම්කොළ කර්මාන්තය සමඟ සම්බන්ධතා

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ගීත රචකයෙකු වන ආචාර්ය අජන්තා රණංසිංහ මහතා ජාතික ඉරිදා පුවත්පතකට (රූපය 2) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ දුම්කොළ සමාගමක නියෝජිතයන් දෙදෙනෙකු විසින් “තොල්වල සිගරට් එකක් සහිත ඡායාරූපයක්” ගැනීම සඳහා ජෝතිපාල වරක් හමු වූ බවයි. ආචාර්ය රණසිංහට අනුව, ජෝතිපාල “මම මේකට කැමති නැහැ. සිගරට් බොන එක නරක පුරුද්දක්. දැන් මම ඒක අත හැර ගන්න බැරුව ඉන්නේ. මම මේ විදියට සිගරට් එකක් බොනව පින්තුරෙකින් දැක්කම තරුණ අයත් ජෝති කරනවනම් අපිටත් හොඳයි කියල සිගරට් බොනවා. මම කැමති නැහැ එහෙම වෙනවට” ලෙස ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට සඳහන් වේ.[5]

රූපය 2: සිගරට් සමාගමක් වෙළඳ දැන්වීමක් සඳහා ජෝතිපාල හා සම්බන්ධ වූ ආකාරය වාර්තා කරන ආචාර්ය අජන්තා රණසිංහ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක පුවත්පත් ලිපිය[5]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. Google Images, HR Jothipala, 2017, accessed February 2017
  2. 2.0 2.1 Dee Cee. Jothi: Making waves then and now, 15 August 2010, Kala Corner, Wijeya News Papers Limited, accessed February 2017
  3. 3.0 3.1 Uvais R. Jothi, always alive in our hearts, 29 July 2003, Daily Mirror Online, accessed February 2017
  4. Weerakkody K. He lives in the heart of his fans, undated, Leisure, Island.lk, accessed February 2017
  5. 5.0 5.1 5.2 Silva N. Jothi Kiyanne Puduma Manussakam Thibuan Gayakayek: Acharya Ajantha Ranasinhge, 7 July 2013, Rivira: Rivisarasi, accessed February 2017
  6. Jayawardana R. Immortal Jothi, 2 July 2008, Daily News Archives, accessed February 2017
  7. FMDerana.lk. HR Jothipala, Undated, accessed February 2017