SADP Ultra

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP), ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) මෙය 2005 වසරේ දී ඔවුන්ගේ මව් සමාගම වන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන තේමාව වන "තිරසාර කෘෂිකර්ම හා පරිසරය" හා සමගාමීව ආරම්භ කරන ලදී. මෙමගින් තෝරාගත් ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් වලට ගෙවතු වගාව හා සත්ව පාලනය හරහා ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික හා අනෙකුත් යෙදවුම් සපයා දී ඇත. (කරුණාකර වැඩි විස්තර සඳහා තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) බලන්න) [1][2]

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි නවතම ප්‍රභේදය වන SADP Ultra වැඩසටහන දුම්කොළ ගොවීන් ඉලක්ක කර ගනිමින් 2013 වසරේ දී දියත් කරන ලදී. තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි අනෙකුත් ප්‍රභේදයන් සමඟ සැසඳීමේදී වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් (පවුල් 4,100 ක්) මෙම වැඩසටහන සතු වේ. ලංකා දුම්කොළ සමාගමට අනුව " බඩඉරිඟු වැනි මුදල් බෝග වගාවන් හා අනෙකුත් ගෙවතු වගාවන් දුම්කොළ ක්ෂේත්‍ර වල ප්‍රවර්ධනය කිරීම" මෙහි අරමුණ විය. "ගොවි ජාලයක් ගොඩනැගීම හා ශක්තිමත් කිරීම සඳහා සහ සුදුසුම ක්‍රමවේදයන් බෙදා ගැනීමට ඵලදායී වේදිකාවක් සැපයීම" සඳහා උදව් වන "ගොවීන් සහ බාන් හිමියන්" සමග "අඛණ්ඩව ක්‍රියාත්මක වන මැදිහත් වීමේ ක්‍රමයක් ලෙස ලංකා දුම්කොළ සමාගම (CTC) මෙය හඳුන්වයි. [1]

මාධ්‍ය වාර්තාවලට අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. [3]

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන

ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව SADP Ultra වැඩසටහන සඳහා 2016 දී ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 4.6 ක් ආයෝජනය කර ඇත. [1]

බලපෑම

SADP Ultra වැඩසටහන ආරම්භයේ සිට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 4,100 ක් බව ලංකා දුම්කොළ සමාගම (CTC) 2016 වසරේදී වාර්තා කරන ලදී.[1]වැඩිම පවුල් සංඛ්‍යාවක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ද (1,240) ඊට ආසන්නම පවුල් සංඛ්‍යාවක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද (1,168) වාර්තා විය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අනෙක් දිස්ත්‍රික්ක වූයේ අනුරාධපුරය (පවුල් 600), අම්පාර (පවුල් 346), කුරුණෑගල (පවුල් 300), මහනුවර (පවුල් 300) සහ බදුල්ල (පවුල් 146) යන දිස්ත්‍රික්ක ය. ලංකා දුම්කොළ සමාගමට අනුව "ඉඩම්වල ජෛව විවිධත්වය වැඩි කිරීම, පසේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ගොවීන්ට අතිරේක ආදායම් මාර්ගයක් ලබා දීම" මෙහි ප්‍රතිලාභ විය.[1]

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) සඳහා මෙන්ම SADP Ultra වැඩසටහන සඳහා ද ලද ධනාත්මක මාධ්‍ය ආවරණය පහත දැක්වෙන උදාහරණවලින් පිළිබිඹු වේ.

රූපය 1: SADP Ultra වැඩසටහන සඳහා ලද ධනාත්මක මාධ්‍ය ආවරණය [3]
  • Sunday Times - Ceylon Tobacco’s benefit to the economy: Rs. 32.7 bln in taxes in 1st half 2013 (ලංකා දුම්කොළ සමාගමෙන් ආර්ථිකයට ප්‍රතිලාභ : 2013 වසරේ පළමු භාගය තුළ රුපියල් බිලියන 32.7 ක බදු) [4]
  • Daily FT - Tobacco farmers transitioning to diversified, sustainable agriculture (දුම්කොළ ගොවීන් විවිධාංගීකරණය වූ තිරසාර කෘෂිකර්මාන්තයට සංක්‍රමණය වීම) [3]
  • Sunday Observer - Sustainable agriculture program for tobacco farmers ( දුම්කොළ ගොවීන් සඳහා තිරසාර කෘෂිකාර්මික වැඩසටහන) [5]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  2. British American Tobacco. Sustainable Agriculture Development Programme, 2017, accessed May 2017
  3. 3.0 3.1 3.2 Daily FT. Tobacco farmers transitioning to diversified, sustainable agriculture, 30 April 2014, accessed May 2017
  4. Sunday Times (Sri Lanka). Ceylon Tobacco’s benefit to the economy: Rs. 32.7 bln in taxes in 1st half 2013, 11 August 2013, accessed May 2017
  5. J. De Silva. Sustainable agriculture program for tobacco farmers, 24 July 2013, accessed May 2017