Difference between revisions of "SADP කෘෂි ළිං"
Line 9: | Line 9: | ||
==ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන== | ==ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන== | ||
− | ලංකා දුම්කොළ සමාගමේ 2014 වාර්ෂික වාර්තාවට අනුව SADP කෘෂි ළිං වැඩසටහන සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 30 ක් ආයෝජනය කර ඇත.<ref name =Observer/><ref name= FT/> | + | [[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමේ]] 2014 වාර්ෂික වාර්තාවට අනුව SADP කෘෂි ළිං වැඩසටහන සඳහා [[ලංකා දුම්කොළ සමාගම (CTC)]] රුපියල් මිලියන 30 ක් ආයෝජනය කර ඇත.<ref name =Observer/><ref name= FT/> |
==බලපෑම== | ==බලපෑම== |
Revision as of 11:19, 19 November 2020
Contents
පසුබිම
මෙය ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ව්‍යාපෘතිය වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) යනු ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය හා අලෙවියේ ඒකාධිකාරය දරණ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධ ආයතනයකි. මෙය 2005 වසරේ දී ඔවුන්ගේ මව් සමාගම වන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන තේමාව වන "තිරසාර කෘෂිකර්ම හා පරිසරය" හා සමගාමීව ආරම්භ කරන ලදී. කරුණාකර වැඩි විස්තර සඳහා තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) පිටුව බලන්න.[1][2]
SADP කෘෂි ළිං ව්‍යාපෘතිය
SADP කෘෂි ළිං යනු 2014 දී දියත් කරන ලද SADP වැඩසටහනේ ප්‍රභේදයකි. ලංකා දුම්කොළ සමාගමට (CTC) අනුව, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශයක් වන වැලිඔය ප්‍රදේශයේ කෘෂි ළිං 100 ක් ඉදිකිරීම සඳහා මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. එය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස වාර්තා වූ අතර, බැසිල් රාජපක්ෂ, එකල එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා වූයේ ය.[3][4][5] මෙම ව්‍යාපෘතිය සඳහා වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ලැබුණු බව මාධ්‍ය තවදුරටත් වාර්තා කරන ලදී.[6][7]
ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන
ලංකා දුම්කොළ සමාගමේ 2014 වාර්ෂික වාර්තාවට අනුව SADP කෘෂි ළිං වැඩසටහන සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 30 ක් ආයෝජනය කර ඇත.[6][7]
බලපෑම
SADP කෘෂි ළිං ව්‍යාපෘතියෙන් පවුල් 400 ක් ප්රතිලාභ ලැබූ බව ලංකා දුම්කොළ සමාගම (CTC) 2014 වසරේ දී වාර්තා කළේය.[6][7][5] තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) සඳහා මෙන්ම SADP කෘෂි ළිං වැඩසටහන සඳහා ද ලද ධනාත්මක මාධ්‍ය ආවරණය පහත දැක්වෙන උදාහරණවලින් පිළිබිඹු වේ.
- ඩේලි එෆ්ටී - CTC and Ministry of Economic Development to construct 100 agro-wells-ලංකා දුම්කොළ සමාගම සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කෘෂි ළිං 100 ක් ඉදි කරයි[7]
- සන්ඩේ ඔබ්සර්වර් - CTC to build 100 agro-wells-ලංකා දුම්කොළ සමාගම කෘෂි ළිං 100 ක් ඉදි කරයි[6]
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දුම්කොළ කර්මාන්තයෙන් අනුග්‍රාහකත්වය ලබා ගැනීම දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 13 වන වගන්තිය උල්ලංඝනය කරන අතර සහයෝගිතා ව්‍යාපෘති වලදී දුම්කොළ කර්මාන්තය සමඟ හවුල්කාරිත්වය දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වන වගන්තිය උල්ලංඝනය කරයි. ධනාත්මක මාධ්‍ය ආවරණය තුළින් දුම්කොළ නිෂ්පාදකයෙකුගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමෙන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත උල්ලංඝනය කරයි.
TobaccoUnmasked සම්පත්
- තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP)
- SADP Lite
- SADP Plus
- SADP Ultra
- නා සෙවන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය
- ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මානය (AREA)
- FCTC 13: දුම්කොළ සම්බන්ධ දැන්වීම්කරණය, ප්‍රචාරණය ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වයන් ලබා දීම
- දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය
- දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත
මූලාශ්‍ර
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
- ↑ British American Tobacco. Sustainable Agriculture Development Programme, 2017, accessed May 2017
- ↑ Business Today.of Economic Development Basil Rajapaksa visits Central Bank of Sri Lanka, Undated, accessed November 2020
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2014, 2015, accessed September 2020
- ↑ 5.0 5.1 Enterprise Asia. Ceylon Tobacco Company, 2019, accessed September 2020
- ↑ 6.0 6.1 6.2 6.3 6.4 Sunday Observer. CTC to build 100 agro-wells, 5 October 2014, accessed September 2020
- ↑ 7.0 7.1 7.2 7.3 Daily FT. CTC and Ministry of Economic Development to construct 100 agro-wells, 8 October 2014, accessed September 2020