2016 වසරේ දුම්කොළ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කර්මාන්තයේ ප්‍රතිචාර

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ සිගරට් මිල වැඩිම අගයකින් එකවර වැඩිවීම 2016 වසරේ 4 වන කාර්තුවේදී (ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල) වාර්තා විය. ඔක්තෝබර් මාසයේදී සුරාබදු බදු වැඩිවීම සහ නොවැම්බර් මාසයේදී 15% ක් වූ එකතු කළ අගය මත බද්ද (VAT) හඳුන්වා දීම එයට හේතු විය. [1]

දුම්කොළ කර්මාන්තයේ ප්‍රතිචාර

රජයේ බදු ආදායම් අහිමිවීම

බදු වැඩි කිරීම නිසා රජයේ ආදායම් අහිමි වන බව මාධ්‍ය වාර්තා කිහිපයක් ලංකා දුම්කොළ සමාගමේ නිලධාරීන් උපුටා දක්වමින් ඉඟි පළ කළේය. [2][3][4] කෙසේ වුවද, 2016 වර්ෂය සඳහා ලංකා දුම්කොළ සමාගමෙන් රජය ලද බදු ආදායම 2015 වර්ෂයේ ලද රජයේ බදු ආදායම් ප්‍රමාණයට (බිලියන 80) වඩා රුපියල් බිලියන 7.4 ක වැඩි අගයකි. [2][4][5][6]

ජීවනෝපායන් අහිමි වීම

ප්‍රධාන විධායක නිලධාරී මයිකල් කොස්ට් ඇතුළු ලංකා දුම්කොළ සමාගමේ නිළධාරීන් දුම්කොළ බදු වැඩි කිරීම දුම්කොළ කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් කෙරෙහි බලපානු ඇති බවට ප්‍රකාශ කළහ (රූපය 1). කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සහ දුම්කොළ ඩිපෝ වසා දැමීම යන ප්‍රධාන කරුණු දෙක ඉස්මතු කරමින් මෙය වාර්තා කර තිබුණි. [7][8]

රූපය 1: බදු වැඩි කිරීම නිසා කාර්ය මණ්ඩලයෙන් 20% ක් සේවයෙන් පහ කළ බව ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් කොස්ට් උපුටා දක්වමින් Daily Ft ඊ-පුවත්පත වාර්තා කිරීම. [7]


බදු වැඩිවීම නිසා කාර්ය මණ්ඩලය 20% ක් ඉවත් කිරීමට සිදුවූ බව වාර්තා විය. [7] එසේ වුවත්, ඉවත් කිරීමට සිදු වූ සැබෑ සේවකයින් සංඛ්‍යාව මාධ්‍ය මගින් සඳහන් නොකළේය.(ඉවත් කිරීමට සිදු වූ සැබෑ සේවකයින් සංඛ්‍යාව මාධ්‍ය මගින් සඳහන් නොකළත් ) 2015 වර්ෂයේදී ලංකා දුම්කොළ සමාගමේ සේවක සංඛ්‍යාව (264) සලකා බැලූ විට ඉවත් කිරීමට සිදු වූ සැබෑ සංඛ්‍යාව 50 ක් පමණ විය යුතුය. [5] (දුම්කොළ පාලන ක්‍රියාමාර්ගවලට එරෙහිව කර්මාන්ත තර්ක: ජීවනෝපායන්ට සිදු කරන බලපෑම පිටුව බලන්න.)

ලංකා දුම්කොළ සමාගමේ ප්‍රකාශකට අනුව දුම්කොළ ඩිපෝ වසා දැමීමත් සමග ම ගොවීන් දුම්කොළ වගාවෙන් ඉවත් වීම නිසා 2016 වසරේදී සිගරට් නිෂ්පාදනය සඳහා දුම්කොළ ආනයනය කිරීමට ලංකා දුම්කොළ සමාගමට සිදු වී ඇත. මේ අනුව, දුම්කොළ නිෂ්පාදන අඩු වීම නිසා ඩිපෝවල අවශ්‍යතාවය අඩු වීම ඒවා වසා දැමීමට හේතු වී ඇත. [4][7]

බීඩි භාවිතය වැඩි වීම

2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ බිඩි භාවිතය වැඩි වී ඇතැයි ලංකා දුම්කොළ සමාගම (CTC) ඊට පටහැනි සාක්ෂි මධ්‍යයේ ප්‍රකාශ කළේය. (දුම්කොළ සමාගම්වල තර්ක: බීඩි භාවිතය වැඩිවීම පිටුව බලන්න.) ඔවුන් 2016 වසරේ දී ද බදු වැඩි කිරීම සම්බන්ධයෙන් එම තර්කය ම මතු කරන ලදී. [2]

නීති විරෝධී දුම්කොළ වෙළඳාම ඉහළ යාම

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් නීති විරෝධී දුම්කොළ ඉහළ යාම පිළිබඳව ඔවුන්ගේ සැලකිල්ල අවස්ථා කිහිපයකදී (විශේෂයෙන්ම බදු වැඩි කිරීමක් ක්‍රියාත්මක වූ විට) ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලදී. [9][5] මෙම තර්කය නැවතත් 2016 වසරේ ඔක්තෝබර් මස බදු වැඩිවීම සමග යලි මතු විය. [2] කෙසේ වෙතත්, ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සිය ප්‍රකාශ වලදී උපුටා දක්වන දර්ශකය වන සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් සංඛ්‍යාව පසුගිය වසර පහ සඳහා තරමක් ස්ථාවර ලෙස පැවතුණි.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Daily Mirror. Cigarette price to increase up to Rs. 55, 23 October 2016, accessed March 2017
  2. 2.0 2.1 2.2 2.3 Colombo Page. Sri Lanka's Ceylon Tobacco Company Profit After Tax Rs. 12.56 billion in 2016, 28 February 2017, accessed March 2017
  3. B Sirimanna. Cigarette sales drop cuts tobacco tax revenue by half, The Sunday Times, 04 December 2016, accessed March 2017
  4. 4.0 4.1 4.2 Mirror Business. Ceylon Tobacco Company PLC says excise tax drop, The Sunday Times, 05 March 2017, accessed March 2017
  5. 5.0 5.1 5.2 Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed March 2017
  6. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  7. 7.0 7.1 7.2 7.3 Daily Ft. Taxes hit - CTC announces 20% layoff of employees, 03 January 2017, accessed March 2017
  8. Sri Lanka Mirror. CTC announces job cuts, 04 January 2017, accessed March 2017
  9. Ceylon Tobacco Company PLC. Tobacco trafficking, 2017, accessed March 2017