හේමකුමාර නානායක්කාර

From Tobacco Unmasked Sinhala
රූපය 1:හේමකුමාර නානායක්කාර
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1953 දී උපත ලද හේමකුමාර නානායක්කාර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මිකයෙක් සහ දේශපාලනඥයෙක්ය. ඔහු එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නියෝජනය කර ඇති අතර මව්බිම ජනතා පක්ෂය ලෙසද දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇත. [1]

ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය මගින් ඔහුට කාබනික කෘෂිකර්මය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන නායකයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාරගේ බාල සොහොයුරු මොහුය.[2]

දේශපාලනික / රජයේ දරන ලද තනතුරු

  • පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-1994 සහ 2000-2010)[1]
  • කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය (2007-2010)[3]
  • ආණ්ඩුකාර - දකුණු පළාත (2015 - 2018 අප්‍රේල්)[4]
  • ආණ්ඩුකාර - බස්නාහිර පළාත (2018 අප්‍රේල් - 2019 ජනවාරි)[5][6]


දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන විට, කෘෂිකර්ම අමාත්‍යංශයේ "අපි වවමු රට නගමු" වැඩ සටහන සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) අනුග්‍රහය දැක්වීය. ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අනුබද්ධිත සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව හා සිගරට් නිෂ්පාදනය සහ දුම්වැටි අලෙවියෙහි දේශීය වෙළඳපොල ඒකාධිකාරය දරයි.[7][8]

මෙම අනුග්‍රාහකත්වය ලංකා දුම්කොළ සමාගමේ "ආයතනික සමාජ වගකීම් (CSR)" ක්‍රියාකාරකම යටතේ ප්‍රසිද්ධියට පත් විය. පසුව, ලංකා දුම්කොළ සමාගමේ "ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතීන්" සමඟ ඔහුගේ පවතින සම්බන්ධතාවය විවේචනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මාධ්‍ය සාකච්ඡාවකදීය.[9]

රූපය 2: මව්බිම ස්වයං පෝෂණ පදනම විසින් බද්දේගම දකුණ දික්පිටිය කුඹුරු යායෙහි ප්‍රදර්ශනය කළ බැනරය

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Parliament of Sri Lanka. Hon. HemakumaraNanayakkara, M.P., Accessed January 2019
  2. Richmond College Galle Old Boys Association Facebook page. Doctorate for former Minister HemakumaraNanayakkara, Facebook, 30 July 2011, Accessed January 2019
  3. Asian Tribune. Sri Lanka: 33 Non-Cabinet Ministers and 19 Deputy Ministers sworn in: MOU between ruling SLFP and opposition UNP comes to end, 28 January 2007, Accessed January 2019
  4. ColomboPage. Three new provincial governors appointed in Sri Lanka, 23 January 2015, Accessed January 2019
  5. Times Online. New Governors take oaths before President Sirisena, 12 April 2018, Accessed January 2019
  6. Colombo Gazette. Five new governors appointed including Azath Salley, 4 January 2019, accessed April 2019
  7. Ceylon Tobacco Company. Annual Report 2009, 31 March 2009, Accessed January 2019
  8. Ceylon Tobacco Company. Annual Report 2010, Accessed January 2019
  9. M. Mudugamuwa. Invisible hand blocking pictorial warnings – Cancer Care Association Tobacco kills 55 persons daily The Island, 8 May 2014, Accessed January 2019