සජිත් ප්‍රේමදාස

From Tobacco Unmasked Sinhala
Revision as of 01:37, 24 January 2020 by Reportercct.sinhala (talk | contribs) (Created page with "==පසුබිම== Image: Sajith.jpg|600px|thumb|right| රූපය 1: සජිත් ප්‍රේමදාස. මූලාශ්‍රය: නිවාස, ඉද...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

පසුබිම

රූපය 1: සජිත් ප්‍රේමදාස. මූලාශ්‍රය: නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය[1]

සජිත් ප්‍රේමදාස 1967 ජනවාරි 12 වන දින කොළඹ දී රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාසට දාව උපත ලැබීය. 1977 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු 1989 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස තේරී පත් විය. සජිත් ප්‍රේමදාස හට දුලන්ජලී ප්‍රේමදාස නම් වන එක් බාල සොහොයුරියක් පමණක් සිටියි.[2]

සජිත් සිය විධිමත් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ලන්ඩනයේ මිල් හිල් පාසලෙනි. ඔහු ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකනොමික්ස්' සහ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.[3][2] 2019 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඔහුගේ ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් වල සත්‍යතාව සම්බන්ධයෙන් මාධ්‍ය තුළ නැවත නැවතත් ප්‍රශ්න කිරීමට ලක් විය.[4][5]

1994 වසරේ දී සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂයට (UNP) සම්බන්ධ වීමෙනි. වසර 2019 වන විට ඔහු වසර 2000 සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.[3] ඔහු 2011 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් කරන ලදී.[6]

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය යටතේ පිහිටුවා ගත් දේශපාලන පක්ෂවල සන්ධානයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 2019 සැප්තැම්බර් 26 වන දින සජිත් ප්‍රේමදාස නම් කරන ලදී.[7] ඔහු ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂ නායකවරයා ය. .[8]

දේශපාලනික /රජයේ දරන ලද තනතුරු

  • එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක - 1994 සිට වර්තමානය දක්වා [9]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 2000 සිට වර්තමානය දක්වා [9]
  • සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය - 2001 සිට 2004 දක්වා [9]
  • එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක - 2011 සිට 2013 සහ 2014 සැප්තැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා [9]
  • නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය - 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා [9]
  • 2019 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂක [10]
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක- 2019 දෙසැම්බර් සිට වර්තමානය දක්වා [11]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

බීඩි නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පොරොන්දු වීම

දැනට පවත්නා නීතිමය රාමුව තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ බීඩි කර්මාන්තයේ නියුතු දේශීය නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තමා කටයුතු කරන බව, සජිත් ප්‍රේමදාස ජනාධිපති මැතිවරණයට සමගාමීව වරකාපොළ ප්‍රදේශයේදී පැවැත්වූ මහජන රැළියකදී ප්‍රකාශ කළේ ය. [12]දේශීයව නිපදවන සිගරට් වැනි දුම්කොළ නිෂ්පාදනයක් වන බීඩි, විශාල ව්‍යාපාර ජාලයක් හා ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ ගෘහාශ්‍රිත කර්මාන්තයකි.වරකාපොළ රැළියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාස ප්‍රමුඛ පෙළේ බීඩි නිෂ්පාදන සමාගමක හිමිකරුවෙකි. වැඩි විස්තර සඳහා අපගේ චම්පිකා ප්‍රේමදාස පිටුව වෙත පිවිසෙන්න.

රූපය 2: ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බීඩි කර්මාන්තය පිළිබඳව සිදු කළ කතාව. Source: අද දෙරණ[12]


TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Ministry of Housing ,Construction & Culture Affairs, 2019, Accessed November 2019
  2. 2.0 2.1 Daily Ft. Book on Sajith Premadasa out next month, 12 January 2019, accessed November 2019
  3. 3.0 3.1 OFFICE OF SAJITH PREMADASA. About- Sajith Premadasa, 2019, accessed November 2019
  4. Dr.M.D.P.Dissanayake. [1], 20 July 2019, accessed November 2019
  5. Ranga Jayasuriya. [2], 30 July 2019, accessed November 2019
  6. NDTV. [3], 05 December 2019, accessed December 2019
  7. Krishan Francis. Sri Lanka’s governing party picks Premadasa as candidate, 26 September, 2019, accessed November 2019
  8. News 1st. [4], 05 December 2019, accessed December 2019
  9. 9.0 9.1 9.2 9.3 9.4 LinkedIn. [5], 2019, Accessed December 2019
  10. Election Commission of Sri Lanka. [6], 2019, Accessed December 2019
  11. The Hindu. [7], 05 December 2019, Accessed December 2019
  12. 12.0 12.1 Derana TV. Ada Derana Main News at 6.55, 03 November 2019, accessed November 2019