Difference between revisions of "ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව පවත්වා ගෙන යාමට ලංකා දුම්කොළ සමාගම දරන උත්සහයන්"

From Tobacco Unmasked Sinhala
Line 66: Line 66:
 
* [[තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP)]]
 
* [[තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP)]]
 
* [[බඩ ඉරිඟු වගා කරන ලෙසට රජය දුම්කොළ ගොවීන්ගෙන් ඉල්ලයි]]
 
* [[බඩ ඉරිඟු වගා කරන ලෙසට රජය දුම්කොළ ගොවීන්ගෙන් ඉල්ලයි]]
* බෑවුම් ඉඩම් සඳහා කෘෂිකාර්මික තාක්ෂණය (SALT) සහ ලංකා දුම්කොළ සමාගම
+
* [[බෑවුම් කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය සහ ලංකා දුම්කොළ සමාගම]]
 
* [[කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම]]
 
* [[කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම]]
* දුම්කොළ වගා තහනමට එරෙහිව පැවැත් වූ බෝධි පූජාව  
+
* [[දුම්කොළ වගා තහනමට එරෙහිව පැවැත් වූ බෝධි පූජාව]]
 
* [[සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය]]
 
* [[සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය]]
 
* [[ජයන්ත එගොඩවෙල]]
 
* [[ජයන්ත එගොඩවෙල]]
 +
 
==මූලාශ්‍ර==
 
==මූලාශ්‍ර==
 
<references/>
 
<references/>

Revision as of 08:20, 23 September 2020

TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

Contents

පසුබිම

දුම්කොළ වගාව, ගොවීන්ට හා පරිසරයට බොහෝ අහිතකර බලපෑම් ඇති කරයි. දුම්කොළ වලින් සිගරට් නිෂ්පාදනය කරන සම්පූර්ණ ක්‍රියාවලියේ නිරත වන මෙම කලාපයේ පවතින බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමෙහි එකම අනුබද්ධ ආයතනය ලංකා දුම්කොළ සමාගමයි. 1952 දී ලංකා දුම්කොළ සමාගම (CTC), ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගා කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. [1] 2016 වසර වන තුරුම ලංකා දුම්කොළ සමාගම (CTC) සිගරට් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු දුම්කොළ ශ්‍රී ලංකාව තුළ වගා කරන ලදී. [2][3][4] ශ්‍රී ලංකාවේ ගලේවෙල, පොළොන්නරුව, මහියංගනය, උඩුදුම්බර, හාලිඇල සහ බුත්තල යන ප්‍රදේශවල දුම්කොළ ප්‍රධාන වශයෙන් වගා කරයි. [5] ශ්‍රී ලංකාවේ දුම්කොළ ගොවීන් ලංකා දුම්කොළ සමාගමේ සෘජු සේවකයින් නොවුන ද බීජ, කෘෂි රසායනික ද්‍රව්‍ය ඔවුන්ට ලබා දීම හා ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීම මගින් වගා කිරීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වේ. [6]

2020 වසර වන විට දුම්කොළ වගාව තහනම් කිරීමට රජයේ සැලසුම

මෑත වසරවල දී දුම්කොළ වගාව පහත වැටීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අතර තම දුම්කොළ ඩිපෝවන් වසා දැමීමට ලංකා දුම්කොළ සමාගමට සිදු විය. [7][8] ශ්‍රී ලංකා රජය වසර 2020 වන විට දුම්කොළ වගාව තහනම් කිරීමට සැලසුම් කරන බව ප්‍රසිද්ධියේ නිවේදනය කරන ලදී. [9][10]

කර්මාන්තයේ ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාවේ ඉතිහාසය පුරාම දුම්කොළ වගාව ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලපෑම් කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. [11] ඒවායින් සමහරක් පහතින් විස්තර කර ඇත.

දුම්කොළ වගාවෙන් ආර්ථිකයට වන බලපෑම අතිශයෝක්තියට නැංවීම

දුම්කොළ කර්මාන්තය එහි ධනාත්මක ආර්ථික බලපෑම අතිශයෝක්තියට නැංවීම සඳහා ප්‍රසිද්ධය. දුම්කොළ වගාවට සම්බන්ධ ගොවීන් 20,000 ක් පමණ සිටින බව ලංකා දුම්කොළ සමාගම (CTC) සිය වාර්ෂික වාර්තාවල සඳහන් කරයි.[12][13][14]

දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ (CCT) ඉල්ලීම පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයන ලද දුම්කොළ වගාව පිළිබඳ දත්ත වල 2016 වසරේ යල කන්නයේ දුම්කොළ වගා කළ ගොවීන් සංඛ්‍යාව 3,000 ක් ලෙස හා 2015/16 වසර වල මහ කන්නයේ දී එම සංඛ්‍යාව 400 ක් ලෙස සඳහන් වේ. [15]

2019 සැප්තැම්බර් මාසයේ ජාතික පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ Tobacco farmers at butt end of wavering Govt. policy යන මැයෙන් පළ වූ ලිපියක ලියාපදිංචි දුම්කොළ ගොවීන් සංඛ්‍යාව 300,000 ක් බව සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමයේ සභාපති ජයන්ත එගොඩවෙල කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් සදහන් විය.[16] 2015 නොවැම්බර් 29 වන දින එගෝඩවෙල විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලියන ලද ලිපියක ශ්‍රී ලංකාවේ දුම්කොළ වගා කරන ගොවීන් සංඛ්‍යාව ලෙස මෙයට සමාන සංඛ්‍යාවක් (300,000) සඳහන් විය.[17]මේ අනුව, ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ඔවුන්ගේ හිතවතුන් දුම්කොළ ගොවීන් පිළිබඳ අතිශයෝක්තියෙන් දක්වන ලද වැරදි සංඛ්‍යාලේඛන මගින් රජය සහ මහජනතාව නොමඟ යැවීමට පෙනී සිටිති.

වැඩි විස්තර සඳහා ජයන්ත එගොඩවෙල සහ සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය යන පිටු වෙත පිවිසෙන්න.


ප්‍රතිපත්ති ක්‍රියාවලියට මැදිහත් වීමට දේශපාලන නායකයින්ට සහ නිලධාරීන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම

කෘෂිකර්ම අමාත්‍යාංශය: අමාත්‍යවරු සහ නිලධාරීන්

ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව පවත්වා ගෙන යාම සහ ඔවුන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට දුම්කොළ කර්මාන්තය විවිධ උපක්‍රම භාවිතා කර තිබේ. වැඩි විස්තර සඳහා කරුණාකර කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම යන අපගේ පිටුව බලන්න.

වෙනත් දේශපාලන නායකයින්

ලංකා දුම්කොළ සමාගමේ ලියාපදිංචි වී ඇති බාන් හිමිකරුවන්ගේ සංගමය වන සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය (බාන් හිමියන්ගේ සංගමය) ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරුන් අවස්ථා කිහිපයකදී හමුවී දුම්කොළ වගාව තුරන් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවලියට මැදිහත් වීමට උත්සාහ කරන ලදී.

බාන් හිමියන්ගේ සංගමයේ සභාපති ජයන්ත එගොඩවෙල විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට මෑතකදී ලබා දුන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී දුම්කොළ වගා කරන ගොවීන් සංඛ්‍යාව ලෙස අතිශයෝක්තියට නංවන ලද සංඛ්‍යාවක් (300,000) පෙන්වමින් "මෙය මැතිවරණ කාලය වන අතර අපව [දුම්කොළ ගොවීන්] ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ පැමිණෙන අපේක්ෂකයින්ට අපගේ ඡන්ද ලැබෙනු ඇත." යනුවෙන් පැවසීය.[16]

වැඩි විස්තර සඳහා ජයන්ත එගොඩවෙල සහ සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය යන පිටු වෙත පිවිසෙන්න.


මහජන මතයට බලපෑම් කිරීමට උත්සාහ කිරීම

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP)

මෙය ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය/ ක්‍රියාකාරකමයි. 2005 වසරේ ආරම්භ කරන ලද මෙහි ප්‍රධාන ඉලක්කය වූයේ දුම්කොළ වගා කරන ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ය. 2017 වන විට, දුම්කොළ වගා නොකරන ගොවීන් ඇතුළත් කර ගැනීමට මෙය විවිධ ප්‍රභේද වලට ( SADP mega, SADP Ultra, SADP Lite) විහිදී ඇත. පෝෂණය පිළිබඳ තේමාවන්, ගෙවතු වගාව හා යටිතල පහසුකම් සංවර්ධනය මෙම වැඩසටහනෙහි අරමුණු මගින් ආවරණය කරයි. මෙම වැඩසටහනට පුළුල් ධනාත්මක මාධ්‍ය ආවරණයක් සහ දේශපාලන සහයක් ලැබුණි. (කරුණාකර වැඩි විස්තර සඳහා ඉහත සඳහන් කළ පිටුවලට පිවිසෙන්න.)

ඵලදායි කෘෂිකාර්මික ශිල්ප ක්‍රම පිළිබඳ මහජන මත

  • බඩඉරිඟු උප වගාවක් ලෙස හඳුන්වා දීම - ආහාර බෝගයක් වීම, ආයෝජන සඳහා හොඳ ප්‍රතිලාභයක් සහිත වීම සහ වඩා පරිසර හිතකාමී වීම නිසා ලොව පුරා විද්‍යාඥයින් සහ රජයන් දුම්කොළ වගාව සඳහා හොඳ විකල්පයක් ලෙස බඩ ඉරිඟු පෙන්වා දෙයි. [18][19] වසර 2020 වන විට දුම්කොළ වගාව තුරන් කිරීම සඳහා වන රජයේ සැලසුම ප්‍රකාශය මධ්‍යයේ, රජයේ ඉල්ලීම මත අක්කර 150 ක ප්‍රදේශයක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කරන බව ලංකා දුම්කොළ සමාගම (CTC) ප්‍රසිද්ධියේ නිවේදනය කරන ලදී. කරුණාකර වැඩි විස්තර සඳහා බඩ ඉරිඟු වගා කරන ලෙසට රජය දුම්කොළ ගොවීන්ගෙන් ඉල්ලයි පිටුව බලන්න.
  • බෑවුම් ඉඩම් සඳහා කෘෂිකාර්මික තාක්ෂණය (SALT) - මෙය පිලිපීනය තුළ හඳුන්වා දුන් තාක්ෂණයක් වන අතර වගා කරන ලද බෑවුම් ඉඩම්වල පාංශු ඛාදනය අඩු කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් අනුගමනය කරනු ලබයි. [20] කරුණාකර වැඩි විස්තර සඳහා බෑවුම් ඉඩම් සඳහා කෘෂිකාර්මික තාක්ෂණය (SALT) සහ ලංකා දුම්කොළ සමාගම පිටුව බලන්න.
පින්තූරය 1: දුම්කොළ වගාව සඳහා ලංකා දුම්කොළ සමාගමේ දායකත්වය රාජ්‍ය ජාතික පුවත්පත වන "ඩේලි නිවුස්" හි ධනාත්මක වාර්තාකරණය [21]

දුම්කොළ වගා තහනමට එරෙහිව බෝධි පූජාවක් සංවිධානය කිරීම

බෝධි පූජාවක් යනු බෞද්ධ චාරිත්‍රයක් වන අතර එය ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධ පුරවැසියන් විසින් ඉහළින් සලකනු ලැබේ. ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව තහනම් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවලියට මැදිහත් වීමට උත්සාහ කිරීම සඳහා සීටීසී විසින් බෝධි පූජාවක් භාවිතා කළ ආකාරය පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා කරුණාකර දුම්කොළ වගා තහනමට එරෙහිව පැවැත් වූ බෝධි පූජාව පිටුව බලන්න.


දුම්කොළ වගාව ප්‍රවර්ධනය සඳහා මාධ්‍ය සමඟ සම්බන්ධතා පැවැත්වීම

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් මාධ්‍යවේදීන් වෙත දුම්කොළ වගා ප්‍රදේශ සහ SADP ව්‍යාපෘති ප්‍රදේශ වලට සංචාරය පිරිනැමීම මගින් ධනාත්මක මාධ්‍ය ආවරණ ලබා ගැනීම. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

කිලිනොච්චියේ මාධ්‍ය සංචාරය (2013)

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වන ඩේලි මිර(ර්)හි SADP ව්‍යාපෘතියේ ප්‍රතිලාභ පිළිබඳව ප්‍රතිලාභීන්ගේ ඡායාරූප සමඟ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඍජුව උපුටා දක්වමින් මෙම සංචාරය වාර්තා කිරීම. එම ලිපියෙහි මාතෘකාව වූයේ "Ceylon Tobacco’s SADP goes beyond one-off direct aid" ( ලංකා දුම්කොළ සමාගමේ SADP ව්‍යාපෘතිය ඍජු ආධාරවලිනුත් ඔබ්බට උපකාර කරයි) [22] එම සංචාරය ම "From separatism to SADP!" (බෙදුම්වාදයේ සිට තිරසාර කෘෂිකර්ම සංවර්ධනය වැඩසටහන (SADP) දක්වා) යන සිරස්තලය යටතේ ඩේලි එෆ්ටී හි ධනාත්මක ලෙස වාර්තා කරන ලදී. [23]

ගලේවෙල මාධ්‍ය සංචාරය (2016)

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සංවිධානය කරන ලද ගලේවෙල සංචාරයකින් පසුව දුම්කොළ වගාව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ධනාත්මකව වාර්තා කරන ලදී. රාජ්‍ය පුවත්පත වන ඩේලි නිවුස්හි "CTC generates sustainable farmer livelihoods from tobacco” (ලංකා දුම්කොළ සමාගම (CTC) දුම්කොළ වලින් තිරසාර ගොවි ජීවනෝපායන් ජනනය කරයි) යන සිරස්තලය යටතේ ද (පින්තූරය 1) සහ ඩේලි එෆ්ටී හි “The Tobacco Farmers of Galewela" (ගලේවෙල දුම්කොළ ගොවීන්) යන මාතෘකාව යටතේ ද එය වාර්තා විය. [21][11] දුම්කොළ ගොවීන් මෙතෙක් මුහුණ දුන් එකම අභියෝගය දුම්කොළ වගාව අධෛර්යමත් කිරීමට බලධාරීන් ගන්නා ප්‍රයත්නයන් බවට බණ්ඩා නම් ගොවියෙක් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඩේලි එෆ්ටී හි වාර්තා කරන ලදී. [11]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Ceylon Tobacco Company. Annual Report 2010, 2011, accessed September 2017
  2. Sri Lanka Excise Department, Sri Lanka Excise Department Performance Report 2014, Colombo: Sri Lanka Excise Department, 2015, accessed August 2017
  3. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed August 2017
  4. Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed May 2017
  5. geoview.info. Tobacco Cultivation, undated, accessed September 2017
  6. Daily Mirror (Sri Lanka). Tobacco farming: A controversial livelihood, 23 September 2016, accessed August 2017
  7. M Andree. CTC to shut down two leaf depots, Ceylon Today, 31 January 2017, accessed September 2017
  8. Lanka Business Online. Sri Lanka’s Ceylon Tobacco to close two leaf depots, 31 January 2017, accessed September 2017
  9. World Health Organization. Sri Lanka: NCD Joint programming mission, 5-9 October 2015, April 2017, accessed September 2017
  10. S Marasinghe & D Mudalige. Tobacco cultivation to be banned by 2020, 7 June 2017, accessed September 2017
  11. 11.0 11.1 11.2 H Dabarera. The tobacco farmers of Galewela, 11 October 2016, accessed September 2017
  12. Ceylon Tobacco Company. Ceylon Tobacco Company Annual Report 2014, 2015, accessed March 2017
  13. Ceylon Tobacco Company, Ceylon Tobacco Company Annual Report 2015, 2016, accessed March 2017
  14. Ceylon Tobacco Company. Ceylon Tobacco Company Annual Report 2016, 2017, accessed March 2017
  15. Department of Agriculture. Data on Tobacco Cultivation, Accessed September 2019
  16. 16.0 16.1 C Christopher. Tobacco farmers at butt end of wavering Govt. policy. SundayTimes.lk, 01 September 2019, Accessed September 2019
  17. Jayantha Egodawela. Letter from barn owners association All Ceylon Cigarette Tobacco Barn owners Association to the president, TobaccoUnmasked Archive, 29 November 2015, Accessed January 2019
  18. M Peiris. Farmers to opt to cultivate other crops instead of tobacco, 05 July 2016, accessed May 2017
  19. The Daily Star. Maize replacing tobacco, 06 January 2017, accessed May 2017
  20. N Gunawardena. When Worlds Collide #79: SALT can Save Lanka’s Upcountry Land and Soil. When Worlds Collide, 18th August 2013, accessed August 2017
  21. 21.0 21.1 Business. CTC generates sustainable farmer livelihoods from tobacco, 07 October 2016, accessed September 2017
  22. C Fernandopulle. Ceylon Tobacco’s SADP goes beyond one-off direct aid. Daily Mirror (Sri Lanka), 18 July 2013, accessed September 2017
  23. N Cassim. From separatism to SADP!. Daily FT, 29 July 2013, accessed September 2017