ලංකා දුම්කොළ සමාගම විසින් නොමඟ යවන කොටස් හිමියන්: බීඩි පිළිබඳ ගැටළුව
Contents
පසුබිම
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවිකරණයේ ඒකාධිකාරය දරයි. ශ්‍රී ලංකාවේ සිගරට් හා බීඩි, භාවිතා කරන පිරිස් දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති බව පවසමින් ලංකා දුම්කොළ සමාගම (CTC) සිය වාර්ෂික වාර්තාවල බීඩි භාවිතය කෙරෙහි විශාල උනන්දුවක් දක්වා තිබේ. මෙම පිටුව පදනම් වී ඇත්තේ පසුගිය වසර 10 සඳහා (2009- 2018) ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවල සඳහන් බීඩි සම්බන්ධ ඔවුන්ගේ ප්‍රකාශ විශ්ලේෂණය කිරීම මතය.[1][2][3][4][5][6][7][8][9][10] ලංකා දුම්කොළ සමාගම විසින් ඔවුන්ගේ 2013 වාර්ෂික වාර්තාවේ සිට බීඩි ගැන සඳහන් කිරීමට ආරම්භ කළේය.[5]
අධ්‍යයනය කරන ලද වාර්ෂික වාර්තාවල සඳහන් බීඩි ආශ්‍රිත තොරතුරු විමර්ශනයේ දී පහතින් විස්තර කර ඇති කරුණු අනාවරණය විය.
- දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රභවයන් හෝ පර්යේෂණ ක්‍රම ගැන සඳහන් කර නැත.
- බීඩි භාවිතය පිළිබඳ වූ සමකාලීන විද්‍යාත්මක පර්යේෂණ සොයාගැනීම් වලට පටහැනි ය
- විවිධ වාර්තාවල සඳහන් ඔවුන්ගේම ප්‍රකාශයන්ට පටහැනිය.
පිළිගත හැකි පදනමක් රහිත තර්ක
ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බීඩි සම්බන්ධව ඉදිරිපත් කරන තර්ක හතරක් ඔවුන්ගේ වාර්ෂික වාර්තා වලින් අපට හමුවිය. ඒවායින් කිසිවකට තොරතුරු මූලාශ්‍ර සඳහා ප්‍රමාණවත් උපුටා දැක්වීම් හෝ එවැනි නිගමනවලට එළඹීම සඳහා යොදාගත් පර්යේෂණ ක්‍රමවේද ඉදිරිපත් කිරීමෙන් පිටුබලයක් නොලැබුණි.
- සාවද්‍ය තර්ක 1: බීඩි භාවිතාකරන්නන්ගේ ප්‍රතිශතය ප්‍රගතිශීලී ව/ අධික ව ඉහළ යාම.
- සමස්ත දුම්පානය කරන්නන්ගෙන් බීඩි භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතයේ ඉහළ යාමක් ලංකා දුම්කොළ සමාගමේ 2015 වාර්ෂික වාර්තාවේ සිට පෙන්නුම් කරයි. එය ඔවුන් 2007 වාර්ෂික වාර්තාවේ සඳහන් කළ අගයෙන් 20% ක ඉහල යාමකි. මෙම අගයන් ලබා ගත් කිසිදු තොරතුරු ප්‍රභවයක් හෝ පර්යේෂණ ක්‍රමවේදයක් සඳහන් නොකරයි.[11][7]
- සාවද්‍ය තර්ක 2: බීඩි භාවිතය පසුගිය දශකය තුළ දෙගුණයකින් වැඩි වීම.
- පසුගිය දශකය තුළ බීඩි භාවිතය දෙගුණ වී ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) කිසිදු තොරතුරු ප්‍රභවයක් සඳහන් නොකර 2018 වාර්ෂික වාර්තාවේ සඳහන් කරයි.[7]
- සාවද්‍ය තර්ක 3: සිගරට් මිල ඉහල යාම බීඩි වෙළඳපොළේ වර්ධනයට හේතු වේ.
- සාවද්‍ය තර්ක 4: බීඩි සඳහා වන වැඩි ඉල්ලුම නිසා දුම්කොළ පරිභෝජනය ඉහළ යයි.
සමකාලීන පර්යේෂණවල පරස්පර විරෝධී සොයාගැනීම්
ඉහත සඳහන් කළ ලංකා දුම්කොළ සමාගමේ තර්ක වලට පටහැනි සමකාලීන විද්‍යාත්මක සොයා ගැනීම් පහත පරිදි වේ.
බීඩි භාවිතාකරන්නන්ගේ ප්‍රතිශතය 10% ට වඩා අඩු ප්‍රමාණයක් වේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් 2017 වසරේදී අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පිරිමින් 2999 ක නියැදියක සිදුකරන ලද නවතම ප්‍රවණතා සමීක්ෂණයෙන් දැක්වෙන්නේ දුම් පානය කරන්නන්ගෙන් 5.5% ක් පමණක් බීඩි පානය කරන බවයි.[12] සමස්ත දුම්පානය කරන්නන්ගෙන් 51% ප්‍රතිශතයක් බීඩි භාවිතා කරන බව ලංකා දුම්කොළ සමාගමේ 2017 වාර්ෂික වාර්තාවේ සඳහන් විය. එය සමීක්ෂණ වාර්තාවේ සොයා ගැනීමට වඩා 10 ගුණයක ඉහළ අගයකි.
සමකාලීන පර්යේෂණවල සඳහන් බීඩි භාවිතය පිළිබඳ පරස්පර අනුපාත පිළිබඳ වැඩි විස්තර සඳහා දුම්කොළ සමාගම්වල තර්ක: බීඩි භාවිතය වැඩිවීම අපගේ පිටුවට පිවිසෙන්න.
බීඩි භාවිතයේ ප්‍රවණතාවය අඩුය.
ලංකා දුම්කොළ සමාගමේ ඉහළ වෙළද නාමය සහිත නිෂ්පාදන වෙළඳපොලේ බහුතරය භාවිතා කරන අතර එහි මිල අඩුම මිල ඇති වෙළෙඳ නාමය සහිත නිෂ්පාදනයේ මිල මෙන් දෙගුණයක් බව දුම්කොළ ආශ්‍රිත ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂිත වූ චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සොයා ගන්නා ලදී. එබැවින් ඔවුන් තර්ක කරන්නේ පරිභෝගිකයන් ඉහළ වෙළදනාම වල සිට බීඩි වෙත මාරු වීම තර්කානුකූල නොවන බවයි.නමුත් ඔවුන් ලංකා දුම්කොළ සමාගමේ අඩු මිල ගණන් සහිත වෙළඳ නාම වෙත මාරු වීමට වැඩි ඉඩක් පවතී. පසුගිය වසර 25 තුළ ටෙන්ඩු කොළ (බීඩි එතීම සඳහා භාවිතා කරන ආනයනික කොළ වර්ගයක් සහ බීඩි නිෂ්පාදන පරිමාවේ දර්ශකයක් ද වේ) ආනයනය ක්‍රමයෙන් අඩුවී ඇති බව සිගරට් බදුකරණය පිළිබඳ 'විකල්ප කරුණු' තුනක් විවේචනාත්මකව විශ්ලේෂණය කර ඇති ඔවුන්ගේ ලිපියෙන් පෙන්නුම් කරයි (රූපය 2).[13]
ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය අඩු වෙමින් පවතී
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි පිරිමින් අතර දුම්පානයේ ප්‍රවණතා පරික්ෂා කිරීම සඳහා වාර්ෂිකව පවත්වන ස්ථානීය සමීක්ෂණය මගින් දුම්කොළ පරිභෝජනයේ ප්‍රවණතාව උච්චාවචනයක් නමුත් 2009 සිට 2017 දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි (රූපය 3).[12]
ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවල නොගැලපීම්
නොගැලපෙන දත්ත
2014 වාර්ෂික වාර්තාවේ බීඩි භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42% ලෙස සඳහන් කර තිබුණි.[6][7] කෙසේ වෙතත්, 2015 වාර්ෂික වාර්තාවේ ඔවුන් පෙන්වාදී ඇත්තේ 2014 වසරේ බීඩි භාවිතයේ ප්‍රතිශතය 45% ක් වූ බවය. එය ඔවුන්ගේම 2014 වාර්ෂික වාර්තා දත්ත හා පරස්පර වේ (රූපය 4).[6][6]
පරස්පර ප්‍රකාශ
බීඩි පාරිභෝගිකයන් ලංකා දුම්කොළ සමාගමේ වෙළඳ නාම වෙත සංක්‍රමණය වී ඇති බව 2015 ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවේ කළමණාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන එක ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශයේ සඳහන් වේ (රූපය 5). මෙය, බීඩි භාවිතය වැඩි වීම සහ ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳ නාමයන්ගෙන් බීඩි වෙත සංක්‍රමණය වීම පිළිබඳ ඔවුන්ගේම ප්‍රකාශයන්ට පටහැනි වේ.[7]
TobaccoUnmasked සම්පත්
වෙනත් අදාළ දුම්කොළ භාවිතයට නොගත් ඇතුළත් කිරීම්:
- ලංකා දුම්කොළ සමාගම (CTC)
- දුම්කොළ සමාගම්වල තර්ක: බීඩි භාවිතය වැඩිවීම
- දුම්කොළ බදුකරණය පිළිබඳ ‘විකල්ප කරුණු’ හෙළිදරව් කිරීම
මූලාශ්‍ර
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010, Accessed June 2019
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2010, 2011, Accessed June 2019
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2011, 2012, Accessed June 2019
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2012, 2013, Accessed June 2019
- ↑ 5.0 5.1 Ceylon Tobacco Company PLC. Annual Report 2013, 2014, Accessed June 2019
- ↑ 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 Ceylon Tobacco Company PLC. Annual Report 2014, 2015, Accessed June 2019
- ↑ 7.0 7.1 7.2 7.3 7.4 7.5 7.6 7.7 7.8 Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, Accessed June 2019
- ↑ 8.0 8.1 8.2 8.3 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, Accessed June 2019
- ↑ 9.0 9.1 9.2 9.3 Ceylon Tobacco Company PLC. Annual Report 2017, 2018, Accessed June 2019
- ↑ 10.0 10.1 10.2 10.3 Ceylon Tobacco Company PLC. Annual Report 2018, 2019, Accessed June 2019
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2007. Colombo:CTC
- ↑ 12.0 12.1 12.2 Alcohol and Drug Information Centre (ADIC) Sri Lanka. Spot Survey July 2017, 2018, Accessed June 2019
- ↑ 13.0 13.1 Daily Mirror. Who’s responsible for ‘Alternative Facts’ on tobacco taxation?, 1 June 2017, Accessed June 2019