මහින්ද රාජපක්ෂ

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: මහින්ද රාජපක්ෂ. මුලාශ්‍රය : NEWS.LK වෙබ් අඩවිය [1]

1945 නොවැම්බර් 18 වන දින උපත ලැබූ මහින්ද රාජපක්ෂ පසුගිය දශක පහ තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාකාරී විය. වර්ෂ 1970 දී ශ්‍රී ලංකා ඉතිහාසයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 24 ක් විය. ඔහු වර්ෂ 2006 සිට 2015 දක්වා අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඔහු 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) නායකයා වූ අතර පසුව ඉන් ඉවත්ව නව දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා බවට පත් විය. 2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟ 2019 නොවැම්බර් 21 දින පිහිට වූ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් විය. එසේම ඔහු මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස ද පත් කරන ලදී. 2019 දෙසැම්බර් වන විට මහ මැතිවරණය සඳහා ප්‍රකාශයට පත් කරන ලද කාල සීමාව වන 2020 අප්‍රේල් මාසය දක්වා අන්තර්වාර රජය බලයේ සිටිය යුතුය.[2][3][4]

ඔහු පුතුන් හය දෙනෙකු සහ දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවන පුත්‍රයා විය. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව කොළඹ නාලන්දා සහ තර්ස්ටන් විද්‍යාලවලට ඇතුළත් විය.[4] මහින්ද රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන පසුබිමක් සහිත පවුලකිනි. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි.[4] ඔහුගේ සහෝදරයන් තිදෙනා වන චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙයි. 2019 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන සමයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා විය. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලය තුළ චමල් සහ බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සේවය කළ අතරම, චමල් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ද විය.[2][3][5][6]

මහින්ද ශිරාන්ති වික්‍රමසිංහ සමඟ විවාහ වී සිටින අතර නාමල්, යොෂිත සහ රෝහිත යන පුතුන් තිදෙනාගේ පියාය. වැඩිමහල් නාමල් රාජපක්ෂ ද දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන අතර වර්තමාන 8 වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස සේවය කරයි.[7][4]

දේශපාලනික /රජයේ දරන ලද තනතුරු

  • ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති - 2005 සිට 2015 දක්වා[3]
  • ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය - 2004 සිට 2005 දක්වා ; 2018 ඔක්තෝබර් 26 සිට 2018 දෙසැම්බර් 15 දක්වා ; 2019 නොවැම්බර් සිට මේ දක්වා[4][8][9][2]
  • මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය- 2019 නොවැම්බර් සිට මේ දක්වා[2]
  • මුදල් අමාත්‍ය- 2005 නොවැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා[2]
  • බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය- 2019 නොවැම්බර් සිට මේ දක්වා[2]
  • නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය- 2019 නොවැම්බර් සිට මේ දක්වා[2]
  • අධිවේගී මාර්ග අමාත්‍ය- 2004 සිට 2005 දක්වා[4]
  • වරාය, නාවික හා ධීවර අමාත්‍ය- 2001[2]
  • ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය- 1997 සිට 2001 දක්වා[4]
  • කම්කරු අමාත්‍ය- 1994 සිට 1997 දක්වා[4][2]
  • විපක්ෂ නායක- 2002 සිට 2004 දක්වා ; 2018 සිට 2019 නොවැම්බර් දක්වා[4][2]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී- 1970 සිට 1977 දක්වා ; 1989 සිට 2005 දක්වා ; 2015 සිට මේ දක්වා [2]
  • ප්‍රධාන විපක්ෂ නායක- 2001[2]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

දුම්කොළ පාලනය සම්බන්ධව ධනාත්මක සම්බන්ධතා

ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දුම්කොළ හා ඒ ආශ්‍රිත හානිය පාලනය කිරීම සඳහා පහත දැක්වෙන ජාතික මට්ටමේ ධනාත්මක පියවරයන් ක්‍රියාවට නංවන ලදී.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත බලාත්මක කිරීම

ඔහුගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ 2006 දී, ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මද්‍යසාර පාලනය කිරීමේ නීතිමය රාමුව වන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත බලාත්මක කරන ලදී. [10][11]

“ත්‍රිපෝෂ” වැඩසටහන් කළමනාකරණය ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් ලබා ගැනීම

මහජන බදු මුදල් වලින් අරමුදල් සපයන ගර්භනී කාන්තාවන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා වන පෝෂ්‍යදායී අතිරේක ආහාර සැපයීමේ වැඩසටහනක් වන ‘’ත්‍රිපෝෂ’’ වැඩසටහන ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් කළමනාකරණය කරන ලද්දේ ඔවුන්ගේ ආයතනික සමාජ ආයෝජන ව්‍යාපෘතියක් ලෙසය. ජනපති රාජපක්ෂගේ පාලන කාලය තුළ එය රජය විසින් පවරා ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙන ලදී. [12]

“මතට තිත” වැඩසටහන ආරම්භය

වර්ෂ 2005 සිට ක්‍රියාත්මක වූ “මතට තිත” වැඩසටහන, 2005 ජනාධිපතිවරණයට සමගාමීව ඉදිරිපත් කළ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ ප්‍රධාන උපාය මාර්ගික ක්ෂේත්‍රයක් විය.[13][14]

දුම්කොළ පාලනය සම්බන්ධව සෘණාත්මක සම්බන්ධතා

දුම්කොළ පාලන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම

ජනාධිපති රාජපක්ෂ, සිගරට් අසුරන මතුපිට 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වූ බව ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. මාධ්‍ය වාර්තාවලට අනුව, ජනාධිපති රාජපක්ෂ සිගරට් ඇසුරුම්වල 80% ක් රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය අවශ්‍යතාවය පිළිබඳව එවකට සෞඛ්‍ය අමාත්‍ය සිරිසේනගෙන් තම නිල නිවස වූ අරලිය ගහ මන්දිරයේ දී ලංකා දුම්කොළ සමාගමේ නියෝජිතයන් ඉදිරියේ ප්‍රශ්න කර ඇත. [15][16] පසුව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් එවකට සෞඛ්‍ය ඇමති සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රූපමය සෞඛ්‍ය අවවාද සිගරට් ඇසුරුම්වල මතුපිට ප්‍රමාණයෙන් 50% - 60% දක්වා ආවරණය වන පරිදි අඩු කිරීමට නියෝග කරන ලදී. මෙම කරුණ 2015 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සමගාමීව දේශපාලන වේදිකාවන් හි ප්‍රධාන මාතෘකාවක් වූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය සිරිසේන ජනාධිපති රාජපක්ෂ පරාජය කරමින් ජයග්‍රහණය කළේය.

ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් අනුග්‍රාහකත්ව ලබා ගැනීම

ලංකා දුම්කොළ සමාගම (CTC) , ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිවාස 50,000 ක් ඉදිකිරීම උදෙසා මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ අනුග්‍රාහකයෙකි. LKVideos.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි 2015 පෙබරවාරි මස 15 වන දින මහින්ද රාජපක්ෂ ඉදිරියේ ලංකා දුම්කොළ සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් කරන ලද්දේ[17] “ව්‍යාපාරික ප්‍රජාවගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් මත”ය.[18]

ලංකා දුම්කොළ සමාගමේ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම

ලංකා දුම්කොළ සමාගමේ 2013 වාර්ෂික වාර්තාවට අනුව, 2011 නොවැම්බර් මාසයේදී තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) යටතේ 10,000 වන පවුල බඳවා ගැනීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයට රාජපක්ෂ සහභාගී වූයේය. [19] තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP), ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන සමාජ ආයෝජන ව්‍යාපෘතියකි. වැඩි විස්තර සඳහා අදාළ පිටු වෙත පිවිසෙන්න.

රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ 2013 වාර්ෂික වාර්තාවෙන් උපුටා ගැනීම[19]

රජයේ තනතුරු සඳහා ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් පත් කීරීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් ලිඛිත නීතිමය ලියවිල්ලක් මගින් නියම කර ඇති නීතිපති සහ යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිසීයේ ප්‍රධානීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.”[20]. මහින්දගේ ජනාධිපති ධූර කාලය තුළ පහත සඳහන් පත්වීම් ලබා දී ඇත:

  • ලංකා දුම්කොළ සමාගමේ සභාපති ධුරය දැරූ ජයම්පති බණ්ඩාරනායක 2010 වර්ෂයේදී ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයන්ට පත් කර ඇත. වැඩි විස්තර සඳහා ජයම්පති බණ්ඩාරනායක පිටුව වෙත පිවිසෙන්න.


TobaccoUnmasked සම්පත්


Notes

<මූලාශ්‍ර/>

  1. NEWS.LK. Mahinda Rajapaksa: a record of unwavering leadership, 7 April 2014, accessed March 2019
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 Parliament of Sri Lanka. Mahinda Rajapaksa, undated, accessed November 2019
  3. 3.0 3.1 3.2 ENCYCLOPAEDIA BRITANNICA. Mahinda Rajapaksa, 11 August 2018, accessed March 2019
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 The Famous People. Mahinda Rajapaksa Biography, undated, accessed March 2019
  5. Facebook. Basil Rajapaksa, undated, accessed November 2019
  6. Gotabaya Rajapaksa. Biography, undated, accessed November 2019
  7. Parliament of Sri Lanka. Namal Rajapaksa, undated, accessed November 2019
  8. YouTube. Ada Derana Prime Time News Bulletin 06.55 pm - 2018.12.15, 15 December 2018, accessed November 2019
  9. NDTV. Mahinda Rajapaksa Takes Oath As New Sri Lanka Prime Minister, 21 December 2019, accessed November 2019
  10. Samarasinghe N. Politics of tobacco control policymaking in Sri Lanka, 5 April 2017, Daily FT, Accessed June 2019
  11. PARLIAMENT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA. NATIONAL AUTHORITY ON TOBACCO AND ALCOHOL ACT, No. 27 OF 2006, 1 September 2006, Accessed June 2019
  12. Dinamina. Thriposha Beda Harima Saukya Amathyanshaya Yatathata, 26 June 2010, Accessed June 2019
  13. De Silve L. Marked drop in alcohol, tobacco use, 29 July 2009, Accessed June 2019
  14. Asian Tribute. Mahinda Chinthana -Vision for the Future, undated, Accessed November 2019
  15. Subasinghe K. Amathiwarunge Balathala Araliyagaha Maduren Uduragath Yugaya Awasanayi, 12 February 2015, Divaina, Accessed June 2019
  16. Madugamuwa I. President proposes maximum vat on fags, 1 June 2016, Daily News e-paper, Accessed June 2019
  17. LKVideos.com. Api Wenuwen Api, Undated, accessed March 2019
  18. YouTube. High response for “Api Wenuwen Api”, Undated, Accessed March 2019
  19. 19.0 19.1 Ceylon Tobacco Company PLC. Annual Report 2013, 2014, accessed May 2017
  20. The Constitution of the Democratic Socialist Republic of Sri Lanka. Public Officers, Undated, Accessed June 2019
  21. The Island online. Susantha appoints to SriLankan Airlines Board, 29 December 2011, Accessed June 2019