පියසේන ගමගේ

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1949 දී උපත ලැබූ ඉහල මැදගම පියසේන ගමගේ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ඔහු 1989 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු වසර 25 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) සාමාජිකයෙකු වූ අතර පසුකාලීන ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2010 සිට 2015 දක්වා පාලක දේශපාලන පක්ෂ සන්ධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) පිහිටුවන ලදී. ගමගේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයා වේ.[1][2]ඔහු 2015 දී පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් නොවූවත් ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස නුසුදුස්සකු වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, ඔහු 2017 නොවැම්බර් මාසයේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.[3][4] 2020

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය නව දේශපාලන පක්ෂය වන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ‘සමගි ජන බලවේගය’ සඳහා ගමගේ තම සහාය ප්‍රකාශ කළේය.[5][2]

රූපය 1: පියසේන ගමගේ[2]

දරන ලද දේශපාලනික / රජයේ තනතුරු

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී - 1989 සිට 2015 දක්වා සහ 2017 සිට වර්තමානය දක්වා[1]
  • ව්‍යවස්ථාමය කටයුතු හා කාර්මික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - 2000 සිට 2001 දක්වා[6]
  • නිපුණතා සංවර්ධන, වෘත්තීය හා කාර්මික අධ්‍යාපන අමාත්‍ය - 2004 අප්‍රේල් සිට 2005 නොවැම්බර් දක්වා[7]
  • වෘත්තීය හා තාක්ෂණික පුහුණු අමාත්‍ය - 2005 නොවැම්බර් සිට 2010 අප්‍රේල් දක්වා[8]
  • දේශීය වෛද්‍ය අමාත්‍ය - 2010 අප්‍රේල් සිට 2010 නොවැම්බර් දක්වා[9]
  • ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ට අමාත්‍ය - 2010 නොවැම්බර් සිට 2015 ජනවාරි දක්වා[10]
  • නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - 2017 දෙසැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා[11][12]
  • ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - 2018 පෙබරවාරි සිට 2018 මැයි දක්වා[13][14]
  • තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - 2018 මැයි සිට 2018 ඔක්තෝබර් දක්වා[14]


දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ලංකා දුම්කොළ සමාගමේ උත්සවයකට සහභාගී වීම

2005 වසරේ දී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයකු ලෙස පියසේන ගමගේ දකුණු පළාතේ දකුණු දිග වෙරළ තීරයේ පිහිටි කුඩා නගරයක් වන හික්කඩුව, ගලගොඩවත්තේ නිවාස 80 කට අධික සංඛ්‍යාවක් භාරදීමේ උත්සවයකට සහභාගී විය. “ද අයිලන්ඩ්” පුවත්පතට අනුව, 2004 වසරේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමියෙන් පීඩාවට පත් ජනතාව සඳහා “සුනාමි සහන” ව්‍යාපෘතියක් ලෙස බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සහ ලංකා දුම්කොළ සමාගමේ සේවකයින් සමඟ නිවාස ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීය.[15] බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC), ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරයි. 2005 වසරේ දී ආරම්භ කරන ලද ලංකා දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතියක් ලෙස “සුනාමි නිවාස ප්‍රතිසංස්කරණය - දකුණ” ගැන ඔවුන්ගේ 2015 වාර්ෂික වාර්තාවේ (පිටුව 92) සඳහන් කරයි (රූපය 2).[16]

රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ 2015 වාර්ෂික වාර්තාවෙහි “සුනාමි නිවාස ප්‍රතිසංස්කරණය - දකුණ” වාර්තා කරන රූපයේ කොටසක්.[16]

Tobacco Unmasked සම්පත්

වෙනත් අදාළ පිටු:

මූලාශ්‍ර

  1. 1.0 1.1 Parliament of Sri Lanka. Directory of Past Members, 2020, accessed July 2020
  2. 2.0 2.1 2.2 Piyasena Gamage. Piyasena Gamage, Facebook, 2020, accessed July 2020
  3. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I: SECTION (I) — GENERAL Government Notifications, 19 August 2015, accessed July 2020
  4. Daily News. Gamage sworn in as Galle district MP, 10 November2017, accessed July 2020
  5. Manthri.lk. https://web.archive.org/web/20200722154933/http://www.manthri.lk/en/politicians/piyasena-gamagePiyasena Gamage], 2020, accessed July 2020
  6. Priu.gov.lk website. 35 Deputy Ministers, 04 November 2000, accessed July 2020
  7. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments, &c., by the President, 10 April 2004, accessed July2020
  8. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments & c., by the President, 23 November 2005, accessed July 2020
  9. Daily mirror (Online). Cabinet sworn in, 23 April 2010, accessed July 2020
  10. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 22 November 2010, accessed July 2020
  11. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 15 January 2018, accessed July 2020
  12. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 14 March 2018, accessed July 2020
  13. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 14 March 2018, accessed July 2020
  14. 14.0 14.1 The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 02 May 2018, accessed July 2020
  15. The Island. CTC housing project- new start for tsunami victims, 06 January 2006, accessed July 2020
  16. 16.0 16.1 Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed July 2020