දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC)

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil
FCTC.jpg

පසුබිම

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන විශේෂඥ ආයතනයකි. දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව(FCTC), 2003 මැයි මස පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ, 56 වන ලෝක සෞඛ්‍ය සම්මේලනය (ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණ ගැනීමේ ආයතනය) මගින් ජාත්‍යන්තර නීතිය යටතේ සම්මත කරන ලද ජාත්‍යන්තර ගිවිසුමකි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සම්මත කරන ලද ප්‍රථම ගෝලීය මහජන සෞඛ්‍ය පිළිබඳ ගිවිසුමයි. වර්ෂ 2005 වසරේ පෙබරවාරි මස සිට බලාත්මක වූ මෙම ගිවිසුමට 2017 වසර වන විට නීත්‍යානුකුලව අත්සන් තබා ඇති රටවල් ගණන 180 කි. [1].

දුම්කොළ වසංගතය ගෝලීයකරණයට පිළිතුරක් වශයෙන් දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) ඇති කරන ලදී. දුම්කොළ වසංගතය ප්‍රචලිත වීමට බලපෑ සාධක අතර තනි රටක පාලනයෙන් ඔබ්බට ගිය, වෙළෙදාම ලිබරල්කරණය, සෘජු විදේශ ආයෝඡන, ගෝලීය අලෙවිකරණය, අන්තර්ජාතික දුම්කොළ ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වය සහ ජාත්‍යන්තර වශයෙන් නීති විරෝධී හා ව්‍යාජ දුම්වැටි වෙළෙදාම වැනි සාධක ප්‍රධාන හේතු විය.[2] දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි(FCTC) පුර්විකාවට අනුව මෙමගින් දුම්කොළ භාවිතයන් සහ සිගරට් දුමාරයට නිරාවරණය වීමෙන් ලොව පුරා ඇතිවිය හැකි ලෝක සෞඛ්‍යමය, සමාජයීය ආර්ථිකයමය හා පාරිසරික ප්‍රතිවිපාක පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිල්ල පිළිබිඹු කරයි. "මෙම සම්මුතියේ පාර්ශවකරුවන් විසින් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඇති අයිතියට ප්‍රමුඛත්වය දීමට තීරණය කර තිබේ" යනුවෙන් සම්මුතිය යේ වැඩිදුරටත් සඳහන් වේ. [2]මෙම සම්මුතිය එක්සත් ජාතීන්ගේ ඉතිහාසයේ වඩාත්ම ඉක්මණින් බලාත්මක කළ ගිවිසුම් අතරින් එකක් වන අතර එමගින් දුම්කොළ භාවිතය නිසා ඇතිවන විනාශකාරී සෞඛ්‍යමය, සමාජයීය සහ ආර්ථික ප්‍රතිවිපාකවලින් වත්මන් හා අනාගත පරම්පරාව ආරක්ෂා කිරීම සහ එහි වැදගත්කම අවධාරණය කරයි.[2]ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තැබූ ප්‍රථම ආසියාතික රට වන අතර ලොව සිව්වන රටයි.[3]

සම්මුතියෙහි එන වගන්ති

එම සම්මුතිය පහත පරදි වගන්ති වලට බෙදා වෙන් කර ඇත.[2]:

  • 3 සිට 5 දක්වා වගන්ති - අරමුණු, මාර්ගෝපදේශ ප්‍රතිපත්ති මූලධර්ම සහ පොදු බැඳීම්;
  • 6 සිට 14දක්වා වගන්ති - දුම්කොළ සම්බන්ධ ඉල්ලුම අඩු කිරීමේ පියවර;
  • 15 සිට 17 දක්වා වගන්ති - සැපයුම අඩු කිරීමේ පියවර;
  • 18 වන වගන්තිය - පරිසරය ආරක්ෂා කිරීම;
  • 19 වන වගන්තිය - වගකීම්;
  • 20 සිට 22 දක්වා වගන්ති - සහයෝගීතාව සහ සන්නිවේදනය;
  • 23 සිට 26 දක්වා වගන්ති -ආයතනික සැලසුම් සහ මුල්‍ය සම්පත්;
  • 27 වන වගන්තිය - ආරවුල් විසඳීම;
  • 28 සිට 29 දක්වා වගන්ති - සම්මේලනය සංවර්ධනය කිරීම;
  • 30 සිට 38 දක්වා වගන්ති -සම්මුතියට අනුගත වීම, බලගැන්වීම වැනි ව්‍යවස්ථාමය කරුණු ඇතුළත් "අවසාන විධිවිධාන"

සම්මුතිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පහත පිටු බලන්න:

දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 7 වන වගන්තිය, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 8 වන වගන්තිය, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 9 වන වගන්තිය, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 10 එන වගන්තිය, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 11 වන වගන්තිය,FCTC 13: දුම්කොළ සම්බන්ධ දැන්වීම්කරණය, ප්‍රචාරණය ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වයන් ලබා දීම, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 14 වන වගන්තිය

නිර්දේශ

සම්මේලනය විසින් නිර්දේශ කරන ලද ක්‍රමෝපායන් "MPOWER" හි සංකේත නාමයෙන් සාරාංශ ගත කර ඇත.[4]

M (Monitor )- දුම්කොළ භාවිතය සහ නිවාරණ ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම
P (Protect ) - සිගරට් දුමාරයෙන් ජනතාව ආරක්ෂා කිරීම
O (Offer Help )- දුම්කොළ භාවිතය නතර කිරීමට උදව් කිරීම
W (Warn ) - දුම්කොළ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න
E (Enforce Bans) - දුම්කොළ සම්බන්ධ ප්‍රචාරණය, ප්‍රවර්ධනය සහ අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා වන තහනම බලාත්මක කිරීම
R (Raise the Price ) - දුම්කොළ මිල ඉහළ නැංවීම

අදාල සබැඳි

WHO FCTC

CCT Resources

මුලාශ්‍ර

  1. WHO Framework Convention on tobacco control website, 2017, accessed March, 2017
  2. 2.0 2.1 2.2 2.3 World Health Organization. Framework Convention on Tobacco Control, 2005, accessed March 2017
  3. C. Fonseka. Tobacco, alcohol and doctors. Ceylon Medical Journal. 2009, 54(3), 71–74
  4. Tobacco Free Initiative. MPOWER brochures and other resources, 2017, accessed March, 2017