ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

2017 වසරේදී කොළඹ කොටස් හුවමාරුවට අයත් විශාලතම වෙළඳ සමාගම වූයේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයයි. හෝටල්, නිවාඩු නිකේතන, සැපයුම් සේවාවන්, තොරතුරු තාක්ෂණ සේවාවන් සහ ආහාර පාන නිෂ්පාදන ආයතන මෙම ව්‍යාපාරයට අයත් වේ. තවද, ඔවුන් විසින් දුම්වැටි හා මද්‍යසාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය සහිත සුපිරි වෙළදසැල් ජාලයක් කීල්ස් සුපර් නාමයෙන් පවත්වා ගෙන යනු ලබයි. [1]

සුසන්ත රත්නායක, ජෝන් කීල්ස් සමූහයේ වර්තමාන සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන අතර ඔහු 2006 වසරේදී එහි සභාපති ධූරයට පත් විය. ඔහු 1992 වසරේ සිට ජෝන් කීල්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. [2]

රූපය 1: 2017 දෙසැම්බර් 29 වන දින ජෝන් කීල්ස් වෙබ් අඩවියේ පළ වූ සුසන්ත රත්නායකගේ විස්තරය [2]

දුම්කොළ කර්මාන්තය සමඟ ඇති සම්බන්ධතා

පසුගිය දශක දෙක තුලදී, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරු දෙදෙනෙක් ඒ හා සමාන්තරව ලංකා දුම්කොළ සමාගමේ ද සභාපතිත්වය දැරූහ.

  • කෙන් බාලේන්ද්‍ර - ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයාය(1990- 2000). [4] ඔහු වසර 2003-2009 දක්වා කාලය තුළ ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා වූ අතරම වසර 9ක කාලයක් එහි විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙසද සේවය කළේය. [5]

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක නොවන අධ්‍යක්ෂකවරියක ලෙස සේවය කරන ප්‍රමිලා පෙරේරා, 2014 වසරේ සිට ලංකා දුම්කොළ සමාගමේ ද විධායක නොවන අධ්‍යක්ෂකවරියක වශයෙන් සේවය කරයි.

දුම්කොළ සමාගම හා සම්බන්ධ ක්‍රියාකාරකම්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ලංකා දුම්කොළ සමාගම (CTC) සමග පහත දැක්වෙන අවස්ථාවලදී එක්ව කටයුතු කර ඇත.

ඒකාබද්ධ ව්‍යාපාර සැලසුම් පිළිබඳ සාක්ෂි

Truth Tobacco Industry Documentහි ඇතුළත් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අභ්‍යන්තර ලේඛනයක වන ඩී. එස්. ජෝන්ස්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ වූ සටහනක් මගින් මේ බව හෙළි වේ.

සීටීසී ඊගල් අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ආසනයක් සහිතව 5% ක කොටස්කරුවෙකු බවට පත් කර ගැනීම සඳහා ජෝන් කීල්ස් සමාගම සමග සාකච්ඡාවක් පැවති බව එහි සඳහන් වේ. (රූපය 2) [6]

රූපය 2:1991 මාර්තු මස ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ඩේවිඩ් ජෝන්ස් විසින් ජේ සී ඩී මැනිං වෙත යවන ලද සටහන් සම්බන්ධ ලිපියෙන් උපුටා ගැනීම [6]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සත්කාරකත්වය ලබා දීම.

Truth Tobacco Industry Documentහි ඇති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අභ්‍යන්තර ලේඛන අතර වූ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන ඒ.සී. ජොන්ස්ටන් විසින් කෙන් බාලේන්ද්‍ර හට 1994 ජූනි 21 වන දින එවන ලද ලිපියකින් මේ බව හෙළි වේ. එහි ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් හෝටලයක් වන හබරන ලොජ් හිදී ලද ආගන්තුක සත්කාරය සහ ජෝන් කීල්ස් හෙලිකොප්ටරයෙන් ලබා දුන් නිරීක්ෂණ චාරිකාව ප්‍රශංසාවට ලක් කර ඇත. (රූපය 3) [7]

Fast Track 15 සීමාවාසික පුහුණු වැඩසටහන

2011 වසරේදී ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය එක්ව බැංකුකරණය, මුල්‍ය සේවා සහ ප්‍රවාහනය ඇතුළු විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි උපාධි අපේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් මෙම සීමාවාසික පුහුණු වැඩසටහන හඳුන්වා දෙන ලදී. ”.[8] (වැඩි විස්තර සඳහා Fast Track 15 බලන්න.)


රූපය 4: ලංකා දුම්කොළ සමාගමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානීන් 2015 වසරේ පුහුණු අපේක්ෂකයින් සමග [8]

ගිරිහඬු සෑය වන්දනාකරුවන්ට විවේකාගාරයක් ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීම

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ආයෝජන ඒකකය වන ජෝන් කීල්ස් පදනම (John Keells Foundation) සහ ලංකා දුම්කොළ සමාගම (CTC) එක්ව තිරියායේ පිහිටි ගිරිහණ්ඩු සෑය විහාරස්ථාන භූමියේ විවේකාගාරයක් ඉදිකිරීම සඳහා අරමුදල් සම්පාදනය කරන ලදි. (කරුණාකර වැඩි විස්තර සඳහා ගිරිහඬු සෑය වන්දනාකරුවන් සඳහා විවේකාගාරය ඉදි කිරීම බලන්න)

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳි

මූලාශ්‍ර

  1. John Keells Group. Website, 2017, accessed October 2017
  2. 2.0 2.1 2.2 John Keells Group Website. Board of Directors, 2017, accessed October 2017
  3. Ceylon Tobacco Company PLC. of Directors, accessed October 2017
  4. Sunday Times. Ken BalendraReleases Biography, 17 September 2017, accessed October 2017
  5. Ceylon Tobacco Company PLC. Annual Report 2008, 2009, accessed January 2018
  6. 6.0 6.1 British-American Tobacco Company Limited,BAT Industries Group, J David. 1991 මාර්තු මස ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ඩේවිඩ් ජෝන්ස් විසින් ජේ සී ඩී මැනිං වෙත යවන ලද සටහන් සම්බන්ධ ලිපියෙන් උපුටා ගැනීම. 13 March 1991. British American Tobacco Records, Unknown,accessed October 2017
  7. 7.0 7.1 British-American Tobacco Company Limited, AC Johnston. Letter from AC Johnston to Ken Balendra regarding visit information, British American Tobacco Records, 21 June 1994, accessed October 2017
  8. 8.0 8.1 Daily FT. Fast Track 15 gives impetus to young talented undergraduates, 15 May 2015, accessed October 2017