Difference between revisions of "ගෝඨාභය රාජපක්ෂ"

From Tobacco Unmasked Sinhala
Line 33: Line 33:
  
 
===='අපි වෙනුවෙන් අපි' ආහාර වෙළඳසැල මාදිවෙල ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම====
 
===='අපි වෙනුවෙන් අපි' ආහාර වෙළඳසැල මාදිවෙල ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම====
'අපි වෙනුවෙන් අපි' යනු ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නියුතු වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අරමුදලකින් අරමුදලකි. මාදිවෙල, කොළඹ ඉදිකරන ලද 'අපි වෙනුවෙන් අපි' අරමුදලට අනුබද්ධිත ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ගෝඨාභය විසින් විවෘත කරන ලදී (රූපය 3). <Ref name= Api> Ministry of Defence and Urban Development [http://archive.li/FKbQO, 'Api Wenuwen Api' cafeteria opens for public], Accessed January 2019</Ref>[[ලංකා දුම්කොළ සමාගම (CTC)|ලංකා දුම්කොළ සමාගමේ]] ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් යමනාකා සහ [[දිනේෂ් ධර්මදාස]] ඇතුළු දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  
+
'අපි වෙනුවෙන් අපි' යනු ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නියුතු වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අරමුදලකි. මාදිවෙල, කොළඹ ඉදිකරන ලද 'අපි වෙනුවෙන් අපි' අරමුදලට අනුබද්ධිත ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ගෝඨාභය විසින් විවෘත කරන ලදී (රූපය 3). <Ref name= Api> Ministry of Defence and Urban Development [http://archive.li/FKbQO, 'Api Wenuwen Api' cafeteria opens for public], Accessed January 2019</Ref>[[ලංකා දුම්කොළ සමාගම (CTC)|ලංකා දුම්කොළ සමාගමේ]] ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් යමනාකා සහ [[දිනේෂ් ධර්මදාස]] ඇතුළු දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  
  
 
[[Image:ApiWenuwenApi.jpg| 1000px|thumb|centre| රූපය 3: [[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් මාදිවෙල ඉදි කරන ලද "අපි වෙනුවෙන් අපි" ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ගෝඨාභය විවෘත කිරීම<ref> Ministry of Defense and urban Development, [http://archive.li/FKbQO ‘Api Wenuwen Api’ cafeteria opens for public], 5 November 2012, Accessed August 2018 </ref>]]
 
[[Image:ApiWenuwenApi.jpg| 1000px|thumb|centre| රූපය 3: [[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් මාදිවෙල ඉදි කරන ලද "අපි වෙනුවෙන් අපි" ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ගෝඨාභය විවෘත කිරීම<ref> Ministry of Defense and urban Development, [http://archive.li/FKbQO ‘Api Wenuwen Api’ cafeteria opens for public], 5 November 2012, Accessed August 2018 </ref>]]

Revision as of 01:12, 21 January 2020

TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1949 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවේ වීරකැටිය ග්‍රාමයෙහි ගෝඨාභය රාජපක්ෂ උපත ලැබීය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු ද වේ. [1]

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ ය. ඔහු ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන අතර පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය කථානායකවරයෙකු වන ඩී. ඒ. රාජපක්ෂගේ පුත්‍රයාය. ඔහු මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට (LTTE) එරෙහිව රටෙහි පැවති සිවිල් යුද්ධයේ මුල් යුගයේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ අතර වසර 20 ක සේවා කාලයකින් අනතුරුව 1992 වසරේදී විශ්‍රාම ගත්තේය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඔහුගේ සොහොයුරු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් වූ ජනාධිපතිවරණයත් සමග ඔහු නැවත පැමිණි අතර ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් විය.[2][3][1]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස 2019 අගෝස්තු 11 වන දින ඔහුව නම් කරන ලදී.[4][5]ගෝඨාභය රාජපක්ෂ, 2019 නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරණයේදී 52.2% ක බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.[6]

රූපය 1: ගෝඨාභය රාජපක්ෂ(ගූගල් රූප අනුග්‍රහයෙනි)

දේශපාලනික/ රාජ්‍ය ආයතන වල දරන ලද තනතුරු[1][3]

  • ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති - 2019 නොවැම්බර් සිට මේ දක්වා
  • ශ්‍රී ලංකා යුද හමුදාව 1971- 1992
  • ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය අණදෙන නිලධාරී 1991-1992.
  • ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් 2005 නොවැම්බර් - 2015 ජනවාරි

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

අනුග්‍රාහකත්ව ලබා ගැනීම

පොලිස් ස්ථාන ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා ගැනීම.

2014 ජුලි මස මාතර දිස්ත්‍රික්කයේ වීරකැටිය නගරයෙහි නව පොලිස් ස්ථානයක් ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අනුබද්ධිත ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ විෂය පථයට අයත් වන පොලීසිය තිබියදීත් ආරක්ෂක ලේකම් වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී (රූපය 2).[7] ලංකා දුම්කොළ සමාගමේ 2013 වසරේ වාර්ෂික වාර්තාවට අනුව මෙම ඉදි කිරීම සිදු කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව වන අතර දුම්කොළ සමාගමේ අරමුදල් සහිතව ඉදිකරන ලද තුන්වන පොලිස් ස්ථානය මෙයයි. කිලිනොච්චි සහ මාන්කුලම පොලිස් ස්ථාන එසේ උතුරු පළාතේ ඉදි කරන ලද ප්‍රථම හා දෙවන පොලිස් ස්ථාන වූ අතර ලංකා දුම්කොළ සමාගමේ අරමුදලින් දකුණු පළාතේ ඉදිකරනු ලබන එකම පොලිස් ස්ථානය වීරකැටිය බව වාර්තා වේ.[8] වැඩි විස්තර සඳහා වීරකැටිය පොලිස් ස්ථානය සහ කිලිනොච්චි හා මාන්කුලම් පොලිස් ස්ථාන නැවත විවෘත කිරීම පිටු වෙත පිවිසෙන්න.

රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆෙලිසියෝ ෆෙරස් විසින් එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත 2014 ජූලි මස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පරිත්‍යාගය භාරදීම.[9]


යුද සුභසාධක වෙළඳසැල් ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා ගැනීම

2016 වසරේ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව වර්ෂ 2006 -2011 කාලපරිච්ඡේදය තුළ ඔවුන් යුද සුභසාධක වෙළඳසැල් ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.[10]

'අපි වෙනුවෙන් අපි' ආහාර වෙළඳසැල මාදිවෙල ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම

'අපි වෙනුවෙන් අපි' යනු ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නියුතු වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අරමුදලකි. මාදිවෙල, කොළඹ ඉදිකරන ලද 'අපි වෙනුවෙන් අපි' අරමුදලට අනුබද්ධිත ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ගෝඨාභය විසින් විවෘත කරන ලදී (රූපය 3). [11]ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් යමනාකා සහ දිනේෂ් ධර්මදාස ඇතුළු දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රූපය 3: ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් මාදිවෙල ඉදි කරන ලද "අපි වෙනුවෙන් අපි" ආපනශාලාව 2012 නොවැම්බර් මස 5 වන දින ගෝඨාභය විවෘත කිරීම[12]

ලංකා දුම්කොළ සමාගමේ උත්සවවලට සහභාගීවීම

ගිරිහඬු සෑය වන්දනාකරුවන් සඳහා විවේකාගාරයක් ඉදි කිරීම ලංකා දුම්කොළ සමාගමේ මූල්‍යාධාර මත සිදුවිය. ගෝඨාභය එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය (රූපය 4 සහ 5). [13][14][15][16]මෙම විවේකාගාරය ඉදි කිරීම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ (ජෝන් කීල්ස් පදනම) සහ ලංකා දුම්කොළ සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එවකට මෙම සමාගම් දෙකෙහි ම සභාපතිවරයා වූයේ සුසන්ත රත්නායකය. වැඩි විස්තර සඳහා ගිරිහඬු සෑය වන්දනාකරුවන් සඳහා විවේකාගාරය ඉදි කිරීම පිටුවට පිවිසෙන්න.

රූපය 4: ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගිරිහඬු සෑය වන්දනාකරුවන්ගේ විවේකාගාරය විවෘත කිරීම. මිලින්ද මොරගොඩ ද මෙම ඡායාරූපයේ පෙනී සිටියි.[14]
රූපය 5: ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රාහකත්වය සඳහන් වන විවේකාගාරයේ ඇති සමරු ඵලකය [15]


TobaccoUnmasked සම්පත්


මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Ministry of Defence Sri Lanka. Former Defence Secretaries, Accessed January 2019
  2. R Somarathna. Ananda Icons: Meteoric rise of Ananda's patriotic sons, Daily News, 3 July 2009, Accessed June 2019
  3. 3.0 3.1 Singapore International Water Week Pte. Ltd. Speakers – Participants, Water leaders’ platform, 2007, Accessed June 2019
  4. NewsFirst.lk. [https://www.newsfirst.lk/2019/08/11/slpp-national-convention-begins/ UPDATE: Gotabaya Rajapaksa named the Presidential candidate of SLPP, 11 August 2019, Accessed August 2019
  5. ColomboPage. SLPP names Gotabhaya Rajapaksa as presidential candidate, 11 August 2019, Accessed August 2019
  6. Presidential Secretariat of Sri Lanka. [1], 18 November 2019, accessed November 2019
  7. Daily FT MNCs extend support for ‘Api Wenuwen Api’ fund, 6 July 2013, Accessed January 2019
  8. Ceylon Tobacco Company PLC. Annual Report 2014, Accessed January 2019
  9. Ministry of Defence Sri Lanka Website. CTC assists for the new police station in Weeraketiya accessed on 04 October 2018
  10. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, Accessed January 2019
  11. Ministry of Defence and Urban Development 'Api Wenuwen Api' cafeteria opens for public, Accessed January 2019
  12. Ministry of Defense and urban Development, ‘Api Wenuwen Api’ cafeteria opens for public, 5 November 2012, Accessed August 2018
  13. Asian Tribune. Secretary Defence declares opens Pilgrims Rest at Girihandu Seya, 21 July 2014, assessed August 2017
  14. 14.0 14.1 The Island. Secretary Defence declares open Pilgrims Rest at Girihandu Seya,27 July 2014, assessed August 2017
  15. 15.0 15.1 K.A.D Fonseka. Commemorative plaque, 02 October 2015, assessed December 2017
  16. Ministry of Defence and Urban Development Sri Lanka. Secretary Defence Declares Open Pilgrims’ Rest at Girihandu Seya, 19 July 2014