SADP Plus

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP), ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) මෙය 2005 වසරේ දී ඔවුන්ගේ මව් සමාගම වන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන තේමාව වන "තිරසාර කෘෂිකර්ම හා පරිසරය" හා සමගාමීව ආරම්භ කරන ලදී. මෙමගින් තෝරාගත් ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් වලට ගෙවතු වගාව හා සත්ව පාලනය හරහා ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික හා අනෙකුත් යෙදවුම් සපයා දී ඇත. (කරුණාකර වැඩි විස්තර සඳහා තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) බලන්න) [1][2]

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි එක් ප්‍රභේදයක් වන SADP Plus වැඩසටහන 2009 වසරේ දී දියත් කරන ලදී. ලංකා දුම්කොළ සමාගමට අනුව ශ්‍රී ලංකා රජය විසින් නැගෙනහිර පළාතේ පශ්චාත් යුධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත කරන ලද ආරාධනයක් මත මෙම වැඩසටහන ආරම්භ කර ඇත. [3]

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන

ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව SADP Lite වැඩසටහන සඳහා 2016 දී ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 79 ක් ආයෝජනය කර ඇත. [1]

බලපෑම

SADP Plus වැඩසටහන ආරම්භයේ සිට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 2,700 ක් බව ලංකා දුම්කොළ සමාගම (CTC) 2016 වසරේදී වාර්තා කළේය.[1] ත්‍රිකුණාමලය (පවුල් 1,700 ක්) සහ කිලිනොච්චිය (පවුල් 1,000 ක්) යන දිස්ත්‍රික්ක දෙකට මෙම පවුල් අයත් විය. ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 2013 වසරේදී කිලිනොච්චියේ SADP Plus ව්‍යාපෘති ප්‍රදේශ වෙත මාධ්‍ය චාරිකාවක් සංවිධානය කරන ලදී. [4] තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) සඳහා මෙන්ම SADP Plus වැඩසටහන සඳහා ද ලද ධනාත්මක මාධ්‍ය ආවරණය පහත දැක්වෙන උදාහරණවලින් පිළිබිඹු වේ.

රූපය 1: SADP Plus වැඩසටහන සඳහා ලද ධනාත්මක මාධ්‍ය ආවරණය [5]
  • Sunday Times - 1,000 farming families graduate from Ceylon Tobacco project in Kilinochchi ( ලංකා දුම්කොළ සමාගමේ ව්‍යාපෘතියෙන් කිලිනොච්චියේ ගොවි පවුල් 1000 කට ප්‍රතිලාභ)[6]
  • Daily FT - 1,000 farming families graduate from SADP Plus in Kilinochchi (SADP Plus ව්‍යාපෘතියෙන් කිලිනොච්චියේ ගොවි පවුල් 1000 කට ප්‍රතිලාභ) [7]
  • The Island - 1,000 farming families graduate from SADP Plus in Kilinochchi (SADP Plus ව්‍යාපෘතියෙන් කිලිනොච්චියේ ගොවි පවුල් 1000 කට ප්‍රතිලාභ) [8]
  • Sunday Observer - Kilinochchi farming families complete SADP project (කිලිනොච්චියේ ගොවි පවුල් SADP ව්‍යාපෘතිය සම්පූර්ණ කරයි) [9]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  2. British American Tobacco. Sustainable Agriculture Development Programme, 2017, accessed May 2017
  3. Ceylon Tobacco Company PLC Website. Sustainability, 2017, accessed May 2017
  4. 4.0 4.1 C Fernandopulle. Ceylon Tobacco’s SADP goes beyond one-off direct aid, Daily Mirror Sri Lanka, 18 July 2013, accessed May 2017
  5. Pinterest. 1,000 farming families graduate from SADP Plus in Killinochchi, 31 January 2015, accessed September 2018
  6. Business Times. 1,000 farming families graduate from Ceylon Tobacco project in Kilinochchi, 01 February 2015, accessed May 2017
  7. Daily FT. 1,000 farming families graduate from SADP Plus in Kilinochchi, 30 January 2015, accessed May 2017
  8. The Island. 1,000 farming families graduate from SADP Plus in Kilinochchi, 31 January 2015, accessed May 2017
  9. Sunday Observer.lk. Kilinochchi farming families complete SADP project, 1 February 2015, accessed May 2017