SADP Lite

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP), ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) මෙය 2005 වසරේ දී ඔවුන්ගේ මව් සමාගම වන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන තේමාව වන "තිරසාර කෘෂිකර්ම හා පරිසරය" හා සමගාමීව ආරම්භ කරන ලදී. මෙමගින් තෝරාගත් ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් වලට ගෙවතු වගාව හා සත්ව පාලනය හරහා ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික හා අනෙකුත් යෙදවුම් සපයා දී ඇත. (කරුණාකර වැඩි විස්තර සඳහා තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) බලන්න) [1][2] SADP Lite යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් 2010 වසරේ දී දියත් කරන ලද තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි එක් ප්‍රභේදයකි. ලංකා දුම්කොළ සමාගමට අනුව කන්දකාඩු ප්‍රදේශයේ සිටි එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. [1]

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන

ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව SADP Lite වැඩසටහන සඳහා 2016 දී ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 2.9 ක් ආයෝජනය කර ඇත. [1]

බලපෑම

SADP වැඩසටහන ආරම්භයේ සිට ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 1,449 ක් බව ලංකා දුම්කොළ සමාගම (CTC) 2016 වසරේදී වාර්තා කළේය. සෑම පවුලක්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයට අයත් විය. [1] රජයේ පරිපාලන නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මෙම පවුල් තෝරා ගනු ලැබීය. වගාව සඳහා අවම වශයෙන් පර්චස් 20 ක භූමියක් හිමිව තිබීම සහ නිත්‍ය ජල ප්‍රභවයක් පැවතීම තෝරා ගැනීමේ ප්‍රධාන නිර්ණායක විය. [3] තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) සඳහා මෙන්ම SADP Lite වැඩසටහන සඳහා ද ලද ධනාත්මක මාධ්‍ය ආවරණය පහත දැක්වෙන උදාහරණවලින් පිළිබිඹු වේ.

රූපය 1: SADP Lite වැඩසටහන සඳහා ලද ධනාත්මක මාධ්‍ය ආවරණය [4]
  • Daily FT - From separatism to SADP! (බෙදුම්වාදයේ සිට තිරසාර කෘෂිකර්ම සංවර්ධනය වැඩසටහන (SADP) දක්වා) [3]
  • The Island - CTC converts brown sparse landscape in Kilinochchi to a green oasis of lush vegetation (කිලිනොච්චියේ දුඹුරු පැහැති රළු භූමි ලංකා දුම්කොළ සමාගම (CTC) මගින් සශ්‍රික හරිත ක්ෂේම භූමියක් බවට පරිවර්තනය කරයි) [4]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  2. British American Tobacco. Sustainable Agriculture Development Programme, 2017, accessed May 2017
  3. 3.0 3.1 N. Cassim. From separatism to SADP!, 29 July 2013, accessed May 2017
  4. 4.0 4.1 The Island. CTC converts brown sparse landscape in Kilinochchi to a green oasis of lush vegetation, 20 July 2013, accessed May 2017
  5. J. De Silva. CTC Outreach projects benefit over 16,000 families, 24 July 2013, accessed May 2017