2019 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

2019 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මත සිදු කළ ගවේෂණාත්මක පර්යේෂණවල සොයා ගැනීම් මත මෙම පිටුව පදනම් වී ඇත. 2019 නොවැම්බර් 16 දින (මැතිවරණයට පෙර දින) දක්වා පළ වූ වාර්තාවන් මේ සඳහා සලකා බලන ලදී.

Contents

පසුබිම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනගහනය මිලියන 20.1 ක් වන අතර විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු විසින් එය පාලනය කරනු ලබයි (රූපය 1). 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වූ ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය 2019 වසරේ නොවැම්බර් 17 දින පැවැත්විණි. අපේක්ෂකයින් 35 දෙනෙකුගේ නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගනු ලැබීය. [1].ආසන්න වශයෙන් මිලියන 16 ක් වූ සුදුසුකම් ලත් ඡන්ද දායකයින්ගෙන් 83.7% ක් ඡන්දය ප්‍රකාශ කළ අතර වලංගු ඡන්ද ප්‍රතිශතය 82.9% ක් විය. හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ,ඡන්ද මිලියන 1.36 ක බහුතරයක් (වලංගු ඡන්ද වලින් 52.25%) සහිත ව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.[2]

ශ්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය වැඩි වශයෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය හා අලෙවියේ ඒකාධිකාරය දරණ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) විසිනි. වැඩි විස්තර සඳහා ශ‍්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය පිටුව බලන්න.

රූපය 1: ශ්‍රී ලංකා රජයේ ව්‍යුහය පිළිබඳ රූපමය තොරතුරු සටහනක්. මුලාශ්‍රය: අල්ජසීරා වෙබ් අඩවිය[3]

එක් එක් අපේක්ෂකයාගේ දුම්කොළ කර්මාන්තයට ඇති සම්බන්ධතා සහ / හෝ දුම්කොළ කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයේ සොයා ගැනීම් පහත දැක්වේ. පාඨකයාට සන්දර්භය අවබෝධ කර ගැනීම පහසු වීම සඳහා ඡන්ද 25,000 කට වඩා ලබා ගත් අපේක්ෂකයින් සඳහා ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ, ලබාගත් ඡන්ද ප්‍රමාණ සහ ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ව වන ප්‍රතිපත්ති ද සඳහන් වේ.[4][1][5][6][7][8][9]

1.ගෝඨාභය රාජපක්ෂ

  • දේශපාලන පක්ෂය - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 6,924,255
  • ප්‍රතිශතය - 52.25%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ධුරය දැරූ කාලය තුළ වීරකැටිය නගරයෙහි නව පොලිස් ස්ථානයක් ඉදිකිරීමට, යුද හමුදා සුභසාධක වෙළඳසැල් සහ 'අපි වෙනුවෙන් අපි' ආහාර වෙළඳසැල් ඉදිකිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් අනුග්‍රාහකත්වයන් ලැබුණි. 'අපි වෙනුවෙන් අපි' යනු ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නියුතු වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අරමුදලකි.

වැඩි විස්තර සඳහා ගෝඨාභය රාජපක්ෂ පිටුවට පිවිසෙන්න.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[10]

“මත්ද්‍රව්‍ය” පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග සඳහන් කර ඇති නමුත් දුම්කොළ සහ මද්‍යසාර පාලනය පිළිබඳ විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (රූපය 2) සඳහන් කර නොමැත.

  • මත්ද්‍රව්‍ය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රේගු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ නවීන තාක්ෂණික උපකරණ ලබා දීම.
  • පොලිසිය, ආරක්ෂක හමුදා සහ ජනතා සහභාගීත්වය ද සහිතව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
  • පාසල් පද්ධතිය, ගුරුවරුන් සහ දෙමාපියන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම.
  • මත්ද්‍රව්‍ය හෝ මත් ආදේශක අලෙවිකරන පුද්ගලයින්, ඖෂධ අලෙවි සැල් සහ ජංගම වෙළෙන්දන් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
  • ජාතික පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කිරීම.
  • නවීන ප්‍රතිකාර සහ විශෝදන ක්‍රම වලින් සමන්විත ජාතික මත් නිවාරණ මධ්‍යස්ථාන හතරක් මුළු රටම ආවරණය වන ලෙස ආරම්භ කිරීම.
රූපය 2: ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[10]

2. සජිත් ප්‍රේමදාස

  • දේශපාලන පක්ෂය - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 5,564,239
  • ප්‍රතිශතය - 41.99%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

පවතින නීති රාමුව තුළ බීඩි (දේශීය සිගරට් වැනි දුම්කොළ නිෂ්පාදනයක්) නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර පොරොන්දු විය. වැඩි විස්තර සඳහා කරුණාකර සජිත් ප්‍රේමදාස පිළිබඳ අපගේ පිටුවට පිවිසෙන්න.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[11]

“මත්ද්‍රව්‍ය” පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග සඳහන් කර ඇති නමුත් දුම්කොළ පාලනය පිළිබඳ විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (රූපය 3) සඳහන් කර නොමැත.

  • මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.
  • විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී අධිකරණයක් සහ විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී අභිචෝදක ව්‍යුහයක් පිහිටුවීම සහ පොලිස් මත්ද්‍රව්‍ය විරෝධී අංශය ශක්තිමත් කිරීම.
  • මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට දඬුවම් දැඩි කිරීම.
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ ජාවාරම්කරුවන් වෙන්කොට හඳුනා ගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කිරීම.
  • නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන අටක් පිහිටුවීම.
  • එතනෝල් ආනයන බලපත්‍ර ස්වාධීන කොමිසමක් විසින් නැවත විවරණය කිරීම.
  • ජාත්‍යන්තර බුද්ධි හා මත්ද්‍රව්‍ය විරෝධී නියෝජිත ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගලා ඒම නතර කිරීම.
රූපය 3: සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[11]


3. අනුර කුමාර දිසානායක

  • දේශපාලන පක්ෂය - ජාතික ජන බල වේගය
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 418,553
  • ප්‍රතිශතය - 3.16%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ කෘෂි කාර්මික ප්‍රදේශවල වැව් අමුණු ප්‍රතිස්ථාපනය කිරීමේ සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් ඔහුට අනුග්‍රාහකත්වය ලැබුණි. වැඩි විස්තර සඳහා කරුණාකර අනුර කුමාර දිසානායක පිළිබඳ අපගේ පිටුවට පිවිසෙන්න.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[12]

බෝ නොවන රෝග වැළැක්වීමේ උපාය මාර්ගයක් ලෙස දුම්කොළ පාලනය කිරීම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන් සඳහන් කර ඇත (රූපය 4).

රූපය 4: අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[12]

4. මහේෂ් සේනානායක

  • දේශපාලන පක්ෂය - ජාතික ජනතා පක්ෂය
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 49,655
  • ප්‍රතිශතය - 0.37%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වාර්තා වී නොමැත.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[13]

දුම්කොළ පාලනය පිළිබඳ විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (රූපය 5) සඳහන් කර ඇත.

  • දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය රාජ්‍ය අධ්‍යාපනය තුළින් අධෛර්යමත් කිරීම.
  • දුම්කොළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ රජයේ හා පෞද්ගලික සේවා ස්ථානවල දුම්පානය කිරීම දැඩි ලෙස තහනම් කිරීම.
  • තරුණයින්, මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතයෙන් ආරක්ෂා කිරීම.
  • ඵලදායි ලෙස තරුණ තරුණියන් ආරක්ෂිත පරිසරයක පුනරුත්ථාපනය කිරීම හා නැවත සමාජගත කිරීම සඳහා බහුමාන කාර්ය සාධක බලකායක් හඳුන්වා දීම.
රූපය 5: මහේෂ් සේනානායකගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[13]


5. මහමුද් ලෙබ්බේ අලිම් මොහොමඩ් හිස්බුල්ලා

  • දේශපාලන පක්ෂය - ස්වාධීන අපේක්ෂක
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 38,814
  • ප්‍රතිශතය - 0.29%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වාර්තා වී නොමැත.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය

විශේෂයෙන් සඳහන් කර නොමැත.


6. ආරියවංශ දිසානායක

  • දේශපාලන පක්ෂය - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 34,537
  • ප්‍රතිශතය - 0.26%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වාර්තා වී නොමැත.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[14]

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පොදු තොරතුරු අතර ප්‍රකාශයට පත් නොවීය.කෙසේ වෙතත්, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සිගරට් පිළිබඳ ප්‍රකාශයක් සඳහන් විය (රූපය 6):

  • සිගරට් තහනම් කිරීම
  • මත්ද්‍රව්‍ය තහනම් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුරන් කිරීම
රූපය 6: ආරියවංශ දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[14]


7. අජන්තා විජේසිංහ පෙරේරා

  • දේශපාලන පක්ෂය - ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 27,572
  • ප්‍රතිශතය - 0.21%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වාර්තා වී නොමැත.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[15]

ඇයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දුම්කොළ පිළිබඳ විශේෂයෙන් සඳහන් කර නැත.කෙසේ වෙතත්, එය පදනම් වූයේ 3.8 වගන්තිය යටතේ දුම්කොළ පාලනය ඇතුළත් වන තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) මත ය.

8. පල්ලෙවත්ත ගමරාලගේ රොහාන් පල්ලෙවත්ත

  • දේශපාලන පක්ෂය - ජාතික සංවර්ධන පෙරමුණ
  • ලබා ගත් ඡන්ද සංඛ්‍යාව - 25,173
  • ප්‍රතිශතය - 0.19%

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

වාර්තා වී නොමැත.

දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිපත්තිය[16]

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දුම්කොළ පිළිබඳ ඍජුවම සඳහන් කර ඇත (රූපය 7):

  • මත්ද්‍රව්‍ය සහ දුම්කොළ භාවිතය සම්බන්ධ ප්‍රතිපත්තිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.
  • මත්ද්‍රව්‍ය කල්ලි බිඳ දැමීමට කටයුතු කිරීම
  • දැඩි නීති ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදු කරන්නන් හට මරණ දඬුවම පැමිණවීම.
  • ජාත්‍යන්තර ඒජන්සි සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩලීමට ක්‍රියාත්මක වීම.
  • මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම ශූන්‍ය කරන වැඩසටහනක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කිරීම.
  • ජාතික තරුණ සේවා සභාව, සමෘද්ධි අධිකාරිය හා ප්‍රජා මූල සංවිධානවල සහභාගිත්වයෙන් තරුණයින් සඳහා ජීවනෝපාය මාර්ග සොයා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
රූපය 4: රොහාන් පල්ලෙවත්තගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උපුටා ගැනීමකි.[16]

මුළු ඡන්ද සංඛ්‍යාව 25,000 ට වඩා අඩුවෙන් ලබාගත් සෙසු අපේක්ෂකයින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා ප්‍රතිශතය සමඟ පහත ලැයිස්තු ගත කර ඇත. ඔවුන්ගෙන් කිසිවෙකු සම්බන්ධයෙන් දුම්කොළ කර්මාන්තය සමඟ සම්බන්ධතා හෝ ක්‍රියාකාරකම් වාර්තා වී නැත.

9.සිරිපාල අමරසිංහ - ස්වාධීන අපේක්ෂක (15,285; 0.12%)
10. වර්ණකුලසූරිය මිල්රෝයි සර්ජස් ප්‍රනාන්දු - ස්වාධීන අපේක්ෂක (13,641; 0.1%)
11. එම්.කේ. සිවාජිලිංගම් - ස්වාධීන අපේක්ෂක (12,256; 0.09%)
12. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ (11,879; 0.09%)
13. අජන්තා ද සොයිසා - රුහුණු ජනතා පෙරමුණ (11,705; 0.09%)
14. පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ - ස්වාධීන අපේක්ෂක (10,219; 0.08%)
15. නාමල් රාජපක්ෂ - ජාතිකත්ව එක්සත් සංවිධානය (9,497; 0.07%)
16. කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා - ස්වාධීන අපේක්ෂක (9,467; 0.07%)
17. දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය (8,219; 0.06%)
18. පූජ්‍ය අපරැක්කේ පුඥ්ඥනන්ද හිමි - ස්වාධීන අපේක්ෂක (7,611; 0.06%)
19. සුබ්‍රමනියම් ගුණරත්නම් - අපේ ජාතික පෙරමුණ (7,333; 0.06%)
20. ඒ.එස්.පී. ලියනගේ - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය (6,447; 0.05%)
21. විජේනායක කංකානම්ගේ පියසිරි විජේනායක - ස්වාධීන අපේක්ෂක (4,636; 0.03%)
22. අරුණ ද සොයිසා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය (4,218; 0.03%)
23. රජීව විජේසිංහ - ස්වාධීන අපේක්ෂක (4,146; 0.03%)
24. ඉලියාස් ඉද්රූස් මොහොමඩ් - ස්වාධීන අපේක්ෂක (3,987; 0.03%)
25. සිරිතුංග ජයසූරිය - එක්සත් සමාජවාදී පක්ෂය (3,944; 0.03%)
26. සරත් විජිතකුමාර කීර්තිරත්න - ස්වාධීන අපේක්ෂක (3,599; 0.03%)
27. සරත් මනමේන්ද්‍ර - නව සිහල උරුමය (3,380; 0.03%)
28. වජිරපානි විජේසිරිවර්ධන - සමාජවාදී සමානාත්මතා පක්ෂය (3.014; 0.02%)
29. අශෝක වඩිගමංගාව - ස්වාධීන අපේක්ෂක (2,924; 0.02%)
30. අහමඩ් හසන් මොහොමඩ් අලාවි - ස්වාධීන අපේක්ෂක (2,903; 0.02%)
31. සමන් ප්‍රසන්න පෙරේරා - අපේ ජනතා බලය (2,368; 0.02%)
32. ප්‍රියන්ත මුනිහත් එදිරිසිංහ - ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය (2,139; 0.02%)
33. සමරවීර වීරවන්නි - ස්වාධීන අපේක්ෂක (2,067; 0.02%)
34 බද්දේ ගමගේ නන්දිමිත්‍ර - නව සම සමාජ පක්ෂය (1,841; 0.01%)
35. සමන්සිරි හේරත් - ස්වාධීන අපේක්ෂක (976; 0.01%)

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Election Commission. Media release No 25, 6 October 2019, accessed October 2019
  2. Election Commission. All Island Results, 17 November 2019, accessed December 2019
  3. ALJAZEERA. Sri Lanka Presidential Election 2019, 15 November 2019, Accessed December 2019
  4. Department of Government Information. Presidential Election - 2019, 2019, accessed November 2019
  5. Daily News. Tumultuous send-off for candidates, 7 October 2019, accessed October 2019
  6. The Island. Record number of candidates forces EC to spend more on election, 7 October 2019, accessed October 2019
  7. News 1st. 35 candidates for the 2019 Presidential election, 7 October 2019, accessed October 2019
  8. Colombo Page. A record 35 candidates submit nominations for Sri Lanka presidential elections, 7 October 2019, accessed October 2019
  9. Times Online. Final list of Presidential candidates released ; 35 candidates to contest poll, 2 objections rejected, 7 October 2019, accessed October 2019
  10. 10.0 10.1 Sri Lanka Podujana Peramuna. Election Manifesto of Gotabaya Rajapaksa Published for the Sri Lankan Presidential Election 2019_English, 2019, accessed November 2019
  11. 11.0 11.1 New Democratic Front. There is no limit to what Sri Lanka can achieve, 2019, accessed November 2019
  12. 12.0 12.1 National People’s Power. Health Policy, 2019, accessed November 2019
  13. 13.0 13.1 National People’s Party. Policy framework, undated, accessed November 2019
  14. 14.0 14.1 Facebook. Ariyawansa Dissanayake, November 2019, Accessed November 2019
  15. National People’s Party. Manifesto, undated, accessed November 2019
  16. 16.0 16.1 Social Democratic Party of Sri Lanka. Manifesto, undated, accessed November 2019