ෆයිස් මුස්තාපා

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වීම. ඔහු, එම අවස්ථාවට සහභාගී වූවන් ඇමතීය. "දකුණේ සිට පිළිවෙලින් එම්. ඉම්ටියාස් (සෙරන්ඩිබ් ටීවී හි මෙහෙයුම් සමාගම වන නැෂනල් නිවුස් ලිමිටඩ් හි සභාපති), කරූ ජයසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී), බින් සාලේ අල් ඩාවුඩ් (ලෝක මුස්ලිම් ලීගයේ නියෝජිත), ඒ. ජේ. එම්. මුසම්මිල් (කොළඹ නගරාධිපති), ෆයිස් මුස්තාපා (ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ), රිෂාඩ් බතියුදීන් (කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය) සහ බැසිල් රාජපක්ෂ (ආර්ථික සංවර්ධන අමාත්‍ය) 2014 දෙසැම්බර් මස 16 වන දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති සෙරෙන්ඩිබ් ටීවී, පුවත්පත් සහ ගුවන්විදුලි නාලිකාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීම.”[1]

ෆයිස් මුස්තාපා යනු ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතීඥවරයෙකි.[2][3] ජනාධිපති නීතීඥ තනතුර බ්‍රිතාන්‍ය ‘රැජිනගේ නීතීඥ’ පත්වීම්වලට සමපාත වන බවට සදහන් වෙයි. එය වෘත්තීය විශිෂ්ටත්වය මත පදනම්ව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ලාංකික නීතීඥයින් සඳහා පිරිනමනු ලබන ඉහල පෙලේ පත්වීමකි.[4]

ෆයිස් මුස්තාපා මහනුවර පදිංචි ව සිටි නීතීඥ එස්. එම්. මුස්තාපාගේ පුත්‍රයා ය. මාධ්‍ය තුළ මුස්තාපා පවුල හැඳින්වෙන්නේ "පරම්පරා හතරක නීතිඥයින්” සිටින පවුලක් ලෙස ය. ෆයිස් මුස්තාපාගේ පුත් ෆයිසර් මුස්තාපා ජනාධිපති නීතීඥවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2015 වසරේ සිට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කරයි.[2][3] ඔහුගේ දියණිය වන ෆයිසා මුස්තාපා 2013 වසරේ දී සමාගම් ආරවුල් මණ්ඩලයේ සභාපතිනිය ලෙස පත් කරන ලදී.[5] මුස්තාපා පවුල ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ ප්‍රමුඛ පවුලක් ලෙස පිළි ගනු ලැබේ (රූපය 1 සහ 2).[2][3][1][6][7][5]

රූපය 2: හෙජාස් ජාත්‍යන්තර පාසලේ 2013 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මුස්තාපා විසින් සිසුවෙකුට විශිෂ්ටතා සම්මානයක් පිරි නැමීම.[7]

මුස්තාපා 2000 සිට 2003 දක්වා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසත්, 2002 සිට 2005 දක්වා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසත් සේවය කළේය.[8][9]

ජනමාධ්‍ය විසින් ‘මතභේදාත්මක’ ලෙස හඳුන්වන ලද ජාතික වශයෙන් වැදගත් බොහෝ නඩු වලට ඔහු සම්බන්ධ වී ඇත.

  • මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුව නියෝජනය කරමින් 2017 වසරේ දී හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව කටයුතු කිරීම.[10][11][12]
  • දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) උපාධිධාරීන් හට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ප්‍රදානය නොකිරීම සම්බන්ධයෙන් එහි උපාධිධාරියකු විසින් SAITM ආයතනය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) ට එරෙහිව 2016 වසරේ දී පෙත්සමක් ගොනු කරන ලදී. මෙහි දී මුස්තාපා SAITM ආයතනය නියෝජනය කරමින් පෙනී සිටීම.[13][14][15]
  • අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බතියුදීන්ට එරෙහිව 2012 වසරේ දී වූ නඩුවේදී අමාත්‍යවරයාව ආරක්ෂා කළේය.[16]
  • ඔහු 2008 වසරේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හෙජිං ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට කීප ආකාරයකින් සම්බන්ධ විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී ඔහු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි නියෝජනය කළේ ය.[17] මෙම කරුණ සම්බන්ධයෙන් ම එක්සත් රාජධානියේ මහාධිකරණයේ විභාග වූ නඩුවක දී විත්තිකාර පාර්ශවය වන ඩොයිෂ් බැංකුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට ලක් විය.[18] මෙම ගනුදෙනුව හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දරට වූ දෝෂාභියෝගයට එරෙහි අභියාචනයේ දී පී.බී. ජයසුන්දර වෙනුවෙන් ද පෙනී සිටියේය.[19]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

2017 වසර වන විට, පවතින තොරතුරු වලට අනුව මුස්තාපා නඩු දෙකක දී ලංකා දුම්කොළ සමාගම (CTC) නියෝජනය කර ඇත.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත සංශෝධනයට එදිරිව [[ලංකා දුම්කොළ සමාගම (CTC)

2015 වසරේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ඉල්ලා සිටියේ ය. සංශෝධනයේ පරමාර්ථය වූයේ සිගරට් ඇසුරුමෙහි 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම (PHW) පනතට ඇතුළත් කිරීමයි. එයට එරෙහිව ලංකා දුම්කොළ සමාගමේ විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන් අතර, එහිදී ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් මුස්තාපා පෙනී සිටියේ ය.[20]

රූපමය සෞඛ්‍ය අවවාද පිළිබඳ නඩුව: සෞඛ්‍ය අමාත්‍යවරයාට එදිරිව දුම්කොළ සමාගම (CTC)

සිගරට් ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අවවාද සම්බන්ධයෙන් 2013 වසරේ දී එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් පෙත්සමක් ගොනු කරන ලදී. සිගරට් ඇසුරුම්වලින් 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද දැක්වීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ ඔහුගේ අධිකාරිය එහි දී අභියෝගයට ලක් විය.[21][22] මුල් භාගයේ දී රොමේෂ් ද සිල්වා ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි අතර පසුකාලීන ව ඔහු වෙනුවට ෆයිස් මුස්තාපා පත් කරන ලදී.[23][24][25] වැඩි විස්තර සඳහා සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුව බලන්න.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Asian Tribune. Historic media Serendipity for Lankan Muslims unveiled in Colombo, 16 December 2014, accessed May 2017
  2. 2.0 2.1 2.2 The Island. Father and son both President’s counsel, 15 November 2012, accessed May 2017
  3. 3.0 3.1 3.2 SS Selvanayagam. Fourth generation of Musthaphas forays into legal domain, 19 December 2011, accessed May 2017
  4. The Nation. Appointment of President’s Counsel, 28 March 2015, accessed May 2017
  5. 5.0 5.1 SS Selvanayagam. Faisza Musthapha appointed President of Companies Disputes Board, 23 December 2013, accessed May 2017
  6. Daily Nation. Faiszer Musthapha appointed as legal adviser to President, 27 May 2015, accessed May 2017
  7. 7.0 7.1 R. Farook. ‘Celebration of Excellence’ at Bishop’s auditorium, 22 July 2013, accessed May 2017
  8. Sri Lanka High Commission UK. The History of the High Commission, 2017, accessed May 2017
  9. Human Rights Commission of Sri Lanka. Members of the Commission, 2017, accessed May 2017
  10. The Island. Romesh de Silva, PC leads Mahendran’s team of lawyers: Bond scam probe, 15 March 2017, accessed May 2017
  11. M Gunasekara, R Katugampola. Gov. Mahendran gave arbitrary instructions to raise interest rate while auction was on, says witness, Sunday Times (Sri Lanka), 26 March 2017, accessed May 2017
  12. SS Selvanayagam. As Counsel for CB Falls Sick, CA Defers Hearing on Perpetual Treasuries to March 10, 9 March 2017
  13. SS Selvanayagam. Court of Appeal to hear petition of SAITM students on 12 October, Daily FT, 7 July 2016, accessed May 2017
  14. D Manu. Rajapaksa regime’s SAITM sin puts joint opposition in a spin, The Sunday Times: Columns, 12 February 2017, accessed May 2017
  15. W Ramanayake. SLMC non-registration of SAITM grads: Two cases in court, The Sunday Times, 10 July 2016, accessed May 2017
  16. SS Selvanayagam. Contempt Case on Bathiudeen Fixed for Trial, Daily Mirror Sri Lanka, 6 September 2012, accessed May 2017
  17. S. Samarasinghe. Central Bank hand revealed as oil hedge boils over, The Sunday Leader Online, 30 November 2008, accessed May 2017
  18. Lanka News Web. Mohan Peiris’ failures cost millions to CPC, 20 August 2013, accessed May 2017
  19. D Bastians. CJ’s Husband’s Appointment to State Bank Grounds for Perceived Judicial Bias – New Public Interest Litigation Petition Says, Colombo Teregraph.com, 6 September 2012, accessed May 2017
  20. Campaign for Tobacco Free Kids. Supreme Court Document S.C. (SD) No. 2/2015, 6 February 2015, accessed May 2015
  21. Court of Appeal Document. IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA, 22 February 2013, accessed May 2017
  22. The Sunday Times. SC gives CTC time to implement health warnings on cigarette packs, 03 March 2013, accessed May 2017
  23. Lanka News Web. Chief Justice to shows Ceylon Tobacco how to win an appeal, Exclusive, 06 August 2013, accessed May 2017
  24. DailyMirror (Sri Lanka). Pictorial warnings to cover 50-60% of cigarette packs, 13 May 2014, accessed May 2017
  25. SS Selvanayagam. Tobacco Company’s Appeal Deferred, Daily Mirror Sri Lanka, 29 May 2013, accessed May 2017