හේමාල් රණසිංහ

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

හේමාල් සචින්ද්‍ර රණසිංහ, ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක්, නිරූපන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් සහ මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වෙයි.[1]1984 අගෝස්තු 25 වන දින ශ්‍රී ලංකාවේ මාතලේ දී උපත ලැබූ, ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු වන අතර ඔහුට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි වෘත්තිකයෙකු ලෙසද රැකියා ඉතිහාසයක් ඇත.[2]

දෙරණ සිනමා සම්මාන උළෙල (2016 සහ 2018) සහ හිරු රන් සිනමා සම්මාන උළෙල (2016) යන ජාතික තලයේ සිනමා සම්මාන උළෙල ද්විත්වයේදී ‘ජනප්‍රියම නළුවා’ සඳහා වූ සම්මානය, හේමාල්ට හිමි විය. 2016 වසරේ දී දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි විචාරක සම්මානය, හිරු රන් සිනමා සම්මාන උළෙලේ 'මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා' ට හිමි සම්මානය සහ සරසවි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානය ඇතුළු තවත් ජාතික තලයේ සම්මාන කිහිපයක් ද ඔහුට හිමි විය.[3][4][5] [6][7]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද "ආදරණිය කතාවක්" චිත්‍රපටයේදී හේමාල් එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. මෙම චිත්‍රපටය මගින් මද්‍යසාර හා දුම්කොළ ප්‍රවර්ධනය කිරීම සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්විය. වැඩි විස්තර සඳහා NATA පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක් වූ සිංහල චිත්‍රපටය "ආදරණිය කතාවක්" අපගේ පිටුව බලන්න.

මාධ්‍ය වාර්තා කිහිපයකම පළ වූ මෙම චෝදනා හේමාල් ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.[8][9]

රූපය 1: "ආදරණිය කතාවක්" සිංහල චිත්‍රපටයේ ප්‍රවර්ධන ට්‍රේලරයේ සිගරට්ටුවක් සහ මද්‍යසාර වීදුරුවක් (“බියර් ජෝගුවක්”) අතැතිව සිටින හේමාල් රණසිංහ

.

“ආදරණිය කතාවක්” චිත්‍රපටයට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවේ සිට මේ දක්වා හේමාල් රංගනයට දායක වූ සිංහල චිත්‍රපට පිළිබඳව TobaccoUnmasked කණ්ඩායම විමර්ශනය කරන ලදී.

හේමාල් විසින් රඟපෑ දුම්පානය කරන දර්ශන සහිත චිත්‍රපට පහත පරිදි වේ. (නිකුත් කළ වර්ෂය වරහන් තුළ සඳහන් ය.)

රූපය 2: “කලම්බු” චිත්‍රපටය පිළිබඳ නිල වශයෙන් නිකුත් කරන ලද දැන්වීමක හේමාල් සිගරට්ටුවක් අතැතිව සිටියි. මුලාශ්‍රය: ෆේස්බුක්.[12]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Wikipedia. Hemal Ranasinghe, 01 April 2018, accessed April 2018
  2. Hiru Gossip. Ikigahala andalavath hitha hadaganda be - Hemal, accessed January 2018
  3. Ada Derana Big winners at Derana film awards 2016, 14 May 2016, accessed January 2018
  4. Sunday Times. Sunday Times Derana film awards 2016,22 May 2016, accessed January 2018
  5. Channel NSK. Hiru Golden Film Awards 2016, Actors with Awards, YouTube, 13 September 2016, accessed January 2018
  6. Ruwini Jayawardena. Derana Film Awards 2016 Daily News, 19 December 2016, accessed January 2018
  7. Ada Derana.lk. Winners of the Sixth Derana Sunsilk Film Awards, 27 May 2018, accessed December 2018
  8. S Rajapaksha,අභීමාන වගේ ආදරය කරන්න මා කැමැතියි - හේමාල්, Lankadeepa, 24 June 2016, acccessed August 2017
  9. A Alahakoon, කතා කරලා වැඩක් නෑ. මම ඉන්නේ කලකිරිලා. සිගරට් මත්පැන් ප්‍රවර්ධන චෝදනාව ඍජුවම එල්ලවන්නේ මටයි - හේමාල් රණසිංහ, Divayina, 22 July 2016, accessed August 2017
  10. YouTube. COLOMBO OFFICIAL MOVIE TRAILER 2019, 20 December 2018, Accessed November 2019, archived in http://archive.tobaccounmasked.com/video/colombo-official-movie-trailer-2019/
  11. YouTube. Wansakkari(වංසක්කාරී) - Ice Cream Movie | Official Music Video, 17 February 2019, Accessed November 2019, archived in http://archive.tobaccounmasked.com/video/wansakkari%e0%b7%80%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-ice-cream-movie_official-music-video/
  12. Facebook. Colombo, 10 June 2018, Accessed November 2019