හරීන් ප්‍රනාන්දු

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් සහ වසර 2015 සිට 2019 දක්වා පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කරන දේශපාලනඥයෙකි. ඔහු බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු 2015 සිට 2019 නොවැම්බර් දක්වා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස සේවය කළේය.[1][2]

2020 මාර්තු මාසයේදී ඔහු සමගි ජන බලවේගයට සම්බන්ධ විය. සමගි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව සිටි දේශපාලනඥයන් පිරිසක් විසින් නායකත්වය දුන් දේශපාලන පක්ෂ 12කින් සමන්විත වූ දේශපාලන සන්ධානයකි.[3] 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව පැවති මහජන විරෝධතා අරගලය අතරතුර ඔහු රජයට සම්බන්ධ වී සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.[4] 2022 ජූලි 9 වන දින ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වූ අතර 2022 ජූලි 22 වන දින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුව නැවත එම තනතුරට පත් කරන ලදී.[5][6] එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ අමාත්‍ය ධූරයක් භාරගැනීම හේතුවෙන් පසුව ඔහු සමගි ජන බලවේගයෙන් නෙරපා හරින ලදී. පසුව ඔහුව නැවත එක්සත් ජාතික පක්ෂයට ඇතුළත් කර ගන්නා ලදී.[7][8]

1978 දී ශ්‍රී ලංකාවේ වත්තල දී උපත ලැබූ ඔහු ව්‍යාපාරික පවුලකින් පැවත එන අතර දේශපාලනයට සම්බන්ධ වීමට පෙර ව්‍යාපාරිකයෙකු විය. කොළඹ 10 ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ඔහු විධිමත් අධ්‍යාපනය ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ඌව පළාතේ එක්සත් ජාතීක පක්ෂය නියෝජනය කරන සුප්‍රසිද්ධ දේශපාලනඥයකු වන වින්සන්ට් ඩයස්ගේ මිනිබිරියක සමඟ විවාහ වූ ඔහුට පුතෙකු හා දියණියක සිටියි.[9][10][11]

රූපය 1: අමාත්‍ය හරින් ප්‍රනාන්දු[12]

දරන ලද දේශපාලන තනතුරු

  • 2005 - බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ (UNP) මැතිවරණ සංවිධායක[13]
  • 2005 සිට 2010 දක්වා - ඌව පළාත් සභාවේ සාමාජික[14]
  • 2010 සිට 2014 (අගෝස්තු 5) දක්වා - බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී[13]
  • 2015 ජනවාරි සිට 2015 සැප්තැම්බර් දක්වා - ඌව පළාතේ 7 වන මහ ඇමති
  • 2015 සිට 2018 ඔක්තෝබර් දක්වා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය
  • 2018 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා - විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය [1]
  • 2022 මැයි 20 සිට 2022 ජූලි 9 දක්වා; 2022 ජූලි 22 සිට වර්තමානය දක්වා - සංචාරක හා ඉඩම් අමාත්‍ය[4][6]
  • 2023 නොවැම්බර් 27 සිට වර්තමානය දක්වා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය[15]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ඓතිහාසික මඩුවන්වෙල වලව්ව ඉඩම ලංකා දුම්කොළ සමාගමට බදු දීම

2023 නොවැම්බර් මාසයේදී හරීන් ප්‍රනාන්දු විසින් මඩුවන්වෙල නින්දගම් වත්ත ඉඩම ලංකා දුම්කොළ සමාගමට (CTC) බදු දීමට යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. එය වන වගා ව්‍යාපෘතියක් සඳහා වසර 30 ක බද්දකට ලංකා දුම්කොළ සමාගම වෙත ලබා දී ඇති බවට මාධ්‍ය වාර්තා කළේය. අදාළ ඉඩම අක්කර 87 රූඩ් 3 ක් සහ පර්චස් 25 ක් වන අතර එය මීට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබුණි.[16] වැඩි විස්තර සඳහා ඓතිහාසික මඩුවන්වෙල වලව්ව ඉඩම ලංකා දුම්කොළ සමාගමට බදු දීම යන අපගේ පිටුව බලන්න.

දුම්පානය පිළිබඳ සිදු කළ ප්‍රකාශය

හරීන් ප්‍රනාන්දු යූ ටියුබ් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා දුම්පානය ආරම්භ කළේ පාර්ලිමේන්තුවේදී බවත් පළමු දුම්වැටිය ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර බවත්ය.[17]

තනි සිගරට් අලෙවිය තහනම් කිරීමට විරුද්ධ වීම

තනි සිගරට් අලෙවිය තහනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2017 වර්ෂයේදී කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවට හරීන් ප්‍රනාන්දු විරුද්ධ විය.[18][19]

ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම

දුම්කොළ කර්මාන්තයට සම්බන්ධතා සහිත ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) විසින් සංවිධානය කරන ලද 2018 සැප්තැම්බර් 28 වන දින කොළඹ ද බ්ලූ හිල්ටන් හි දී පැවති ව්‍යාපාරික සංසදයකට ඔහු සහභාගී විය. [20][21] වැඩි විස්තර සඳහා කරුණාකර ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) පිටුව බලන්න.

රූපය 2: ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) වැඩසටහනට අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහභාගී විය. ලංකා දුම්කොළ සමාගමේ සහ LMNC සභාපති මයිකල් කොස්ට්, උත්සවයේ ප්‍රධාන කථිකයා වන ජිම් ලෝලස්, අමාත්‍ය සාගල රත්නායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අයද ඡායාරූපයේ සිටී [20]

මද්‍යසාර ආශ්‍රිත ක්‍රියාකාරකම්

මෘදු මත්පැන් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝජනාව

2022 ජූනි මාසයේදී හරීන් විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලුම සංචාරක ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[22][23]"මෙය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රටට විදේශ ආදායමක් ගෙන ඒමට ඉවහල් වනු ඇත" සහ "මෙම තීරණය සංචාරක ව්‍යාපාරයට දැවැන්ත සහ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට මග පාදනු ඇත" යනුවෙන් හරීන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබුණි.[24][25]

රූපය 4: මෘදු මත්පැන් බලපත්‍ර සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පිළිබඳව හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ට්විටර් සටහනේ උපුටා ගැනීම. මූලාශ්‍රය: ට්විටර් [24]

බියර් සමාගමක ලාංඡනය සහිත නත්තල් ගසක්

නත්තල සැමරීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීමට සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හරීන් ප්‍රනාන්දුගේ නිල ෆේස්බුක් පිටුවේ වාර්තා කර ඇත. 2023 දෙසැම්බර් 17 වැනි දින කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ඒවා අතර, කාල්ස්බර්ග් බියර් සමාගමේ ලාංඡනය සහිත නත්තල් ගසක් ඔවුන්ගේ නිල හරිත වර්ණයෙන් යුත් විදුලි බුබුළු වලින් සරසා තිබුණි (රූපය 3).[26]

රූපය 3: කාල්ස්බර්ග් බියර් සමාගමේ ලාංඡනය සහිත ගාලු මුවදොර පිටියේ ස්ථාපිත නත්තල් ගස. මූලාශ්‍රය: ෆේස්බුක් [26]

2023 දෙසැම්බර් 12 වැනි දින SPAR සුපිරි වෙළඳසැල් පරිශ්‍රයේ (රූපය 4) සහ 2022 දෙසැම්බර් 23 දින ගාලු මුවදොර පරිශ්‍රයේ (රූපය 5) තවත් එයට සමාන නත්තල් ගස් කිහිපයක් TobaccoUnmasked HotSpots හරහා වාර්තා විය.

රූපය 4: වත්තල SPAR සුපිරි වෙළඳසැල් පරිශ්‍රයේ ස්ථාපිත නත්තල් ගස. මූලාශ්‍රය: TobaccUnmasked HotSpots
රූපය 5: ගාලු මුවදොර පරිශ්‍රයේ ස්ථාපිත නත්තල් ගස. මූලාශ්‍රය: TobaccUnmasked HotSpots

දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය, දුම්කොළ කර්මාන්තයේ වාණිජ සහ අනෙකුත් අරමුණුවලින් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර පාර්ශ්වයන්ට නිර්දේශ කරයි.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Office of the Cabinet of Ministers of Sri Lanka. Official Website, undated, accessed January 2019
  2. Parliament of Sri Lanka, Directory of Members, undated, accessed January 2018
  3. adaderana.lk. ‘Samagi Jana Balawegaya’ launched, 2 March 2020, accessed January 2024
  4. 4.0 4.1 adaderana.lk. Nine more cabinet ministers sworn in, 20 May 2022, accessed January 2024
  5. adaderana.lk. Manusha and Harin resign from ministerial portfolios, 9 July 2022, accessed January 2024
  6. 6.0 6.1 adaderana.lk. New Cabinet of Ministers sworn in, 22 July 2022, accessed January 2024
  7. Colombo Times. MPs Harin and Manusha were suspended from SJB for taking up ministerial posts in the government, 20 May 2022, accessed January 2024
  8. Colombo Gazette. Harin and Manusha back in the UNP, 2 August 2023, accessed January 2023
  9. I Jayawardena. Living his dream…, Daily News, 30 September 2015, accessed November 2019
  10. U. Amarasinghe. A Promise to Deliver, Cover Story, BusinessToday.lk, September 2016, accessed November 2019
  11. B Dalima. Family members and politics – topic of discussion during Uva PC, www.newsfirst.lk, 22 September 2014, accessed November 2019
  12. H Fernando. Harin Fernando, 1 January 2019, accessed November 2019
  13. 13.0 13.1 Manthri.lk. Harin Fernando, undated, accessed January 2018
  14. Uva Provincial Council. website, undated, accessed January 2018
  15. The Island Online. Harin Fernando sworn in as Minister of Sports and Youth Affairs, Pavithra Wanniarachchi as Minister of Irrigation after President relieves Roshan Ranasinghe of all portfolios, 27 November 2023, accessed January 2024
  16. adaderana.lk. Nine more cabinet ministers sworn in, 20 May 2022, accessed January 2014
  17. Truth with Chamuditha. ඇමතිකම ගන්න රෙදි විතරක් නෙමෙයි යටටත් ඇඳලයි ගියේ. සජිත් දාල යන්න එපා කියුවා. -Truth with Chamuditha, 24 May 2022, accessed March 2024
  18. D. Liyanage. No ban on single stick cigarette ban, Daily Mirror, 17 September 2017, accessed November 2018
  19. Sunday Times. Rajitha’s loose cigarettes go up in smoke, 16 September 2016, accessed November 2018
  20. 20.0 20.1 Mirror Business. ‘League of Multinational Corporates’ Launched, 01 October 2018, accessed March 2019
  21. Daily FT. MNC speak up, 01 October 2018, accessed March 2019
  22. adaderana.lk. Cabinet nod to issue soft liquor licenses to SLTDA registered establishments, 13 June 2022, accessed March 2023
  23. The Morning. Cabinet approves soft liquor licenses for SLTDA registered establishments, 13 June 2022, accessed March 2024
  24. 24.0 24.1 Harin Fernando. Twitter, 13 June 2022, accessed March 2024
  25. Harin Fernando. Facebook, 13 June 2022, accessed March 2024
  26. 26.0 26.1 Facebook page. Harin Fernando, 17 December 2023, accessed January 2024