හර්ෂ ද සිල්වා

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

හර්ෂ ද සිල්වා 2010 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි.[1][2] ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රුමන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් සහ මිසූරි විශ්ව විද්‍යාලයෙන් පිළිවෙලින් උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයනයන් සම්පූර්ණ කළේය. ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.[3][4]. "ව්‍යවසායකයෙකු" ලෙස හඳුනාගෙන ඇති ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල දෙකක් වන ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාලවල බාහිර පීඨ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.[4] ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන සහ වසර 2015 සිට 2019 දක්වා පාලක දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කරයි.[2][1]

රූපය 1: ආචාර්ය හර්ෂ ද සිල්වා

දේශපාලනික / රජයේ දරන ලද තනතුරු

  • පාර්ලිමේන්තු මන්ත්‍රී (2010 සිට වර්තමානය දක්වා)[3]
  • එවකට විපක්ෂයේ (එක්සත් ජාතික පක්ෂය) ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රකාශක [4]
  • ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා)[1]
  • විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (2015 සැප්තැම්බර් සිට 2017 මැයි දක්වා)[4]
  • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය (2018 පෙබරවාරි සිට 2018 ඔක්තෝබර් දක්වා)[2]
  • ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය (2018 දෙසැම්බර් සිට වර්තමානය දක්වා)[2]

දරන ලද වෙනත් තනතුරු

  • DFCC බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා සහ භාණ්ඩාගාරික (1995-1997)[4][5]
  • වෙළඳපොළ සහ සමාජ පර්යේෂණ නියෝජිත ආයතනයේ (නීල්සන් ලංකා) සම නිර්මාතෘ - (1997-2000)[4][5]
  • එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) උපදේශක (2004)[4][5]
  • ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උපදේශක[4][5]
  • ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය (1995-2000)[4][5]
  • ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය (2005)[4][5]

දුම්කොළ කර්මාන්තයට ඇති සම්බන්ධතා

ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ අලෙවියේ ඒකාධිකාරිය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) සමඟ සම්බන්ධතා පවත්වන බවට හර්ෂ ද සිල්වාට 2015 දී පවත්වන ලද රූපවාහිනී සාකච්ඡාවකදී නරඹන්නෙකුගෙන් චෝදනා එල්ල විය. ඔහු එය සනාථ නොකළද ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ ද නැත.[6]

පෙපර් කියුබ්

2010 වසරේ දී හර්ෂ ද සිල්වා ආයෝජකයෙකු ලෙස පෙපර් කියුබ් උපදේශන නියෝජිත ආයතනය ආරම්භ කළේය.[1]

පෙපර් කියුබ් ආයතනය ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානය, කොළඹ 08 යන ස්ථානයේ පිහිටා ඇති අතර, ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එය "පර්යේෂණ හා උපදේශන සමාගමකි”. 2009 වසරේ දී "කෝපරේට් සොලූෂන්” ලෙස ආරම්භ කරන ලද මෙම සමාගමේ නම 2010 වසරේ දී "පෙපර් කියුබ් උපදේශකයින්” ලෙස වෙනස් කරන ලදි. [7] 2019 දී වෙබ් අඩවියේ වාර්තා වූ තොරතුරු වලට අනුව, අතීක් මරිකාර් කළමණාකාර අධ්‍යක්ෂවරයා වූ අතර, උදයන සෙනෙවිරත්න සමාගමේ අධ්‍යක්ෂවරයා විය.[7] ඔවුන් විසින් 2013 දී යාවත්කාලීන කරන ලද වෙබ් අඩවියට අනුව පෙපර් කියුබ් හි "ප්‍රධාන සේවාදායකයෙක්” ලෙස ලංකා දුම්කොළ සමාගම (CTC) ලැයිස්තුගත කර ඇත.

රූපය 2: පෙපර් කියුබ් විසින් ලංකා දුම්කොළ සමාගම (CTC) සේවාදායකයෙකු ලෙස ලැයිස්තුගත කර තිබීම[7]


2018 වර්ෂයේදී ලංකා වෙබ් නිව්ස් නම් ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට මැතිවරණයට පෙර සමීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය මගින් හර්ෂ ද සිල්වා හරහා "රුපියල් මිලියන ගණනක මුදලක්" පෙපර් කියුබ් ආයතනය වෙත ගෙවා ඇත.[8] තමා විසින් පර්යේෂණ සහ උපදේශන නියෝජිත ආයතනයක් ආරම්භ කළ බව සහ පුද්ගලික ගැටළු හේතුවෙන් පසු කාලීනව එය නීල්සන් සමාගමට විකුණු බව 2015 වසරේ පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී හර්ෂ ද සිල්වා කියා සිටියේ ය. [9] ඔහුගේ සඳහන් කිරීම පෙපර් කියුබ් පර්යේෂණ ආයතනය හා සම්බන්ධ දැයි අපැහැදිලිය. මේ සම්බන්ධයෙන් ඔහුගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මේ දක්වා අප දැරූ විවිධ උත්සාහයන් අසාර්ථක විය.

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

2018 සැප්තැම්බර් 28 වන දින කොළඹ ද බ්ලූ හිල්ටන් හි දී ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගම් වල එකමුතුවෙන් පැවති ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) උත්සවයට හර්ෂ ද සිල්වා සහභාගී විය. ලංකා දුම්කොළ සමාගම (CTC) ඇතුළු ශ්‍රී ලංකාවේ බහුජාතික සමාගම් හතක් සමඟ ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) පිහිටුවා ඇත.

වැඩි විස්තර සඳහා ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) පිටුව කියවන්න.[10]

රූපය 3: "ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC)" වැඩසටහනට හර්ෂ ද සිල්වා සහභාගී වීම. ලංකා දුම්කොළ සමාගමේ සහ LMNC සභාපති මයිකල් කොස්ට්, උත්සවයේ ප්‍රධාන කථිකයා වන ජිම් ලෝලස්, අමාත්‍ය සාගල රත්නායක සහ අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන අයද ඡායාරූපයේ සිටී. [10]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 H. de Silva. Harsha de Silva/Biography of Dr. Harsha de Silva, 2015, accessed June 2018
  2. 2.0 2.1 2.2 2.3 Sri Lanka ParliamentMembers of parliament, 2019, accessed June 2018
  3. 3.0 3.1 Manthree.lk. Harsha de Silva biography, Undated, accessed April 2019
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 4.9 Ministry of Foreign Affairs, Sri Lanka. Deputy Minister of Foreign Affairs, Undated, accessed April 2019
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 Harsha de Silvade Silva Brief CVAugust 2007, Accessed date November 2019
  6. Derana TV. Discussion with Harsha de Silva, TobaccoUnmasked Archive, 05 February 2018, archived August 2018
  7. 7.0 7.1 7.2 Pepper Cube. Pepper Cube, 2013 accessed June 2018
  8. Lanka web news. [1] 14 February 2018, accessed June 2018
  9. Sirasa TV. Ilakkaya Discussion with Dr. Harsha de Silva, TobaccoUnmasked Archive, archived on January 2019, accessed January 2019
  10. 10.0 10.1 Daily Mirror. League of Multi National Cooperates 01 October 2018, accessed October 2018