සුසන්ත රත්නායක

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

සුසන්ත චමින්ද රත්නායක, 2013 මාර්තු මාසයේදී ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. [1] Bloomberg.com වෙබ් අඩවියේ විධායක නිළධාරීන් පිළිබඳ තොරතුරු වලට අනුව, ඔහු "විවිධ කර්මාන්ත 13 ක් හරහා විවිධ සංවිධාන 9 ක සාමාජිකයින් 46 දෙනෙකුට සම්බන්ධ වේ." [2] මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව ද ඔහු ද්විතීයික අධ්‍යාපනය අවසන් නොකළේය. 1978 දී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමඟ එක්වූ ඔහු 2006 දී එහි සභාපතිවරයා බවට පත් විය. ජෝන් කීල්ස් සමූහය ආගන්තුක සත්කාර, සිල්ලර වෙළඳාම, ආහාර, මූල්‍ය සේවා, වැවිලි සේවා, ප්‍රවාහන සහ දේපළ වෙළදාම් ඇතුළුව පුළුල් පරාසයක කර්මාන්තවල නිරතව සිටී. ඔහු මෙම සමූහයේ සියලුම අනුබද්ධිත සමාගම්වල සභාපතිවරයා වේ. [3] ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම යන සමාගම් දෙකෙහිම පූරෝගාමියා වූ කෙන් බාලේන්ද්‍ර මොහු විසින් අනුගමනය කළ බවට වාර්තා වල සඳහන් වේ.[4]

රූපය 1: 2017 දෙසැම්බර් 29 වැනි දින වන විට ජෝන් කීල්ස් වෙබ් අඩවියේ සඳහන් සුසන්ත රත්නායක පිළිබඳ විස්තරය.[3]

දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය

ඔහු, වර්ෂ 2006 ඔක්තෝබර් මාසයේ සිට ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය. 2013 වසරේ මාර්තු මස ඔහු සභාපතිවරයා ලෙසට පත්විය. [1]

පහත සඳහන් උදාහරණ මගින් පෙන්නුම් කෙරෙන පරිදි මෙම කාලය තුළ දේශීය මාධ්‍ය විසින් ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි අහිතකර වාර්තා කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.

  • 2015 වසරේ දී කැසිනෝ බලපත්‍රයක් සඳහා වූ ආන්දෝලනාත්මක ගනුදෙනුවට ඔහුගේ මැදිහත්වීම පිළිබඳව මාධ්‍ය මගින් චෝදනා එල්ල කරන ලදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සජින් වාස් ගුණවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කළ ප්‍රකාශ මත පදනම් ව මෙම චෝදනාව එල්ල විය. [5]
  • 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) උපදේශකයින් 12 දෙනා අතර රත්නායකගේ දියණිය වන ඇනීට්‍රා විය. විනිවිදභාවයකින් තොර බඳවා ගැනීමේ නිර්නායක යටතේ සජින් වාස් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම උපදේශකයින් බඳවා න ඇති බව වාර්තා වේ. [6]
  • 2002 වසරේ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා සමුද්‍රීය සේවා පෞද්ගලීකරණය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා වල ඔහුගේ නම සඳහන් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනයක් මත පදනම් ව චෝදනා එල්ල විය. [7][8]

2017 වසර වන විට, ඔහුගේ හෝ සිය පවුලේ සාමාජිකයින්ගේ නම යටතේ සමාගමේ කොටස් හිමිකාරීත්වය දරන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකම සාමාජිකයා ඔහු විය. [9]

2018 දී විශ්‍රාම ගැනීම

සභාපතිවරයා ලෙස ඔහුගේ පස් වසරක කාලය අවසන් වූ පසු ඔහු 2018 ජූලි මස 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි සභාපතිධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගෙන ඇත. [10][11]

සමගාමීව රාජ්‍ය ආයතනවල දරන ලද තනතුරු

ඔහු ලංකා දුම්කොළ සමාගමේ තනතුරක් දරන අතරතුර රජයේ හෝ අනුබද්ධිත ආයතනවල පහත තනතුරු දැරීය. (වසර වරහන් තුළ සඳහන් කර ඇත.)

  • ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික සභාවේ (NCED) සංචාරක ස්වෛරී ශ්‍රේණිගත කිරීම හා ආයෝජන ප්‍රවර්ධන සමූහයේ සාමාජික (2008 සිට) [12][13][14][2]
  • ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති (2010-2011) [15][2]
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක (2011-2015) [16][2]
  • වෝටර්ස් එජ් හි අධ්‍යක්ෂක (2011) [16][17]

දුම්කොළ සමාගමේ සේවය කිරීමට පෙර හෝ පසු රාජ්‍ය ආයතන වල දැරූ තනතුරු

රූපය 2: සුසන්ත රත්නායකගේ පත් වීම ජාතික පුවත්පතක් වන ඩේලි මිරර්හි වාර්තා කිරීම[19]

වෙනත් (රාජ්‍ය නොවන) ආයතනවල දරන ලද තනතුරු

ඔහුගේ කළමනාකාර වෘත්තියේ බහුතරය ජෝන් කීල්ස් සමූහය තුළ වූ අතර 2006 වසරේ සිට ඔහු එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 2017 වන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ දරන ලද තනතුරු වල සම්පූර්ණ ලැයිස්තුවක් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ විධායක නිළධාරීන් පිළිබඳ තොරතුරු අතර සොයාගත හැකිය. [2][20] ඔහු තනතුරු දැරූ අනෙකුත් ආයතන වූයේ;

  • ලංකා සේව්‍ය සංගමය - සභාපති [20]
  • ලංකා වාණිජ මණ්ඩලය - සභාපති [20]
  • ශ්‍රී ලංකන් ගුවන් සේවා කේටරින් සමාගම - අධ්‍යක්ෂක [16]
  • නේෂන්ස් ට්‍රුස්ට් බැංකුව - අධ්‍යක්ෂක [2]
  • යුනියන් ඇෂුවරන්ස් සමාගම - අධ්‍යක්ෂක [2]

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳි

මූලාශ්‍ර

  1. 1.0 1.1 Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed March 2017
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 Bloomberg. Executive Profiles: Susantha Chaminda Ratnayake, undated, accessed March 2017
  3. 3.0 3.1 John Keells Group. Board of Directors, 2017, accessed March 2017
  4. I Perera Bandara. Salli Hambakarana Eka Mama Dan Navaththala, Silumina, 11 February 2017, accessed March 2017
  5. Lanka News Web. JKH Susantha should come clean about his involvement with fraudster Sajin Vas, 01 October 2015, accessed March 2017
  6. Colombo Telegraph. Sajin Appoints Rosy’s Daughter, 11 Others as CHOGM 70k Consultants, 15 September 2013, accessed March 2017
  7. The Sunday Times. SC’s scathing attack on business ethics and unethical practices, 27 July 2008, accessed March 2017
  8. GroundViews. Corporate Scandals with Impunity, 09 December 2008, accessed March 2017
  9. U Abeywardena. A letter to the Chief Operating Officer of the Colombo Stock Exchange, 28 February 2017, accessed March 2017
  10. DailyFT. Ratnayake retires from CTC Board, 02 August 2018, accessed August 2018
  11. Lanka Business Online. Susantha Ratnayake retires from Ceylon Tobacco Company, 01 August 2018, accessed August 2018
  12. Ceylon Tobacco Company PLC. Annual Report 2008, 2009, accessed March 2017
  13. Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010, accessed March 2017
  14. Ceylon Tobacco Company PLC. Annual Report 2011, 2012, accessed March 2017
  15. Ceylon Tobacco Company PLC. Annual Report 2010, 2011, accessed March 2017
  16. 16.0 16.1 16.2 DailyFT. Susantha appointed to SriLankan Airlines Board, 29 December 2011, accessed March 2017
  17. DailyFT.Most powerful Board for Waters Edge, 11 January 2011, accessed March 2017
  18. President of Sri Lanka. A Six-member Committee of Professional was Appointed by the Presidential Secretariat Today, Official Website, 28 November 2019, accessed December 2019
  19. Daily Mirror.Six member committee appointed to select bosses for state enterprises, 29 November 2019, accessed December 2019
  20. 20.0 20.1 20.2 John Keells Group. Board of Directors, undated, accessed March 2017