සිගරට් අසුරණ සඳහා වන රෙගුලාසි උල්ලංඝනය කිරීම

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

ශ්‍රී ලංකාවේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සහ TobaccoUnmasked කණ්ඩායම විසින් සිදු කරන ලද ඒකාබද්ධ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිටුව පළ වේ.

පසුබිම

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සිගරට් දෙකක් පමණක් අඩංගු නව සිගරට් ඇසුරුමක්‌ වෙළඳපොලේ දක්නට ලැබුණි.

2018 ඔක්තෝබර් 12 වන දින මෙම ඇසුරුම පිළිබඳව පුද්ගලික ෆේස්බුක් ගිණුමක ස්ටෝරි (රූපය 1) සහ වට්ස්ඇප් ගිණුමක ස්ටේටස් (රූපය 2) ලෙස සමාජ මාධ්‍යවල පළ විය.

රූපය 1: පුද්ගලයෙකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ස්ටෝරි ලෙස පළ කරන ලද නව සිගරට් ඇසුරුම [1]
රූපය 2: පුද්ගලයෙකු විසින් ඔහුගේ වට්ස්ඇප් ගිණුමෙහි ස්ටේටස් ලෙස පළ කරන ලද නව සිගරට් ඇසුරුම[2]

නව සිගරට් ඇසුරුම

රූපය 3: කොළඹ 05 පිහිටි වෙළඳසැලකින් TobaccoUnmasked කණ්ඩායම විසින් මිල දී ගත් නව සිගරට් ඇසුරුම

3 වන රූපයේ දැක්වෙන සිගරට් ඇසුරුම කොළඹ 05 පිහිටි වෙළඳසැලකින් තැරැව්කරුවෙක් මාර්ගයෙන් අපි මිලදී ගත්තෙමු. අලෙවි කරන අවස්ථාවේදී කඩහිමියා විසින් තවත් විශාල පැකට්ටුවකින් ගත් සිගරට් දෙකක් මෙම සැක සහිත ඇසුරුමට ඇතුළු කළ බව තැරැව්කරු නිරීක්ෂණය කර ඇත.

තද රතු පැහැති ඇසුරුම ඝනකාභයක හැඩයෙන් යුක්ත වන අතර එහි මිල රු. 100.00 ලෙස සිංහල භාෂාවෙන් මුද්‍රණය කර ඇත. ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් නිෂ්පාදනය කරනු ලබන ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ් (රු 55.00) සිගරට්ටුවක් සහ ජෝන් ප්ලේයර් නේවි කට් (රු 40.00) සිගරට්ටුවක් එහි ඇතුළත විය. 2018 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ඉහත සඳහන් සිගරට් යුගලයක දේශීය වෙළඳපොලේ සම්පූර්ණ මිල රු. 95.00 ක් වන විට එය රු. 100.00 ක මිලකට අලෙවි විය.

3 වන රූපයෙහි පෙනෙන පරිදි, සිගරට් ඇසුරුමේ සඳහන් මිල හැර වෙනත් කිසිඳු වෙළඳ ලකුණක් හෝ ලාංඡනයක් ඇතුළත් නොවීය. කෙසේ වෙතත්, ඇසුරුමේ වර්ණය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලංකා දුම්කොළ සමාගමෙහි සිගරට් සන්නාමයක් වන ජෝන් ප්ලේයර් සන්නාමයේ වර්ණයට සමාන විය. බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතු ලංකා දුම්කොළ සමාගම (CTC), ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරයි. (වැඩි විස්තර සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ශ‍්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය යන අපගේ පිටු බලන්න.) ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත මගින් නියම කර ඇති පරිදි රූපමය සෞඛ්‍ය අවවාද හෝ වෙනත් සෞඛ්‍ය අවවාද හෝ අමුද්‍රව්‍ය හෙළිදරව් කිරීම මෙම ඇසුරුමේ නොවීය. සිගරට් මත ඒවායේ වෙළඳ නාම මුද්‍රණය කර ඇති අතර සිල්ලර වෙළෙන්දෙකුගෙන් මේ බව විමසූ විට ප්‍රකාශ කර සිටියේ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රාදේශීය අලෙවි නිලධාරියා විසින් මෙම ඇසුරුම බෙදා දුන් බවයි. (ප්‍රකාශයේ වීඩියෝ පට සාක්ෂි ADIC ආයතනය සතු වේ.)

ශ්‍රී ලංකාවේ සිගරට් ඇසුරුම්කරණය සහ ලේබල් කිරීම සඳහා වන රෙගුලාසි

සෞඛ්‍ය අවවාද සහ තාර හා නිකොටින් අන්තර්ගතය පිළිබඳ තොරතුරු රහිතව ඕනෑම දුම්කොළ නිෂ්පාදනයක් විකිණීම, 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනතේ 34 වන වගන්තිය යටතේ තහනම් කර ඇත. තවද, සිගරට් පැකට්ටුවල මතුපිට සියයට 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලදී (රූපය 4). රෙගුලාසි වලට අනුව, මෙම විධිවිධාන කඩ කරන ඕනෑම පුද්ගලයෙකුට වසරක සිර දඬුවමක් හෝ රු. 50,000ක දඩ මුදලක් හෝ දෙකටම යටත් විය යුතු ය.[3][4]

Image 4: සිගරට් අසුරණවල මතුපිට සියයට 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ අලෙවි කරන ජෝන් ප්ලේයර් සන්නාමයේ සිගරට් අසුරණ

ශ්‍රී ලංකාවේ තනි සිගරට් අලෙවිය තහනම් කිරීමේ සැලසුම

ශ්‍රී ලංකාවේ තනි සිගරට් අලෙවිය තහනම් කරන බව 2016 වසරේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න ප්‍රකාශ කළේය.[5][6][7] කෙසේ වෙතත්, මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයාගේ සහ තවත් කැබිනට් මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගේ විරුද්ධත්වය හේතුවෙන් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ එය ප්‍රතික්ෂේප වන තෙක් වන තෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොවීය.[8] මෙම නව ඇසුරුම අනාගත තනි සිගරට් අලෙවිය තහනම උල්ලංඝනය නොකරන 'සිගරට් ඇසුරුමක්' සඳහා ඇති ඉල්ලුම තක්සේරු කිරීමට ප්‍රයෝජනවත් විය හැකි නමුත් 2018 ඔක්තෝබර් වන විට පැවති මිල ව්‍යුහය මත පදනම්ව රු, 1,100 ක් (සාමාන්‍ය ඇසුරුමක මිලෙන් 10%) වන සාමාන්‍ය පැකට්ටුවකට වඩා දැරිය හැකි මිලකට පවතී.

ගත් ක්‍රියාමාර්ගය

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට, සුරාබදු දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය 2018 ඔක්තෝබර් 18 දින වන විට විමර්ශනය වෙමින් පැවතිණි.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Centre for Combating Tobacco. Personal communications via Facebook, 12 October 2018
  2. Centre for Combating Tobacco. Personal communications via WhatsApp, 12th October 2018
  3. Government of Sri Lanka. National Authority on Tobacco and Alcohol (NATA), Sri Lanka, (Amendment) Act, No. 3 of 2015 March 06 2015, accessed October 2018
  4. World Health Organization. WHO report on the global tobacco epidemic, 2015. World Health Organization website, 2015, accessed March 2017
  5. M Peiris. Ban sale of single cigarettes - Government Medical Officers Association, Asian Tribune, 24 November 2016, accessed October 2018
  6. Daily Mirror. Sale of loose fags will be banned: Rajitha 09 March 2017, accessed October 2018
  7. T Sripathi. Implications of the imposed ban on the sale of loose cigarettes in Sri Lanka, Daily FT,17 April 2017, accessed October 2018
  8. D Liyanage. No ban on single cigarettes sale, Daily Mirror, 17 September 2018, accessed October 2018