සාගල රත්නායක

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: අමාත්‍ය සාගල රත්නායක[1]

සාගල ගජේන්ද්‍ර රත්නායක 1968 පෙබරවාරි මස 27 වන දින උපත ලැබුවේය.[2] ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන සහ 2015 වසරේ සිට 2019 දක්වා පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කරන දේශපාලනඥයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු වලට අනුව ඔහුගේ රැකියාව "ඉඩම් හිමිකරු" ලෙස සඳහන් කර ඇත.[3]

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් 2000 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය..[4] [5] 2019 නොවැම්බර් වන විට ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයීය මාණ්ඩලික ප්‍රධානී සහ වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විය.[6][7][8] [9]

රත්නායක, සිය ද්විතීයික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සම්පූර්ණ කළේය. ඔහු 1993 වසරේ දී පෝට්ලන්ඩ් හි ලුවිස් හා ක්ලාක් විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.[8][5][10][2]ඔහු 1994 අගෝස්තු සිට 1999 අප්‍රේල් දක්වා HSBC බැංකුවෙහි ණය මෙහෙයුම් කළමනාකරු ලෙස සහ 1993 අගෝස්තු සිට 1994 ජූලි දක්වා සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලිමිටඩ්හි මූල්‍ය විශ්ලේෂක ලෙස සේවය කළේය.[8][10]

දුම්කොළ කර්මාන්තයට ඇති සම්බන්ධතා

සාගල රත්නායක HSBC බැංකුවෙහි ණය මෙහෙයුම් කළමණාකරු ලෙස සේවය කළ අතර, HSBC බැංකුව ලංකා දුම්කොළ සමාගමේ ඉහළම ආයෝජකයින් 20 දෙනා අතර වේ.[11] ලංකා දුම්කොළ සමාගම (CTC) යනු බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දුම්කොළ නිෂ්පාදනය සහ අලෙවියේ ඒකාධිකාරිය දරයි. වැඩි විස්තර සඳහා කරුණාකර අදාළ පිටු බලන්න.

දේශපාලනික / රජයේ දරන ලද තනතුරු

  • දකුණු පළාත් සභාවේ සාමාජික - 1999 අගෝස්තු සිට 2000 ඔක්තෝබර් දක්වා[3][4]
  • විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය - 2002 සිට 2004 දක්වා[5]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 2015 සැප්තැම්බර් සිට මේ දක්වා[8]
  • නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය - 2015 නොවැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා[8]
  • අග්‍රාමාත්‍ය කාර්යාලයීය මාණ්ඩලික ප්‍රධානී - 2015 පෙබරවාරි සිට 2019 නොවැම්බර් දක්වා[8]
  • තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - 2018 පෙබරවාරි සිට 2018 ඔක්තෝබර් දක්වා[8]
  • වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - 2018 ඔක්තෝබර් සිට 2019 නොවැම්බර් දක්වා[8]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

පිටබැද්දර ප්‍රදේශයේ "අත්‍යවශ්‍ය භාණ්ඩ" බෙදා හැරීම සඳහා ලංකා දුම්කොළ සමාගමේ උත්සවයකට සහභාගී වීම

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් පවත්වා ගෙන යන තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) යටතේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ගෙවතු වගා කරන පවුල් 200ක් සඳහා "අත්‍යවශ්‍ය භාණ්ඩ" බෙදා හැරීමේ උත්සවයකට අමාත්‍ය සාගල රත්නායක සහභාගී විය (රූපය 2).[12]

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන ආයතනික සමාජ ආයෝජන ක්‍රියාකාරකමයි. වැඩි විස්තර සඳහා කරුණාකර තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) පිටුව බලන්න.

රූපය 2: උත්සවයේදී අමාත්‍යවරයා විසින් සිදු කළ කථාව ජාතික මාධ්‍ය මගින් ආවරණය කළ ආකාරය [12]

ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම

දුම්කොළ කර්මාන්තයට සම්බන්ධතා සහිත ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) විසින් සංවිධානය කරන ලද, 2018 සැප්තැම්බර් 28 වන දින කොළඹ ද බ්ලූ හිල්ටන් හි දී පැවති ව්‍යාපාරික සංසදයකට ඔහු සහභාගී විය (රූපය 3).[13][14] වැඩි විස්තර සඳහා කරුණාකර ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) පිටුව බලන්න.

රූපය 3: ලීග් ඔෆ් මල්ටිනැෂනල් කෝපරේට්ස් (LMNC) වැඩසටහනට අමාත්‍ය සාගල රත්නායක සහභාගී විය. ලංකා දුම්කොළ සමාගමේ සහ LMNC සභාපති මයිකල් කොස්ට්, උත්සවයේ ප්‍රධාන කථිකයා වන ජිම් ලෝලස්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අයද ඡායාරූපයේ සිටී.[13]

දුම්කොළ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවන ලද ලිපිය

සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා දුම්කොළ වගාව පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් 2017 අගෝස්තු 16 වන දින සාකච්ඡාවක් පවත්වා තිබේ. රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු සහ නිගමන අඩංගු ලිපියක් අදාළ බලයලත් ආයතන වෙත යවා ඇත. දුම්කොළ තවමත් තහනම් බෝගයක් නොවන බැවින් අදාළ රජයේ නිළධාරීන් දුම්කොළ වගාවට විරුද්ධ නොවිය යුතු බව එම ලිපියේ සඳහන් වේ (රූපය 4). මෙම කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයීය මාණ්ඩලික ප්‍රධානී වූයේ සාගල රත්නායකය.

රූපය 4: අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යවන ලද ලිපිය[15]

TobaccoUnmasked සම්පත්

Notes

  1. M Bandara and I Upeksha. Doing the Right Thing, Business Today. February 2016, accessed March 2019
  2. 2.0 2.1 Manthri.lk. Sagala Ratnayaka, undated, accessed March 2019
  3. 3.0 3.1 Parliament of Sri Lanka. Hon. SagalaRatnayaka, M.P., undated, accessed March 2019
  4. 4.0 4.1 Business Today. Doing the Right Thing, February 2016, accessed March 2019
  5. 5.0 5.1 5.2 Prabook. SagalaRatnayaka, undated, accessed March 2019
  6. Prime Minister’s office, Core Team, 21st May 2018, accessed March 2019
  7. Official website of the office of the Cabinet Ministers - Sri Lanka. Office of the Cabinet of Ministers - Sri Lanka, undated, accessed March 2019
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 8.7 Sagala Ratnayake. Facebook profile, Facebook, undated, accessed March 2019
  9. PMD NEWS- President’s Media Division, CABINET MINISTERS, undated, accessed March 2019
  10. 10.0 10.1 Lewis & Clark. Sagala Ratnayaka ‘93 represents district in Sri Lankan Parliament, 8 October 2001, accessed March 2019
  11. Ceylon Tobacco Company PLC. Annual Report 2017, 2018, accessed March 2019
  12. 12.0 12.1 Ada Derana Prime Time News Bulletin 06.55 pm - 2017.11.12, 12th November 2017, accessed March 2019
  13. 13.0 13.1 Mirror Business. ‘League of Multinational Corporates’ Launched, 01 October 2018, accessed March 2019
  14. Daily FT. MNC speak up, 01 October 2018, accessed March 2019
  15. PASC Lakmal, Discussion on issues related to tobacco farming, 17th August 2017, accessed March 2019