ශ‍්‍රී ලංකාවේ දුම්කොළ කර්මාන්තය

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

ශ‍්‍රී ලංකාව

ඉන්දියන් සාගරයේ පිහිටි මිලියන 20.2 ක ජනගහණයක් සහිත දුපතක් වන ශ‍්‍රී ලංකාව 77.4% ක ග‍්‍රාමීය ජන අනුපාතයකින් සමන්විත වේ. නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යට හිමිකම් ලබන ජනතාවගේ උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව 74.9 ක් වන අතර සාක්ෂරතාවය 93.2% කි. රටක් ලෙස මානව සංවර්ධන දර්ශකයේ අගය 0.757 කි. [1] පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 3,924 ක් වේ. පෙරදී කෘෂි කර්මාන්තය මූලික කරගත් ආර්ථිකයක් සහිත රටක් ලෙස හඳුනාගෙන තිබුණත් වර්තමානය වන විට කෘෂි ක‍්‍රියාකාරකම් ක‍්‍රමිකව අඩු වෙමින්, එය දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය 7.9 % දක්වා අඩු වී තිබේ. 2016 වසරේ ආර්ථික දත්තයන්ට අනුව දළ දේශීය නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් වන 56.6% ලබා දෙන්නේ සේවා අංශය වන අතර දෙවනුව 26.6 % ක් වන දායකත්වයක් සපයන්නේ කර්මාන්තයි. 1977 දී විවෘත ආර්ථික ප‍්‍රවේශය ලබාගන්නා ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජන හා කර්මාන්තයන් සඳහා හිතකර වටපිටාවක් ඇති රටක් බවට පත්විය. [2][3]

වර්ෂ 1505 සිට 1948 දක්වා කාලයේ වරින් වර යුරෝපීය ආක‍්‍රමණයන්ට ගොදුරු වූ ශ‍්‍රී ලංකාව පිළිවෙලින් පෘතුගාලය, නෙදර්ලන්තය හා අවසන් වශයෙන් බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවතිණි. එම කාලයේ පෘතුගිසීන් විසින් දුම්කොළ වගාව හා මෙම හානිදායක දුම්කොළ භාවිතය වන දුම්පානය හුරුකරවන ලදී.[4] බි‍්‍රතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ශාඛාවක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවනු ලැබූවේ 1906 වර්ෂයේ දී වන අතර එය ලංකා දුම්කොළ සමාගම (CTC) ලෙස හැඳින්වීම 1936 සිට සිදුවිය.[5] ’Ceylon’ සිලෝන් ලෙස රට හැඳින්වීමට භාවිතා වූ නාමය දුම්කොළ සමාගමේ නාමය ලෙස භාවිතා කිරීමට බි‍්‍රතාන්‍යන් සිය පාළන සමයේදී කටයුතු කරන ලදී.[6]

රූපය 1: ශී‍්‍ර ලංකාවේ පිරිමින්ගේ දුම්පානයේ ප‍්‍රවණතාව[7]

ශ‍්‍රී ලංකාවේ දුම්පානය

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය 2015 වසරේදී බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක සෙවීම සඳහා සිදුකරන ලද සමීක්ෂණ වාර්තා වලට අනුව වයස 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් දුම්පානය කරන ප‍්‍රමාණය 15% කි. දිනපතා දුම්පානය කරන්නන්ගේ ප‍්‍රමාණය 10.2%ක් වන අතර පිරිමි ජනගහණයේ සමස්ත දුම්පානය 29.4% හා කාන්තාවන්ගේ භාවිතය 0.1 % වේ.[8]

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය Alcohol and Drug Information Centre (ADIC) විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයන්ට අනුව වයස අවුරුදු 15 ට වැඩි පිරිමි අයගේ භාවිතය 90 දශකයේ මුල් කාලයේ සිට 2015 දක්වා කාලය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ. (රූපය 1)[7]

එම සමීක්ෂණයට අනුව දුම්පානය සඳහා භාවිතා කරන නිෂ්පාදනයන්ගෙන් 91% ක් සිගරට් වන අතර 8% ක් ගෘහාශ්‍රිතව නිෂ්පාදනය කරන්නක් වන බීඩි වේ.[7] එහෙත් දුම්කොළ සමාගමේ තක්සේරුව වන්නේ 2009 - 2015 කාලයේ දුම්කොළ වෙළඳපොලෙන් 40- 45% අතර ප‍්‍රමාණයක් බීඩි භාවිතය සිදුකරන බවයි. බොහෝ දේශීය අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයන්ට අනුව ද බීඩි භාවිතය 10% ට වඩා අඩු අගයක් ගන්නා බව පෙන්නුම් කොට ඇත.[6] වැඩි විස්තර සඳහා දුම්කොළ සමාගම්වල තර්ක: බීඩි භාවිතය වැඩිවීම පිටුව බලන්න.

දුම්කොළ භාවිතයේ ගැටළුව

දුම්කොළ භාවිතය නිසා 2015 වසරේ ගණනය කරන ලද සමස්ත මරණ සංඛ්‍යාව සතියකට 222 ක් විය. ශී‍්‍ර ලාංකික වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් එක් අයකුගේ මරණයට හේතුව දුම්කොළ භාවිතයයි.[9]


ලංකා දුම්කොල සමාගමේ වාර්ෂික වාර්තාවන්ට අනුව 2015 වසරේ දී වාර්තා වූ ආදායම රු. බිලියන 106.5 ක් විය. (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 722 ක්) මෙම දත්තයන් ශී‍්‍ර ලංකාවේ දුම්පානයෙන් සිදුවන ආර්ථික හානිය පිලිබඳ දළ අදහසක් ලබාදේ.[6]

ශී‍්‍ර ලංකාවේ දුම්කොළ කර්මාන්තය

දුම්කොළ සමාගම් හා වෙළඳපොළ අයිතිය

ලංකා දුම්කොළ සමාගම (CTC) ශ‍්‍රී ලාංකීය සිගරට් වෙළඳපොලේ ඒකාධිකාරිය උසුලනු ලබයි. දුම්කොළ වගාව, සිගරට් නිෂ්පාදනය සිල්ලර වෙළෙන්ඳා, වෙත බෙදාහැරීම වැනි සිගරට් නිෂ්පාදනයේ සියළු ක‍්‍රියාවලියන් සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) මැදිහත්වී සිදුකෙරේ. ලංකා දුම්කොළ සමාගමේ අයිතියෙන් ඉතා සුළු කොටසක් දේශීයව උසුලන අතර කොටස් අයිතිියෙන් 84.13% ක හිමිකාරීත්වය බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතුවේ.[6]

ලෝක බැංකු වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ වෙළඳපොල තුල ඇති සිගරට් වලින් 99% ක් ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් නිෂ්පාදනය කරන ඒවා වන අතර විදේශයන්ගෙන් ආනයනය කරන්නේ 1% පමණි.[10] ජොන් කීල්ස් කොටස් තැරව්කාර සමාගම දුම්කොළ සමාගම සම්බන්ධයෙන් 2008 දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව දුම්කොළ සමාගමට සිගරට් වෙළඳපොලෙන් 96% ක හිමිකාරීත්වයක් ඇති අතර ඉතිරි 4% නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් වේ.[11]

ලංකාවේ දුම්වැටි වෙළඳපොල අවම වෙමින් පවති. එම අවම වීම වඩාත් තීව්‍ර කිරීමට 2006 දෙසැම්බර් මාසයේ දී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ කිරීම හේතුවක් විය. එහි දී ආවරණය වූ පොදු ස්ථානවල, ආපනශාලා හා පොදු ප‍්‍රවාහනය ආදී ස්ථාන වල මද්‍යසාර හා සිගරට් භාවිතය තහනම් වීම මෙන්ම දිගින් දිගටම සුරාබදු ඉහල යාම නිසා සිගරට් මිල ඉහල යාමද හේතු ලෙස සඳහන් කල හැකිය.[11] ඇම්බා සමීක්ෂණ පුද්ගලික ආයතනය 2013 නිකුත් කරන ලද වාර්තාවක්ද සිගරට් වෙළඳපොල අවම වීමක් පෙන්වා දෙයි. එහිදී ඔවුන් මෙයට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ සිගරට් මිල වැඩිවීම හා සිගරට් භාවිතයෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම් පළිබඳ දැනුවත්වීම් වැඩිවීම බවයි. එම වාර්තාව තවදුරටත් 2010 - 2011 වසරවල සිගරට් විකිණීම වැඩිවීමක් නීරීක්ෂණය කරමින් පෙන්වා දෙන්නේ යුද්ධයෙන් අනතුරුව උතුර හා නැගෙනහිර නව වෙළඳපොලක් විවෘත වීම හේතුකොට ගෙන එසේ වූ බවයි.[5]

දුම්කොළ වගාව හා නිෂ්පාදනය

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන සිගරට් සඳහා යොදාගන්නා දුම්කොළ 100% ක් ලබාගන්නේ රට තුලින්ම වන අතර එය 2014 වසරේදී දළ වශයෙන් දුම්කොළ ටොන් 3000 ක් විය.[6][12]

මෙයට අමතරව තවත් දුම්කොළ නිෂ්පාදන ආයතන 03 ක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවා ඇත.

  • United Tobacco Processing Pvt Ltd
  • Thansher and Company
  • Agio Tobacco Processing Company Pvt Ltd

බෙදාහැරීම, වෙළඳාම හා ලාභාංශ

දුම්කොළ සමාගමට අනුව සිගරට් බෙදාහැරීම සඳහා තොරා ගත් බෙදාහරින්නන් 16 දෙනෙක් වේ. සමස්ත සිල්ලර වෙළඳුන් 72,000 ක් විකිණීමේ නරත වන අතර ඔවුන්ගේ පක්ෂපාතීත්වය ඇගයීම සඳහා අභිෂේක නම් දිරිගැන්වීමේ වැඩසටහනක් ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. එහිදී වැඩි වශයෙන් සිගරට් විකිණීම සිදු කරන වෙළෙඳුන් අගය කෙරේ. [6]

ලංකා දුම්කොළ සමාගම (CTC) 2015 වසරේ ලැබූ ලාභය (බදු අඩු කළ පසු) රු. බිලියන 10.5 කට මදක් වැඩිය. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 69 ක් වේ. [6]

ආර්ථිකයේ භූමිකාව - බදු, අපනයනයන් හා රැකියා

බදු

රාජ්‍ය බදු ආදායමට ලංකා දුම්කොළ සමාගමෙන් ලැබෙන දායකත්වය රජයේ සමස්ත බදු ආදායමෙන් 7% කි.[6]

අපනයන

අපනයන ආදායමෙන් 1% ප‍්‍රමාණයක් ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් අපනයනය කරන සිගරට් මගින් වාර්ෂික ආදායමට එක්කරයි.[6]

ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ගේ ලේඛනයට අනුව පහත සමාගම්ද දුම්කොළ නිෂ්පාදන අපනයනය කරයි;.[13]

  • United Tobacco Processing Pvt Ltd – සිගරට් සහ දුම්කොළ කැබලි අපනයනය කරයි
  • Thansher and Company – සුරුට්ටු අපනයනය කරයි
  • Agio Tobacco Processing Company Pvt Ltd – අර්ධ නිෂ්පාදිත දුම්කොළ නිෂ්පාදන අපනයනය කරයි[14]

රැකියා

ලංකා දුම්කොළ සමාගමේ තක්සේරුව අනුව ඔවුන් සපයන රැකියා ගණන 181,000කි. 2015 වාර්ෂික වාර්තාවට අනුව ලංකා දුම්කොළ සමාගමේ සේවයේ නියුතු වන්නේ 238 දෙනෙක් පමණක් වන අතර වෙනත් පාර්ශව 55 මගින් ඍජු කොන්ත‍්‍රාත් පදනමෙන් සේවය කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන මෙහෙයුම් සිදුකරන අනෙක් සමාගම්වල රැකියාවේ නියුතු ප‍්‍රමාණයන් වන්නේ,

  • United Tobacco Processing Pvt Ltd - 1875.[15]
  • Thansher and Company - between 250-499.[16]
  • Agio Tobacco Processing Company Pvt Ltd – 1800[17]

සමාජ ආයෝජනයන්

ලංකා දුම්කොළ සමාගම (CTC) පිහිටුවාගත් ඒකකයක් (Outreach Projects (Guarantee) Limited) යටතේ ප‍්‍රජා ආයෝජනයන් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් 2015 වසරේ වැය කරන ලද මුදල රු. මිලියන 47 ක් වේ.[6]

TobaccoUnmasked සම්පත්

බාහිර සම්පත්


මූලාශ්‍ර

  1. Department of Census and Statistics, Census of Population and Housing, 2012, 2012, accessed November 2016
  2. CentralBank of Sri Lanka. Sri Lanka Socio-economic data 2016, June 2016, accessed March 2017
  3. World Bank. Sri Lanka Development Policy Review, 08 December 2004, accessed March 2017
  4. C.G.Uragoda, A History of Medicine in Sri Lanka. Colombo: Sri Lanka Medical Association, 1987
  5. 5.0 5.1 Amba Research Private Limited.Ceylon Tobacco Company PLC, 31st October 2013, accessed March 2017
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 6.8 6.9 Ceylon Tobacco Company,Ceylon Tobacco Company Annual Report 2015, 2016, accessed November 2016
  7. 7.0 7.1 7.2 Alcohol and Drug Information Centre, ADIC Spot Survey July 2015, 2016, accessed November 2016
  8. Ministry of Health, Nutrition and Indigenous Medicine, Sri Lanka. Non-communicable Disease Risk Factor Survey, Sri Lanka 2015, Colombo: Ministry of Health/World Health Organization, 2016, accessed November 2016
  9. M.Eriksen, J.Mackay, N.Schulger, et.al.The Tobacco Atlas. Fifth Ed., Atlanta: American Cancer Society, 2015, accessed November 2016
  10. N.Arunathilake, M.Opatha, The Economics of Tobacco in Sri Lanka., Economics of Tobacco Control Paper No. 12, Tobacco Free Initiative, World Health Organization, 2003, accessed November 2016
  11. 11.0 11.1 S Rajasekaran. Ceylon Tobacco Company (CTC): Corporate Update, September 2008, accessed March 2017
  12. Sri Lanka Excise Department, Sri Lanka Excise Department Performance Report 2014, Colombo: Sri Lanka Excise Department, 2015, accessed November 2016
  13. Sri Lanka Export Development Board. Sri Lanka Directory of Exporters, 2017, accessed March 2017
  14. Royal Agio Cigars. The Organisation: Agio Cigars in Sri Lanka, undated, accessed March 2017
  15. United Tobacco Processing Pvt Ltd. Factories, undated, accessed March 2017
  16. Kompass International. the Thansher and Company, undated, accessed March 2017
  17. European Chamber of Commerce of Sri Lanka. Agio Tobacco Processing Co. (Pvt) Ltd., undated, accessed March 2017