ශ්‍රී ලංකාවේ තනි සිගරට් අලෙවිය තහනම් කිරීමට යෝජනාවක්

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

2018 සැප්තැම්බර් 11 දින සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න තනි සිගරට් අලෙවිය තහනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත නව කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී. [1] පසුගිය වසර දෙකක කාලය තුළ 'තනි සිගරට් තහනම කිරීමේ ප්‍රතිපත්තිය' පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයා නැවත නැවතත් සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශ මගින් මෙම නව ප්‍රතිපත්තිය යෝජනා කරන බව පෙන්වා දී ඇති අතර එය 2016 වසරේ සිට මාධ්‍ය වාර්තා කරන ලදී.[2][3] ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික නීති සම්පාදනය කරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනතට සංශෝධනයක් ලෙස එය යෝජනා විය.

තනි සිගරට් අලෙවිය තහනම් කිරීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ දුම්පානය කරන්නන්ගෙන් බහුතරයක් ඒවා මිලදී ගන්නේ තනි සිගරට් වශයෙනි. [4] වෙළඳපොල තුළ තනි සිගරට් ලබා ගැනීමේ හැකියාව නිසා, තරුණයින් අතර දුම් පානය ආරම්භ කිරීම හා පවත්වා ගෙන යාම දිරිගන්වන බව ගෝලීය සාක්ෂි මගින් පෙන්වා දී ඇත. දැරිය හැකි මිලකට සිගරට් ලබා ගැනීමේ හැකියාව හා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කරමින් සිල්ලර වෙළඳුන්ට බාල වයස්කරුවන්ට සිගරට් අලෙවි කිරීමට හැකිවනු ඇත. දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 16 වන වගන්තිය (බාල වයස්කරුවන්ට සහ බාල වයස්කරුවන් විසින් විකිණීම) "බාල වයස්කරුවන්ට දැරිය හැකි/ ලබා ගත හැකි එවැනි නිෂ්පාදන තනි තනිව හෝ කුඩා පැකට්වල සිගරට් විකිණීම තහනම් කිරීමට සෑම පාර්ශ්වයක්ම උත්සාහ කළ යුතුය" යනුවෙන් ගෝලීය සාක්ෂි මත පදනම්ව සඳහන් කරයි.[5] සිගරට් 20ක් සහිත පැකට්ටුවක් මිල දී ගැනීමට නොහැකි වන දුප්පත් අයට ද තනි සිගරට් නිසා දුම් පානය පහසු කරයි. තව ද, සිගරට් විකිණීමෙන් පසුව නිරීක්ෂණය කිරීමට නියාමන අධිකාරීන් මුලුමනින් ම අපොහොසත් වනු ඇත. රටවල් බොහොමයක් FCTC හි 16 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. [6]


කැබිනට් අනුමැතිය නොලැබීම

මුදල් අමාත්‍ය මංගල සමරවීර, කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන කැබිනට් මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකුගේ විරුද්ධත්වය මත පදනම්ව මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමතිය නොලැබුණු බව වාර්තා විය (රූපය 1).[7][8]

රූපය 1: කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධතා ඩේලි මිර(ර්) පුවත්පත වාර්තා කිරීම [7]

මුදල් අමාත්‍යවරයාගේ විරුද්ධත්වය ලද පුළුල් මාධ්‍ය ආවරණය

පසුකාලීන මාධ්‍ය වාර්තා අනුව, මුදල් ඇමතිවරයාගේ විරෝධතා සඳහා පහත හේතුන් දක්වයි.

  • තහනම මගින් බදු ආදායම අඩුවනු ඇත
මෑතකාලීන දුම්කොළ පාලන ක්‍රම මගින් රජයට රුපියල් බිලියන 18 ක බදු ආදායමක් දැනටමත් අහිමිවී ඇති බව ඔහු සඳහන් කළ බව වාර්තා විය. [9] 2017 වසරේ ලද රුපියල් බිලියන 23ක් වූ දුම්කොළ බදු ආදායම 2018 වසරේ දී රුපියල් බිලියන 29 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විරෝධය පළ කර ඇත. [6] ඩේලි මිර(ර්) පුවත්පතෙහි පසුව පල වූ වාර්තාවක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂක උපුටා දක්වමින් රුපියල් බිලියන 18 ක බදු ආදායමක් අහිමි වූ බවට කිසිදු සාක්ෂියක් මුදල් අමාත්‍යංශ වාර්තාවල සඳහන් නොකරන බවට වාර්තා විය. [1][7]
  • තහනම මගින් බීඩි පරිභෝජනය වැඩි කරයි
මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද දෙවන තර්කය වූයේ සිගරට් ලබා ගැනීමට ඇති හැකියාව අඩුවීමෙන් බීඩි පරිභෝජනය වැඩි වීමට හේතු වනු ඇති බවයි. සිගරට් රසයට ඇබ්බැහි වූවන් බීඩි පරිභෝජනයට නැඹුරු වීමට බෙහෙවින් අපහසු බව පවසමින් සෞඛ්‍ය ඇමැතිවරයා මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයට විරුද්ධ වූ බව මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන ලදී. [7]

තහනමට පළ වූ විරෝධය පිළිබඳ ඉතිහාසය

මාධ්‍ය

2018 අප්‍රේල් මස ජාතික පුවත්පතක් වන ඩේලි එෆ්ටී හි තහනම සම්බන්ධව පළ වූ ලිපියක, මුදල් ඇමතිවරයා මතු කළ විරෝධතාවන්ට සමාන අදහස් දැක්වීය. ඊට අමතරව, තනි සිගරට් මිලදී ගන්නා පාරිභෝගිකයන් දැන් පැකට්ටු මිලදී ගැනීමට බල කෙරෙන නිසා වැඩියෙන් දුම් පානය කිරීමෙන් මෙම තහනම දුම් පානය වැඩි වීමට හේතු වනු ඇති බවට ප්‍රකාශ විය. තහනම මගින් කුඩා සිල්ලර කඩවලට ද එමගින් රටේ ආර්ථිකයට හානි සිදුවනු ඇති බවට එම ලිපියේ සඳහන් විය. .[8]

දුම්කොළ කර්මාන්තය

"දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ" නාඳුනන 'කොටස්කරුවෙකු' යොහාන් පෙරේරා නම් අයෙක් විසින් 2017 මාර්තු මාසයේ දී ලියන ලද ඩේලි මිරර් ලිපියක තනි සිගරට් විකිණීම තහනම් කිරීම, බහුජාතික සමාගම් වලින් ලැබිය යුතු 'ආදායම් බදු සීමා කිරීමට පියවරක්' බව දක්වා සිටියි. [10]

2017 වසරේ මුල් භාගයේ දී දුම්කොළ නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය (TRA) සහ මුදල් ඇමති සමරවීර අතර පැවති හමුවක් මාධ්‍ය වාර්තා කරමින් තහනම ඔවුන්ගේ ව්‍යාපාරයට බලපානු ඇති බැවින් එය පැනවීම නොකරන ලෙස සංගමය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බව දක්වන ලදී. දුම්කොළ නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය (TRA), ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ (BAT) අනුබද්ධිත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) වෙනුවෙන් පෙනී සිටින්නන් වේ. (කරුණාකර වැඩි විස්තර සඳහා දුම්කොළ නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය 2017 වසරේ දී දුම්කොළ රෙගුලාසි වලට විරෝධය දක්වයි පිටුව බලන්න.)

TobaccoUnmasked සම්පත්


මූලාශ්‍ර

  1. 1.0 1.1 P Sumanasekara. Taxation and tobacco industry in Sri Lanka, Daily Mirror, 19 September 2018, accessed November 2018
  2. Daily MirrorSale of loose fags will be banned: Rajitha 09 March 2017, accessed October 2018
  3. M. Peiris. Ban sale of single cigarettes - Government Medical Officers Association, Asian Tribune, 24 November 2016, accessed October 2018
  4. S D Peiris Ban of single stick cigarettes Tobacco Induced Diseases, 1 March 2018, accessed November 2018
  5. World Health Organisation. Framework Convention on Tobacco Control, accessed November 2018
  6. 6.0 6.1 M Peiris. A win-win game for the tobacco industry, Daily Mirror, 12 April 2016, accessed November 2018
  7. 7.0 7.1 7.2 7.3 D Liyanage. No ban on single stick cigarette ban, Daily Mirror, 17 September 2017, accessed November 2018
  8. 8.0 8.1 Sunday Times. Rajitha’s loose cigarettes go up in smoke, 16 September 2016, accessed November 2018
  9. A K Agalakada. Fall in sale of Fags affects Tax revenues, Micro Citizen, 12 September 2018, accessed November 2018
  10. Y Perera. Will ban on single stick sales discourage smoking?, Daily Mirror, 27 March 2017, accessed November 2018