ලංකා දුම්කොළ සමාගමේ ඩෙන්ඩ්‍රෝ බලශක්ති ව්‍යාපෘතිය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ තිරසාරව වැඩුණු ගිනිසිරියා (ග්ලිරිසීඩියා සෙපියම්-Gliricidia sepium) මගින් ඩෙන්ඩ්‍රෝ බලය හෝ විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව සඳහා 1999 සිට 2004 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් පර්යේෂණය කරන ලදී. මෙම වැඩසටහන යුරෝපීය සංගමයේ ප්‍රදානයක් යටතේ ආරම්භ වූ බව වාර්තා වේ. අත්හදා බැලීමේ වතු වල සාර්ථකත්වය මත පදනම්ව, පළමු වාණිජ ව්‍යාපෘතිය 2004 වසරේ දී ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) විසින් ලංකා දුම්කොළ සමාගමෙහි ආධාර සහිතව වලපනේ දී ආරම්භ කරන ලදී.[1][2][3]

රූපය 1: රේ විජේවර්ධන (දකුණුපස) වලපනේ ඩෙන්ඩ්‍රෝ බලාගාරය ඉදිරිපිට[2]

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජනය

මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 100 ක් බව මාධ්‍ය වාර්තා කළේය. ලංකා දුම්කොළ සමාගමෙහි දායකත්වය වූයේ දුම්කොළ ගොවීන්ට ඔවුන්ගේ බෑවුම් කෘෂිකාර්මික ඉඩම් තාක්‍ෂණය (SALT) ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දුන් බැවින් ගිනිසිරියා සැපයීම සම්බන්ධීකරණය කිරීමයි. ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ගොවීන්ගෙන් දැව මිලදී ගෙන බලශක්ති නිෂ්පාදනය සඳහා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) වෙත නැවත විකුණන ලදී. මෙම ක්‍රියාවලියේදී භාවිතා කරන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ගාස්තුවක් ලබා දී ඇත.[3][4]

බලපෑම

ඇගයීම් වාර්තා වල මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීමක් ලෙස දැක්වීමට සඳහන් කළ හේතු පහතින් දැක්වේ:[5][6][7]

  • ව්‍යාපෘති අඩවිය ලෙස නුසුදුසු ස්ථානයක් තෝරා ගැනීම - මේ සඳහා වලපනේ ප්‍රදේශය තෝරා ගනු ලැබුවේ ලංකා දුම්කොළ සමාගමෙහි භාවිතයට නොගත් ගබඩාවක් තිබූ බැවිනි. එය බොහෝ විට නායයෑම් වලට ලක් වන දුර්වල මාර්ග පද්ධතියක් සහිත ප්‍රදේශයක විය.[5]යාබද ප්‍රදේශවලින් අවශ්‍ය දැව මෙන් තුන් ගුණයකට වඩා සැපයිය හැකි බව සඳහන් කර ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ඉදිරිපත් කරන ලද ශක්‍යතා වාර්තාවට පටහැනිව වලපනේ අවට ප්‍රදේශයෙන් අවශ්‍ය දැව වලින් 1% ක් පමණක් තිබීම නිසා බලපෑම වඩාත් නරක විය.[6]
  • විදුලිබල පද්ධතියට ඇති රැහැන් සම්බන්ධතා මාර්ගය වනාන්තර භූමියක් හරහා යාම සහ සුන්බුන් නිසා බොහෝ විට ඒවාට හානි වූ නිසා පද්ධතිය බොහෝ විට සේවයෙන් තොර විය.[5]
  • ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් සපයනු ලබන විදුලි ගාස්තුව ප්‍රමාණවත් නොවීම.[5]
  • දුර්වල දැව සැපයුම් දාමය - සැපයුම් දාමයේ ලාභ ලබන බොහෝ අතරමැදියන් සිටි අතර වගාකරුවන්ගේ ලැබුණේ අවම උත්සාහයට අවම ප්‍රතිලාභයක් පමණක් ලැබුණු බව වාර්තා විය. තෙත් තොග කිලෝග්‍රෑම් 1 ක් සඳහා ගොවීන්ට රුපියලක් පමණක් ලද අතර එකතුකරන්නන්ට රුපියල් 3 ක පමණ මුදලක් ලැබුණි.[5][6][7] සඳහන් වූ වෙනත් හේතූන් නම්; දුෂ්කර භූමි, ගොවියාට පෝෂක එකතු කිරීම සඳහා ගෙන ඒමට දුෂ්කරතා මතු වීම, අඩු මිලක් ලබා දීම, දැව සකස් කිරීමේ ක්‍රියාවලිය (කැපීම හා වියළීම ඇතුළුව) කරදරකාරී වීම, ගොවීන් වඩා හොඳ ප්‍රතිලාභ සහිත වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වීම.[6]
  • අසල්වැසි ප්‍රජාව මෙම ව්‍යාපෘතිය පිළිබඳව අසතුටින් සිටීම සහ දැව සැපයීමෙන් වැළකී සිටීම - සඳහන් කර තිබූ හේතූන් වූයේ “ශබ්දය, පාවෙන අළු, වැසි ජලය බැහැර කිරීමේ ගැටළු යනාදියයි.” [6]

ඒෂියා ප්‍රෝ-ඉකෝ වැඩසටහන සඳහා මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාජ ආර්ථික ඇගයීමක් සිදුකරන රණසිංහ නිගමනය කරන්නේ ලංකා දුම්කොළ සමාගමෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කිරීම අතර පරස්පරතාව මෙය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.[6]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. United Nations. Energy Services for Sustainable Development in Rural Areas in Asia and the Pacific: Policy and Practice. Energy Resources Development Series No. 40, New York: United Nations, 2005
  2. 2.0 2.1 Ray Wijewardena Trust. Ray Wijewardene: Bio-energy Promorter, 2011, accessed August 2017
  3. 3.0 3.1 S Perera. Rs.100 m Dendro power plant to boost national grid, 17 August 2004, accessed August 2017
  4. The Island. CTC pioneers in ‘Dendro Electrification’ for rural populace, 28th October 2004, accessed August 2017
  5. 5.0 5.1 5.2 5.3 5.4 W Mostert. Development of Grid-Connected Biomass Energy Projects in Sri Lanka Issues and Options, 08th May 2009, accessed August 2017
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 H Ranasinghe. A Socio-economic study on the Dendro Power Project at Kumbalgamuwa, Walapane, undated, accessed August 2017
  7. 7.0 7.1 DFCC Consulting (Pvt) Limited. Private Sector, Small-scale, Grid Connected Renewable Power Generation in Sri Lanka: A review of the experience of the past decade 1996 to 2006, RERED Project, January 2008, accessed August 2017