රොමේෂ් ද සිල්වා

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රොමේෂ් ද සිල්වා යනු “නීතිය උගත් ජනාධිපතිගේ නීතීඥ” හෙවත් ජනාධිපති නීතීඥවරයෙකි. එය බ්‍රිතාන්‍ය ‘රැජිනගේ නීතීඥ’ පත්වීම්වලට සමපාත වන ශ්‍රී ලංකාවේ නීතීඥයින් සඳහා වන ඉහළ පෙළේ පත්වීමක් වේ. වෘත්තීය විශිෂ්ටත්වය මත පදනම්ව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් ලබා දෙයි.[1][2]

රූපය 1: රොමේෂ් ද සිල්වා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සිය පත්වීම ලබා ගැනීම[1]


ඔහු 2015 මාර්තු මස සිට ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සභාපති ලෙස සේවය කරයි. රාජ්‍ය නීති සහ නීති අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීමේ රාජ්‍ය අධිකාරිය, නීති කොමිෂන් සභාව සතු වේ.[1][3]

ඔහු ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයේ (SLNAC) සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.[4] සමහර මාධ්‍ය වාර්තා වලට අනුව, රජය විසින් 2015 මැයි මාසයේදී එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ඔහුට ලබා දුන් අතර පෞද්ගලික හේතූන් නිසා ඔහු එය ප්‍රතික්ෂේප කළේය.[5][6]

ජනමාධ්‍ය විසින් ‘මතභේදාත්මක’ ලෙස හඳුන්වන ලද ජාතික වශයෙන් අදාළ බොහෝ නඩු වලට ඔහු සම්බන්ධ විය.

  • ඔහු, වංචනික ලෙස ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් පිළිබඳ වූ චෝදනාවක් මත ලියන ලද ප්‍රවෘත්ති ලිපි මාලාවකට එරෙහිව ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) විසින් 2006 වසරේ ගොනු කරන ලද පෙත්සමේ දී සන්ඩේ ලීඩර් ප්‍රවෘත්ති පත්‍රය සහ එහි කර්තෘ ලසන්ත වික්‍රමතුංග (2009 වසරේ දී ඝාතනය කරන ලදී) ආරක්ෂා කළේය.[7]
  • 2013 වසරේ දී ශ්‍රී ලංකා අගවිනිසුරු ධුරය දෝෂාභියෝගයට ලක් වූ අවස්ථාවේ දී ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ඔහු ශිරානි බණ්ඩාරනායකව නියෝජනය කළේය.[8]
  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් 2015 වසරේ දී මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ඔහුව නියෝජනය කළේය.[9][10]
  • දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) උපාධිධාරීන් හට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ප්‍රදානය නොකිරීම සම්බන්ධයෙන් SAITM ආයතනය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) ට එරෙහිව 2016 වසරේ දී ඉදිරිපත් කළ පෙත්සමේ දී SAITM ආයතනයේ උපාධිධාරිනියක් නියෝජනය කළේය.[11][12][13]
  • මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වූ චෝදනාව මත ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව 2017 වසරේ දී පැවති අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඔහු මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටියේය.[14][15]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

පොදුවේ ලබා ගත හැකි තොරතුරු වලට අනුව 2017 වසර වන විට, ඔහු අධිකරණ නඩු තුනක දී ලංකා දුම්කොළ සමාගම (CTC) නියෝජනය කර ඇත.

රූපමය සෞඛ්‍ය අවවාද පිළිබඳ නඩුව: සෞඛ්‍ය අමාත්‍යවරයාට එදිරිව දුම්කොළ සමාගම

සිගරට් ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අවවාද සම්බන්ධයෙන් 2013 වසරේ දී එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් පෙත්සමක් ගොනු කරන ලදී. සිගරට් ඇසුරුම්වලින් 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද දැක්වීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ ඔහුගේ අධිකාරිය එහි දී අභියෝගයට ලක් විය.[16][17] පසු කාලීනව ඔහු වෙනුවට ෆයිස් මුස්තාපා මෙම නඩුව සඳහා පත් කරන ලදී.[18][19]

වැඩි විස්තර සඳහා සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුව බලන්න.

දුම්පානය හා සම්බන්ධ මරණය පිළිබඳ නඩුව: ලංකා දුම්කොළ සමාගමට එදිරිව පී. ලලිතා පද්මිණී ප්‍රනාන්දු

2003 වසරේ දී පෙනහළු පිළිකාවක් හේතුවෙන් මියගිය දුම් පානය කරන්නෙකුගේ බිරිඳක් ලංකා දුම්කොළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගත්තේය. මෙම නඩුවේදී රොමේෂ් ද සිල්වා ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.[20]

ව්‍යාජ චෙක්පත් පිළිබඳ නඩුව: කොමර්ෂල් බැංකුවට එදිරිව ලංකා දුම්කොළ සමාගම (CTC)

2008 වසරේ දී ව්‍යාජ චෙක්පත් සම්බන්ධයෙන් කොමර්ෂල් බැංකුවට එරෙහි නඩුවක දී ඔහු ලංකා දුම්කොළ සමාගම (CTC) නියෝජනය කළේය.[21]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 OMLANKA: Sri Lanka News Website. Veteran lawyer Romesh Chairman of Law Commission, 26 March 2015, accessed May 2017
  2. The Nation. Appointment of President’s Counsel, 28 March 2015, accessed May 2017
  3. The Law Commission of Sri Lanka. The Commission, 2017, accessed May 2017
  4. Sri Lanka National Arbitration Centre. Board of Governors, 2017, accessed May 2017
  5. Lanka News Web. Lawyer Romesh De Silva has been appointed as the SL High commissioner to the UK, 22 May 2015, accessed May 2017
  6. Sunday Observer. Behind Closed Doors: Of faith and fear and that carom board extravagance, 31 May 2015, accessed May 2017
  7. L Wickrematunge. Apology To Gotabaya By The Sunday Leader, Colombo Telegraph, 8 March 2015, accessed May 2017
  8. Colombo Telegraph. Romesh de Silva, Jayampathi Wickramaratne, MA Sumanthiran And JC Weliamuna Receive Threatening Letters, 18 January 2013, accessed May 2017
  9. Asian Tribune. Supreme Court today issued an interim order staying the arrest of Gotabaya Rajapaksa, 14 May 2015, accessed May 2017
  10. Ada Lakderana. Judge refuses to hear Gota’s petition, 13 May 2015, accessed May 2017
  11. SS Selvanayagam. Court of Appeal to hear petition of SAITM students on 12 October, Daily FT, 7 July 2016, accessed May 2017
  12. D Manu. Rajapaksa regime’s SAITM sin puts joint opposition in a spin, The Sunday Times: Columns, 12 February 2017, accessed May 2017
  13. W Ramanayake. SLMC non-registration of SAITM grads: Two cases in court, The Sunday Times, 10 July 2016, accessed May 2017
  14. The Island. Romesh de Silva, PC leads Mahendran’s team of lawyers: Bond scam probe, 15 March 2017, accessed May 2017
  15. M Gunasekara, R Katugampola. Gov. Mahendran gave arbitrary instructions to raise interest rate while auction was on, says witness, Sunday Times (Sri Lanka), 26 March 2017, accessed May 2017
  16. Court of Appeal Document. IN THE COURT OF APPEAL OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA, 22 February 2013, accessed May 2017
  17. The Sunday Times. SC gives CTC time to implement health warnings on cigarette packs, 03 March 2013, accessed May 2017
  18. Lanka News Web. Chief Justice to shows Ceylon Tobacco how to win an appeal, Exclusive, 06 August 2013, accessed May 2017
  19. DailyMirror (Sri Lanka). Pictorial warnings to cover 50-60% of cigarette packs, 13 May 2014, accessed May 2017
  20. S Samarasinghe. Tobacco faces smoking death case, 02 November 2008, accessed May 2017
  21. Sri Lanka Law Reports. 2010(2) SRI L.R. p62-64, 21 July 2008, accessed May 2017