රමේෂ් නානායක්කාර
From Tobacco Unmasked Sinhala
Contents
පසුබිම
රමේෂ් නානායක්කාර, 2016 සැප්තැම්බර් මාසයේදී පැපුවා නිව්ගිනියාවේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ලෙස ජාත්‍යන්තර පත්වීමක් ලැබෙන තෙක් ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය (රූපය 1).[1][2]
මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධියක් ලබා ඇත.[1][2]
දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය
- නිෂ්පාදන අංශ ප්‍රධානී (2013 - 2016)
- සැපයුම් දාම සැලසුම් කිරීම, ප්‍රසම්පාදනය සහ ප්‍රවර්ධන කළමනාකරු (2011 - 2013)
සමගාමීව රජයේ ආයතනවල දරන ලද තනතුරු
වාර්තා වී නොමැත
වෙනත් (රාජ්‍ය නොවන) ආයතනවල දරන ලද තනතුරු
ඔහු පාන වර්ග සහ කිරි ආහාර කර්මාන්ත ඇතුළු කර්මාන්ත කිහිපයකම සේවය කර ඇත.[1][2] වාර්තා වී ඇති තනතුරු වල සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
- භාරතී එයාර්ටෙල් පුද්ගලික සමාගම - ප්‍රධානී / මූලාශ්‍ර හා කොන්ත්‍රාත්තු (2009 - 2011)[1][2]
- හොල්සිම් ලංකා ලිමිටඩ් - ප්‍රවර්ධන මෙහෙයුම් කළමනාකරු (2007 - 2009)[1][2]
- කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් - ආයතන ඉංජිනේරු (2004 - 2007)[1][2]
- නෙස්ලේ ලංකා සමාගම (තනතුර හා සේවා කාලය වාර්තා වී නොමැත)[1]