මහින්ද යාපා අබේවර්ධන

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1945 දී උපත ලැබූ මහින්ද යාපා අබේවර්ධන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, මාතර රාහුල විද්‍යාලයෙන් සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ලාභියෙකි.[1] ඔහුගේ වෘත්තිය “ඉඩම් හිමිකරු” ලෙස පොදු තොරතුරු පද්ධතිවල සඳහන් වන අතර කෘෂි කර්මාන්තය “වඩා උනන්දුවක් දක්වන ක්ෂේත්‍රය” ලෙස සඳහන් වේ.[2][3] ඔහු 1983 වසරේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2000 වර්ෂයේ දී නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එතැන් සිට අඛණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.[4]

මහින්ද යාපා 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ නව දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) සමඟ එක් විය. 2010 වසරේ සිට 2015 වසර දක්වා පාලක දේශපාලන සන්ධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ඔහු වසර 25 කට අධික කාලයක් සේවය කළේය.[2][3]ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි (SLPP) අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව 2020 අගෝස්තු 20 වන දින ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුව කැඳවීමත් සමඟ මහින්ද යාපා කථානායකවරයා ලෙස දිවුරුම් දෙන ලදී. කථානායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ මුලසුන දරන නිලධාරියා වන අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට පසුව පවතින තුන්වන ඉහළම නිලධාරියා වේ.[5]

රූපය 1: අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මිරර් [6]

දරන ලද දේශපාලනික / රජයේ තනතුරු

  • 1983 සිට 1988 දක්වා සහ 2000 සිට වර්තමානය දක්වා - පාර්ලිමේන්තු මන්ත්‍රී[2]
  • 1993 සිට 1994 දක්වා - දකුණු පළාත් සභාවේ සභාපති[2]
  • 1994 සිට 2000 දක්වා - දකුණු පළාත් සභාවේ මහ ඇමති[2]
  • 2004 අප්‍රේල් සිට 2005 නොවැම්බර් දක්වා - සෞඛ්‍ය සේවා හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය[7][3]
  • 2005 නොවැම්බර් සිට 2010 අප්‍රේල් දක්වා - සංස්කෘතික කටයුතු හා ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය[8][3]
  • 2010 අප්‍රේල් සිට 2015 ජනවාරි දක්වා - කෘෂිකර්ම අමාත්‍ය[9][3]
  • 2015 මාර්තු සිට 2015 මැයි දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය[10][3][11]
  • 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු දක්වා - වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.[12][3][1]
  • 2020 අගෝස්තු සිට වර්තමානය දක්වා - ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේ කථානායක[5]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ලංකා දුම්කොළ සමාගමේ උත්සවයකට සහභාගී වීම

මහින්ද යාපා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ සමයේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගමෙහි සමාජ ආයෝජන ව්‍යාපෘතියක් වන තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) පහත ආකාරවලින් ප්‍රවර්ධනය කළේය.

2017 වසරේ ජුනි මස පැවති පාර්ලිමේන්තු විවාදයකදී මහින්ද යාපා ලංකා දුම්කොළ සමාගමෙහි “ආයතනික සමාජ වගකීම් (CSR)” ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීම පිළිබඳව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණ විවේචනය කළේය.[16]

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ ගෝලීය සම්මුතිය වන දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 13 වන සහ 5.3 වගන්ති මගින් දුම්කොළ කර්මාන්තයේ අනුග්‍රාහකත්ව, ආයතනික සමාජ ආයෝජන ක්‍රියාකාරකම් සහ දුම්කොළ කර්මාන්තය සමඟ රජයේ නිලධාරීන්ගේ සහ ආයතන වල අන්තර්ක්‍රියා තහනම් කිරීමට නිර්දේශ කර ඇත. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත, ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ප්‍රධාන නෛතික රාමුව වන අතර එමගින් “ නිෂ්පාදකයින්ගේ ප්‍රතිරූපය ”ප්‍රවර්ධනය කිරීම ඇතුළුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ සෘජු හා වක්‍ර දැන්වීම් තහනම් කරයි.

කෙසේ වෙතත් රජය විසින් දුම්කොළ වගාව තහනම් කරන බවත්, දුම්කොළ ගොවීන් ආහාර බෝග වගාව සඳහා දිරිමත් කරන බවත් 2011 වසරේ දී සිය ධූර කාලය ආරම්භයේ දී ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.[17] එහෙත් ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ හෝ 2020 ජූලි වන විට හෝ යෝජිත වගා තහනම කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය.


රූපය 2: අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන SADP පවුල් දිරිමත් කිරීමට කල නිරීක්ෂණ සංචාරය වාර්තා කරන පුවත්පත් ලිපිය [15]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 Manthri.lk. Mahinda Yapa, Abeywardena, Undated, accessed July 2020
  2. 2.0 2.1 2.2 2.3 2.4 Parliament of Sri Lanka. of Members, Undated, accessed July 2020
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 Mahinda Yapa Abeywardena. Yapa Abeywardena, Facebook, Undated, accessed July 2020
  4. The Parliament of Sri Lanka. of Past Members, Undated, accessed July 2020
  5. 5.0 5.1 Parliament of Sri Lanka. Mahinda Yapa Abeywardena elected as the New Speaker, 20th August 2020, accessed August 2020
  6. Sri Lanka Mirror. | No talks between Mahinda, JVP – Mahinda Yapa, undated, accessed July 2020
  7. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I : SECTION (I) — GENERAL Appointments, &c., by the President, 10 April 2004, accessed June 2020
  8. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I: SECTION (I) — GENERAL Appointments& c., by the President, 23 November 2005, accessed June 2020
  9. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 22 November 2010, accessed June 2020
  10. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I: SECTION (I) — GENERAL Appointments &c., by the President, 26 March 2015, accessed June 2020
  11. Daily mirror. Four SLFP ministers resign, 21 May 2015, accessed July 2020
  12. Daily mirror. of Mahaweli, Agriculture, Irrigation & Rural Development, Undated, accessed July 2020
  13. Daily Mirror (Sri Lanka). rewards farming excellence at Farmer Appreciation Awards, 31 October 2014, accessed July 2020
  14. Daily News. Minister visits SADP, 17 May 2013, accessed April 2020
  15. 15.0 15.1 Daily Mirror. Minister Visits CTC empowered Weligama villagers, 17 May 2013, accessed July 2020
  16. The Parliament of Sri Lanka. Parliamentary Debates (Hansard), Official Report, 252(9), 17 June 2017, accessed July 2020
  17. Ada Derana.lk. to ban tobacco cultivation, 18 January 2011, accessed July 2020