මරිජුවානා නීතිගත කිරීමේ ව්‍යාපාරය සහ දුම්කොළ කර්මාන්තය

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

මරිජුවානා/ගංජා යනු ඇබ්බැහි කරවන ද්‍රව්‍යයක් ඇබ්බැහිකාරකයක් වන එය ලෝකයේ බොහෝ රටවල නීති විරෝධී ය. කෙසේ වෙතත්, සමහර රටවල් සහ / හෝ ප්‍රාන්තයන් මරිජුවානා නීතිගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. 2020 අගෝස්තු වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ආණ්ඩු 25 ක් වෛද්‍යමය කටයුතුවලට ගංජා භාවිතය සඳහා අවසර දී ඇති අතර කොලරාඩෝ, වොෂිංටන් ප්‍රාන්තය, ඔරිගන්, ඇලස්කාව සහ වොෂිංටන් ඩීසී ප්‍රාන්ත වල ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතුවලට ගංජා භාවිතය සඳහා අවසර දී ඇත. ලෝකයේ වෙනත් රටවල් සලකා බැලීමේදී කැනඩාව, උරුගුවේ සහ ජෝර්ජියාව ගංජා භාවිතය නීතිගත කර ඇත.[1]

භාවිතයේ බලපෑම්

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සමහර රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා (කලාතුරකින් වුවද) ගංජා භාවිතා කරන බවත්, එය ඇලෝපති වෛද්‍ය විද්‍යාවේ රෝග නිවාරණ ප්‍රතිකාර සඳහා වන පර්යේෂණ සඳහා භාජනය වන බවත් ගංජා වල සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නන් අධි අවධාරණය කළ ද භාවිතා කරන සංඛ්‍යාතය සහ කාලය සමඟ වඩාත් දරුණු වන සෞඛ්‍යයට අහිතකර බලපෑම් රාශියක් විද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්වා දෙයි. 2020 අගෝස්තු වන විට හඳුනාගෙන ඇති ගංජා භාවිතය හා සම්බන්ධ අහිතකර බලපෑම් පහත දැක්වේ:

  • ඇබ්බැහි වීම. වයසින් මුහුකුරා ගිය විට ගංජා භාවිතා කිරීමට පටන් ගන්නා පුද්ගලයින්ට වඩා යොවුන් වියේ දී ගංජා භාවිතා කරන්නන් ගංජා වලට ඇබ්බැහි වීමට වැඩි ඉඩක් ඇත.[2][3][4][5][6][7]
  • භින්නෝන්මාදය[8][3]
  • වෙනත් මනෝභාවයන්[8]
  • සියදිවි නසාගැනීමේ අදහස[8]
  • සමාජ කාංසාව[8]
  • බයිපෝල අක්‍රමිකතාවයේ දරුණු රෝග ලක්ෂණ[8]
  • ඉගෙනීම, මතකය හා අවධානය දුර්වල වීම. භාවිතය නැවැත්වීමෙන් පසුව පවා එම හානිය පැවතිය හැකිය.[9]
  • නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්ගේ මොළය වර්ධනය, විශේෂයෙන් මතකය, ඉගෙනීම, අවධානය, තීරණ ගැනීම, සම්බන්ධීකරණය, හැඟීම් සහ ප්‍රතික්‍රියා කාලය සඳහා වෙන් වී ඇති කොටස් කෙරෙහි ස්ථිර ලෙස බලපෑම් සිදු වීම.[9][3][10]
  • පාසැල් ක්‍රියාකාරිත්වය, අධ්‍යාපන මට්ටම, සමාජ ජීවිතය සහ අනාගත රැකියා සහ ආදායම ඇතුළුව නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑම් සිදු වීම.[2][4][5][6][7]
  • ගංජා දුමාරයේ දුම්කොළ දුමාරයට සමාන විෂ ධූලක, උද්දිපක හා පිළිකා කාරක බොහොමයක් අඩංගු වන අතර ගංජා දුම් පානය කරන්නන් සිගරට් බොන අයට වඩා ගැඹුරින් ආශ්වාස කර වැඩි වේලාවක් හුස්ම රඳවා තබා ගනී. මෙය එක් හුස්මකට තාර වලට නිරාවරණය වීම වැඩි කරන අතර තාර සහ අනෙකුත් විෂ ධූලක නිසා පෙනහළු වලට හානිවීමේ අවදානම වැඩි කරයි.[11]
  • මරිජුවානා දුම් පානය කිරීමෙන් පෙනහළු වලට හානි සිදු වන අතර එමගින් නිදන්ගත කැස්ස, සෙම් නිෂ්පාදනය, ඇදුම සහ උග්‍ර හා නිදන්ගත බ්රොන්කයිටිස් ඇති කරයි.[11]
  • ගර්භණී සමයේදී ගංජා පානය කිරීම ළදරුවන්ගේ උපත් බර අඩු වීමට හේතු වේ.[12]
  • ගංජා වල පවතින රසායනික ද්‍රව්‍ය (විශේෂයෙන් THC) මව්කිරි දීමේ දී ළදරුවෙකුට ඇතුල් විය හැකිය.[12]
  • ආරක්ෂිතව රිය පැදවීම සඳහා අවශ්‍ය කුසලතාවන්ට සෘණාත්මකව බලපාමින් මාර්ග අනතුරු ඇති වීම සහ අවදානම වැඩි කරයි.[13]
  • හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය හා පශ්චාත් අධි රුධිර පීඩනය වැනි උග්‍ර හෘද වාහිනී බලපෑම්[3]
  • හදවතට සපයන රුධිර ප්‍රවාහය අඩු වීම (හෘද ඉස්කීමියා)[3][14][15]
  • ගංජා භාවිතයෙන් පසු පැය කිහිපය තුළ හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වීම (හදවතට සපයන රුධිර ප්‍රවාහය අඩු වීම, උග්‍ර හෘද වාහිනී බලපෑම් සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වීම නිසා)[3][16]
  • විශේෂයෙන් දැනටමත් ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ගේ (උදා. ප්‍රතිශක්තිකරණය අඩු කරන ඖෂධ හෝ එච්.අයි.වී ආසාදනය වැනි රෝග නිසා) ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ රෝගවලට එරෙහිව සටන් කිරීමට පෙනහළු වලට ඇති හැකියාවට ඍණාත්මක ලෙස බලපාමින් අවස්ථාවාදී ආසාදන හා නියුමෝනියාව වැනි පහළ ශ්වසන මාර්ගයේ ආසාදන ඇතිවීමේ අවදානම වැඩි කරයි.[11]
  • මද්‍යසාර, දුම්කොළ සහ වෙනත් නීති විරෝධී ඖෂධ වලට ඇබ්බැහි වීම.[3]
  • විශේෂයෙන් ළමුන් සහ වැඩිහිටියන් අතර අහඹු ලෙස ශරීරගත වීම හේතුවෙන් අහඹු විෂ වීම් ඇති වීම.[17][18]

මරිජුවානා නීතිගත කිරීමේදී දුම්කොළ කර්මාන්තයේ කාර්යය භාරය

දුම්කොළ සමාගම් ගංජා කෙරෙහි උනන්දුවක් දක්වයි

1970 දශකයේ හෝ ඊට පෙර සිට විභවය සහිත සහ ප්‍රතිවාදී නිෂ්පාදනයක් ලෙස ගංජා කෙරෙහි දුම්කොළ කර්මාන්තය උනන්දුවක් දක්වන බව පෙන්වන අභ්‍යන්තර දුම්කොළ ලේඛන විමර්ශනවලින් හෙළි විය. ඔවුන්ට අනුව, ගංජා නීතිගත කිරීමේ සලකුණු පෙනෙන්නට පටන් ගැනීමත් සමඟ විභවය සහිත වාණිජ ඉල්ලුම සපුරාලීමට දුම්කොළ කර්මාන්තය සූදානම් වීම ආරම්භ කළේය.[19]

ඩේලි කෝලර් නිවුස් පදනම විසින් කරන ලද විමර්ශනයකට අනුව, සිගරට් පානය අඩුවීමේ වටපිටාව තුළ, බහුජාතික දුම්කොළ සමාගම් විසින් සැලකිය යුතු උනන්දුවක් දක්වන නිෂ්පාදනයක් ලෙස ගංජා හඳුනා ගෙන ඇති හේතු තුනකි.[20]

  • නව වෙළඳපල” - දුම්කොළ කර්මාන්තයට ‘මාල්බොරෝ මෑන්’ වැනි සිගරට් සඳහා භාවිතා කළ වෙළඳ නාම උපාය මාර්ගයෙන් ගංජා භාවිතා කරන්නන්ගේ ස්ථාපිත වෙළඳපොල සඳහා ද භාවිතා කළ හැකිය. මනාව නිර්වචනය කරන ලද වෙළඳ නාම තිරසාර වෙළඳපලක් සහතික කරමින් වෙළඳ නාමවලට පක්ෂපාත පරිශීලකයින් පිරිසක් ආකර්ෂණය කර පවත්වා ගෙන යනු ඇත.
  • දුම්පානයෙන් මුදවා ගන්න ” - ගංජා භාවිතා කිරීමේ වඩාත් ජනප්‍රිය ක්‍රමය දුම්පානය නිසා දුම්කොළ පානය යම් ප්‍රමාණයකට අපකීර්තියට පත් වේ.
  • අධික ලාභ” - ඉලෙක්ට්‍රොනික් සිගරට් නිෂ්පාදන සමාගම් මිලදී ගැනීම ආරම්භ කර ඇති දුම්කොළ සමාගම්වලට ගංජා දුම් පානය කිරීම සඳහා මෙම උපකරණ පහසුවෙන් භාවිතා කළ හැකි බැවින් වැඩි ලාභයක් උපයා ගත හැකිය.

මරිජුවානා සඳහා බලපෑම් කිරීමට අරමුදල් සපයන දුම්කොළ සමාගම්

නව ගංජා කර්මාන්තයට සහ ඒ සඳහා බලපෑම් කිරීමට උත්සාහ කරන්නන්ට දුම්කොළ කර්මාන්තයෙන් අරමුදල් ලැබී ඇති බවට සාක්ෂි අනාවරණය වී තිබේ.[21] ඇමරිකා එක්සත් ජනපදයේ ගංජා නීතිගත කිරීමේ ව්‍යාපාරයේ යෙදෙන ප්‍රධාන කණ්ඩායම වන මරිජුවානා ප්‍රතිපත්ති ව්‍යාපෘතිය-Marijuana Policy Project (MPP) එයට දුම්කොළ සමාගම්වලින් අරමුදල් සහ සහාය ලැබුණු බව පිළි ගත්තේය. දුම්කොළ සමාගම් මේ සඳහා උනන්දුවක් දැක්වූයේ ව්‍යාපාරයේ යෝජිත බහු අධිකාරිත්වය නිසා බව එහි විධායක අධ්‍යක්ෂ රොබ් කම්පියා පිළි ගත්තේ ය. “සිගරට් සාප්පු දාමයක්” වන වයිල්ඩ් බිල්ගේ දුම්කොළ සමාගමෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක් ලබා ගත් බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි ගත්තේ ය.[22][21]

ඉම්පීරියල් බ්‍රෑන්ඩ්ස් ගංජා සඳහා ආයෝජනය කිරීම

2018 ජූලි මාසයේදී ඉම්පීරියල් බ්‍රෑන්ඩ්ස් සමාගම (ඉම්පීරියල් දුම්කොළ ලෙස පෙර හැඳින් වූ) ගංජා කර්මාන්තයේ පළමු විධිමත් ආයෝජනය සිදු කළේය. ඉම්පීරියල් බ්‍රෑන්ඩ්ස් හි අනුබද්ධ ඉම්පීරියල් බ්‍රෑන්ඩ්ස් වෙන්චර්ස් ලිමිටඩ් (ෆොන්ටෙම් වෙන්චර්ස්) රැප් සංගීතඥ ස්නූප් ඩොග්ගේ සහාය සහිත බීජ ආයෝජන සමාගමක් වන කැසා වර්ඩ් සමඟ බ්‍රිතාන්‍ය ඖෂධීය මරිජුවානා පර්යේෂණ සමාගමක් වන ඔක්ස්ෆර්ඩ් කැනබිනොයිඩ් ටෙක්නොලොජීස් (OCT) සඳහා ආයෝජනය කළේ ය.[23] ඉම්පීරියල් සිය අධ්‍යක්ෂ මණ්ඩලයට ඖෂධීය මරිජුවානා පිළිබඳ විශේෂඥයෙකු නම් කිරීමෙන් වසරකට පසුව සහ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් ගංජා පදනම් කරගත් ඖෂධයක් දුර්ලභ ළමා අපස්මාරයේ ආකාර දෙකකට ප්‍රතිකාර කිරීම සඳහා අනුමත කිරීමෙන් දින තුනකට පසුව මෙම ආයෝජනය සිදු කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.[23][24][25]

ශ්‍රී ලංකාවේ අත්දැකීම්

සමාජ මාධ්‍යවල ප්‍රවර්ධනය

ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය ගංජා නීතිගත කිරීම සහ වාණිජකරණය කිරීම සඳහා යොදාගෙන ඇති බව ප්‍රකටය. ෆේස්බුක් පරිපාලනය මගින් ගංජා ප්‍රවර්ධනය සක්‍රීයව වළක්වන බව 'ද ගාඩියන්' පුවත්පත වාර්තා කළේය.[26] කෙසේ වෙතත්, 2017 අගෝස්තු 07 වන දින දේශීය භාෂාවෙන් 'කංසා' යන යෙදුම භාවිතා කරමින් ෆේස්බුක් හි කළ සෙවුමකින් පිටු පහක නම් ලැබුණි. එවැනි පිටුවක උදාහරණයක් 1 රූපයේ දැක්වේ.

රූපය 1: ගංජා භාවිතය ප්‍රවර්ධනය කරන "සුස්තිකාරයා" යන ෆේස්බුක් පිටුවෙහි හසු කර ගත් රූපයක්[27]

ගංජා වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සැලසුම්

රූපය 2: වෛද්‍ය කටයුතු සඳහා ගංජා වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සැලසුම් ගැන "අද" පුවත්පත වාර්තා කිරීම [28]

2015 ජනවාරි මාසයේදී රජය පිහිටුවීමෙන් පසු අවස්ථා තුනක දී වෛද්‍ය කටයුතු සඳහා ගංජා වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කරමින් පවතින බවට මාධ්‍ය වාර්තා කළේය.

  • 2016 ජනවාරි (රූපය 2) - වෛද්‍ය කටයුතු සඳහා ගංජා වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළ බව සිංහල භාෂාවෙන් පළ වන ජාතික පුවත්පත් දෙකක් වන මව්බිම සහ අද පුවත්පත් වාර්තා කළේය. ආයුර්වේද ඖෂධ සඳහා වන පෞද්ගලික ඖෂධ සමාගමක (වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම) ආයුර්වේද නිකේතනයක් (වෙන්ඩෝල් රිසෝර්ට් වාද්දූව) විවෘත කිරීමේ උත්සවයකදී අමාත්‍යවරයා කළ කතාවක් මෙම වාර්තා උපුටා දැක්විය. පුවත්පත් දෙකෙහිම එය පළමු පිටුවේ වාර්තා විය.[29][28]
  • 2016 මැයි - සිංහල භාෂාවෙන් පළ වන ජාතික පුවත්පත් දෙකක් (අද සහ ලංකාදීප) 2016 මැයි මාසයේදී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් වෛද්‍ය කටයුතු සඳහා ගංජා වගා කිරීමේ සැලසුම් වාර්තා කළේය.[30][31]
  • 2017 අගෝස්තු - අක්කර 100 ක භූමියක ගංජා වගා කිරීමේ ව්‍යාපෘතියක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බව මව්බිම නැවතත් අගෝස්තු 17 වන දින වාර්තා කළේය. ලිපියට අනුව, දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් අයුරින් ගංජා සැපයීම සහ ඉතිරි කොටස යුරෝපීය රටවලට අපනයනය කිරීම මෙහි අරමුණයි. අධි ආරක්‍ෂිත කොන්දේසි යටතේ ගංජා වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව යොදා ගැනීමට මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබුණි.[32]

අල්ලස් ලබා ගත් පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව පවත්වා ගෙන යන නීතිවිරෝධී ඉන්දියානු ගංජා වෙළඳාම නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනරත්න මහතා අගෝස්තු 14 වන දින පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමකදී පොලිසියට උපදෙස් දුන් බව එදිනම එම පුවත්පතේම වාර්තා විය.[33]

  • 2017 සැප්තැම්බර් - අමාත්‍යවරුන්ගේ ඡන්ද කොට්ඨාශය වන ඉංගිරිය ප්‍රදේශයෙහි අක්කර 100 ක ගංජා වගාවක් දියත් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සපයනු ලබන අධි ආරක්ෂාව යටතේ වගා කරන ලද ඇස්තමේන්තු ගත නිෂ්පාදනය වසරකට ටොන් 25 කි. අමාත්‍යවරයාට අනුව, දේශීය ආයුර්වේද කටයුතු සඳහා යොදා ගැනීමෙන් පසුව ඉතිරිය ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලැබේ.[34][35]
රූපය 3: SLADC විසින් ගංජා සඳහා මුදල් වියදම් කිරීම පිළිබඳව මහජනතාවට වැරදි තොරතුරු සැපයීම වෙනුවෙන් SLADC හි හිටපු සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා විවේචනය කිරීම.[36]

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සැලසුම් වලට එරෙහිව විවේචන (රූපය 3)

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ (SLADC) හිටපු සභාපතිවරයකු වන සෝමවීර චන්ද්‍රසිරි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය තවත් ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතෙහි අමාත්‍යවරයාගේ ආරම්භක ප්‍රකාශයෙන් දින දෙකකට පසුව 2016 ජනවාරි මාසයේ දී විවේචනය කළේය. ඔහුට අනුව, SLADC කිසි විටෙකත් ඉන්දියාවෙන් ගංජා ආනයනය කර නොමැති අතර වැටලීම්වලදී අත්අඩංගුවට ගත් ගංජා SLADC වෙත පරිත්‍යාග කරන නිසා ගංජා මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත.[36]

රූපය 4: ගංජා පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීමේ දී එහි කතුවරයා වන වැලිඅංගේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංගීතඥයෙකුට (නදීකා ගුරුගේ) ග්‍රන්ථය ඉදිරිපත් කිරීම.[37]

ගංජා පිළිබඳ පොතක් එළි දැක්වීම (රූපය 4)

වසන්ත වැලිඅංගේ විසින් සිංහල භාෂාවෙන් රචිත ‘ත්‍රිලෝක විජයා පත්‍රය’ නම් ගංජා පිළිබඳ පොතක් 2017 අගෝස්තු මාසයේදී කොළඹදී එළිදැක්විණි. නයිජීරියානු විශ්ව විද්‍යාලයක පෙර වසර පහක් සේවය කළ ශ්‍රී ලාංකික කතුවරයා “ගංජා සඳහා සුදුසු ස්ථානයක් ලබා දීමට” අවශ්‍ය බව කියා සිටි අතර “ගංජා නිෂ්පාදනය ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තීරණය කළ යුතුය” යනුවෙන් යෝජනා කළේය. පොත් එළිදැක්වීම සඳහා මහජන හා සමාජ මාධ්‍යවල පුළුල් ආවරණයක් ලැබුණි.[38][39][40][41]

ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ පුද්ගලික බ්ලොග් කරුවෙකු වන චින්තන ධර්මදාස පොත එළි දැක්වීමේ දී ගංජා පිළිබඳව ධනාත්මකව කථා කළ අතර ගංජා භාවිතය නීති විරෝධී බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය නිසා බවට ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ ගංජා භාවිතය නීතිගත කළ යුතු බවත්, අව තක්සේරු නොකළ යුතු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.[42]

මූලාශ්‍ර

  1. T Subritzky, S Lenton, S. Pettigrew. Legal cannabis industry adopting strategies of the tobacco industry. ‘’’Drug and Alcohol Review’’’, 2016; 35: 511–513. doi: 10.1111/dar.12459
  2. 2.0 2.1 Centres for Disease Control and Prevention. Adolescents and Young Adults, Marijuana and Public Health, 26 February 2018, accessed August 2020
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 National Academies of Sciences, Engineering and Medicine. The health effects of cannabis and cannabinoids: Current state of evidence and recommendations for research, 2017, accessed August 2020
  4. 4.0 4.1 S Behrendt, K Beesdo-Baum, M Hofler, et al. The relevance of age at first alcohol and nicotine use for initiation of cannabis use and progression to cannabis use disorders. Drug Alcohol Depend. 2012;123(1-3):48-56.
  5. 5.0 5.1 CY Chen, MS O’Brien, JC Anthony. Who becomes cannabis dependent soon after onset of use? Epidemiological evidence from the United States: 2000-2001. Drug Alcohol Depend. 2005;79(1):11-22
  6. 6.0 6.1 A Perkonigg, RD Goodwin, A Fiedler, et al. The natural course of cannabis use, abuse and dependence during the first decades of life. Addiction. 2008;103(3):439-449; discussion 450-431
  7. 7.0 7.1 E Silins, LJ Horwood, GC Patton, et al. Young adult sequelae of adolescent cannabis use: an integrative analysis. Lancet Psychiatry. 2014;1(4):286-293
  8. 8.0 8.1 8.2 8.3 8.4 Centres for Disease Control and Prevention. Mental Health, Marijuana and Public Health, 26 February 2018, accessed August 2020
  9. 9.0 9.1 Centres for Disease Control and Prevention. Brain Health and Future Outcomes, Marijuana and Public Health, 13 December 2017, accessed August 2020
  10. KM Lisdahl, ER Gilbart, NE Wright, S Shollenbarger. Dare to delay? The impacts of adolescent alcohol and marijuana use onset on cognition, brain structure, and function. Front Psychiatry. 2013;4:53
  11. 11.0 11.1 11.2 American Lung Association. Marijuana and Lung Health, 27 May 2020, accessed August 2020
  12. 12.0 12.1 Centres for Disease Control and Prevention. Pregnancy, Marijuana and Public Health, 13 December 2017, accessed August 2020
  13. Centres for Disease Control and Prevention. Driving, Marijuana and Public Health, 26 February 2018, accessed August 2020
  14. P Beaconsfield, J Ginsburg, R Rainsbury. Marihuana smoking. Cardiovascular effects in man and possible mechanisms. New England Journal of Medicine, 1972, 287(5):209–212
  15. N L Benowitz, and R T Jones. Cardiovascular and metabolic considerations in prolonged cannabinoid administration in man. Journal of Clinical Pharmacology, 1981, 21(8–9 Suppl):214S–223S
  16. Centres for Disease Control and Prevention. Heart Attack, Stroke and Diabetes Risk, Marijuana and Public Health, 26 February 2018, accessed August 2020
  17. A Zupan Mežnar, M Brvar, G Kralj, D Kovačič. Accidental cannabis poisoning in the elderly. Wien Klin Wochenschr. 2016;128 (Suppl 7):548-552. doi:10.1007/s00508-016-1136-0, accessed August 2020
  18. IWK Regional Poison Centre. Child Safety Link Backgrounder: Cannabis Legalization, Cannabis Edibles & Unintentional Poisonings in Young Children, 10 October 2018, accessed August 2020
  19. RA Barry, H Hiilamo, SA Glantz. Waiting for the Opportune Moment: The Tobacco Industry and Marijuana Legalization. Milbank Quarterly, 2014; 92: 207–242. doi:10.1111/1468-0009.12055
  20. R Pollock. Three Biggest Reasons Tobacco Giants Eye Lucrative $50 Billion Marijuana Market, The Daily Caller News Foundation, 01 April 2016, accessed August 2017
  21. 21.0 21.1 KA Sabet. Marijuana Lobby Admits Tobacco Industry Executives Pay-to-Play, 07 June 2017, accessed August 2017
  22. Marijuana Business Daily. MPP chief ready to barter for marijuana campaign donations, 28 April 2017, accessed August 2017
  23. 23.0 23.1 S Williams. Big Tobacco Makes Its First Investment in the Marijuana Industry Motley Fool, 22 July 2018, accessed November 2018
  24. M Geller. Imperial Brands invests in cannabis-based medical research, Reuters, 28 June 2018, accessed November 2018
  25. BBC News. [https://web.archive.org/web/20181118025024/https://www.bbc.com/news/business-44645569
  26. The Guardian. Facebook cracks down on marijuana firms with dozens of accounts shut down, 17 February 2016, accessed August 2017
  27. Facebook. Susthikaraya, 25 August 2017, accessed August 2017
  28. 28.0 28.1 SS Kathriarachchi. රාජිත කංසා වවයි, Ada, 04 January 2016
  29. Mawbima. දෙශීය වෙදකමට කංසා වවන්න රාජිත සැරසෙයි. 04 January 2016
  30. Lankadeepa. කංසා වගාව නංවා අපනයනය කිරීමට පියවර ගන්නවා: ඇමති රාජිත කියයි. 12 May 2016, accessed August 2017
  31. N Ranasinghe. කංසා වවා අපනයනයට පියවර. Ada, 12 May 2016, accessed August 2017
  32. D Perera. අක්කර සීයක ගංජා වවයි, Mawbima, 17 August 2017
  33. W Kumara. කේරළ ගංජා ජාවාරම නතර කරන්න ඇමති රාජිතගෙන් උපදෙස්, Mawbima, 17 August 2017
  34. H Pavey. Sri Lanka launches first cannabis plantation to export to the US, Evening Standard, 14 September 2017, accessed September 2017
  35. The Indian Express. Sri Lanka to export cannabis from first plantation, 13th September 2017, accessed September 2017
  36. 36.0 36.1 D Lankapura. ආයුර්වේද සංස්ථාවට කිසිදා ඉන්දියාවෙන් ගංජා ගෙනත් නෑ. Divayina, 06 January 2016
  37. Sri Lanka Association of Anthropology Facebook page. KANSA – Book launch eke photos – share karamu, 02 August 2017, accessed August 2017
  38. Dinamina. ත්රෛලෝක්යවිජයා කතා කරන්නේ කන්සාවල ඇත්ත, 02 August 2017, accessed August 2017
  39. Divayina. ගංජාවලට අපිව බය කළේ ඇමරිකාව මට ඕනෑ ඒ බය නැති කරන්න, 06 August 2017, accessed August 2017
  40. W Weliange, Curriculum Vitae, University of Kelaniya, undated, accessed August 2017
  41. W Weliange. Wasantha’s Activity, LinkedIn Profile, 2017, accessed August 2017
  42. C Dharmadasa. Dharmadasa Videos, Facebook, 02 August 2017, accessed August 2017