බෑවුම් කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය සහ ලංකා දුම්කොළ සමාගම

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

බෑවුම් කෘෂිකාර්මික ඉඩම් තාක්‍ෂණය (SALT) යනු පිලිපීනයේ බෑවුම් සහිත ඉඩම්වල වගා කිරීමේදී සාරවත් බව පවත්වා ගැනීමට සහ පාංශු ඛාදනය අවම කිරීමට හඳුන්වා දුන් තාක්‍ෂණයකි. එය, රනිල ශාක ගස් පේළි අතර මීටර් හතරක් හෝ පහක් පළල තීරුවල බෝග වගා කරන ඇලී ගොවිතැනෙහි ආකාරයකි. රනිල කුලයට අයත් ශාක මගින් පසෙහි නයිට්‍රජන් අන්තර්ගතය ආරක්ෂා කරන අතර ඒවා ජෛව ස්කන්ධ ඉන්ධන උත්පාදනය සඳහා ද භාවිතා කළ හැකිය. ලියුකෙනා ලියුකොසෙෆලා (Leucaena leucocephala), එල්. ඩිවර්සිෆෝලියා (L. diversifolia), කැලියාන්ද්‍ර කැලෝතිර්සස් (Calliandra calothyrsus), ග්ලිරිසීඩියා සෙපියම් (Gliricidia sepium), ෆ්ලෙමින්ගියා මැක්‍රොෆයිලා (Flemingia macrophylla) සහ ඩෙස්මෝඩියම් රෙන්සෝනි (Desmodium rensonii) බහුලව භාවිතා වන විශේෂ වෙයි. වැඩි ප්‍රතිඵලයක් සඳහා රනිල කුලයට අයත් ශාක විශේෂ මිශ්‍රණයක් භාවිතා කිරීමට උපදෙස් දෙනු ලැබේ. SALT යනු අඩු සම්පත් සහිත අවස්ථා වලදී පහසුවෙන් භාවිතා කළ හැකි ඵලදායී කෘෂිකාර්මික තාක්‍ෂණයකි.[1]

ලංකා දුම්කොළ සමාගමේ සම්බන්ධය

රූපය 1: රේ විජේවර්ධන විසින් සාදන ලද SALT පිළිබඳ උපුටා දැක්වීමක් පල කරන රේ විජේවර්ධන භාරය පිළිබඳ වෙබ් අඩවිය

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සිය වෙබ් අඩවියේ වාර්තා කරන්නේ ඔවුන් අනුබද්ධිත ලංකා දුම්කොළ සමාගම (CTC) “රජයේ ඉල්ලීම පරිදි 1989 දී ගොවීන් වෙත SALT හඳුන්වා දුන්” බවයි.[2]

කෙසේ වෙතත්, තාක්ෂණය හඳුන්වා දුන් රේ විජේවර්ධනට අනුව SALT යනු “අලුත් දෙයක් නොවේ” (රූපය 1).[3] මාධ්‍යවේදියෙකු වන නාලක ගුණවර්ධන ලංකා දුම්කොළ සමාගමෙහි මැදිහත්වීම ඔහුගේ වෙන් වර්ල්ඩ්ස් කොලයිඩ්-When Worlds Collide තීරුවේ වෙනස් ආකාරයකින් වාර්තා කළේය. ගුණවර්ධනට අනුව, මෙය නව තාක්‍ෂණයක් නොවන අතර 1930 ගණන්වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් වගා මාර්ගෝපදේශයන්ට සමාන ය. වගාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා “හරිත විප්ලවය” (1950 ගණන්වල එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වගා නොකළ ඉඩම් වගා කිරීම ආරම්භය) අතරතුර එය අත්හිටුවන ලදි. “ගොවියෙකු බවට පත් වූ ඉංජිනේරුවෙකු ” සහ ග්ලිරිසීඩියා බලයෙන් ක්‍රියාත්මක වන ජෛව වායු ව්‍යාපෘති පිළිබඳ උද්‍යෝගිමත් උපදේශකයෙකු වන රේ විජේවර්ධන, SALT හා සම්බන්ධ වීමට ලංකා දුම්කොළ සමාගමට ආරාධනා කළ බවට ගුණවර්ධන වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික තාක්‍ෂණයක් ලෙස SALT නැවත ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වීමට විජේවර්ධන අපොහොසත් වීම එයට හේතුවයි. ගුණවර්ධනට අනුව, “ලංකා දුම්කොළ සමාගමෙහි නොගෙවූ උපදේශකයෙකු ලෙස, ඔහු (විජේවර්ධන) පිටත දුම්කොළ වගාකරුවන්ට ඔවුන්ගේ මූලික පාංශු සංරක්ෂණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සඳහා SALT භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මඟ පෙන්වීය. SALT ක්‍රියාත්මක කිරීම සඳහා විජේවර්ධන තේ සමාගම් සමඟ ද කටයුතු කළ බව වාර්තා වේ.[4]

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 1989 දී ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක් වන දඩයම්පොල ප්‍රදේශයේදී මෙහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බව වාර්තා වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ජනසවිය වැඩසටහනෙන් (එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1989 දී හඳුන්වා දුන් ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන) රජයේ ඉඩම් අක්කර 125 ක් බදු දුන් අතර දුම්කොළ වගා කිරීම සඳහා ගොවීන් 90 දෙනෙකු අතර බෙදා දෙන ලදී. ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් SALT තාක්‍ෂණය යොදා ගැනීම සඳහා තාක්ෂණික සහාය සහ ග්ලිරිසීඩියා ලබා දුන් බවට වාර්තා කර ඇති අතර මේ වන විටත් දුම්කොළ වගා කරමින් සිටින සියලුම දුම්කොළ ගොවීන්ට මෙම තාක්ෂණය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කර ඇත.[4]රේ විජේවර්ධන සමඟ එක්ව ආරම්භ කරන ලද තවත් ව්‍යාපෘතියක් වන ඩෙන්ඩ්‍රෝ විදුලි බලාගාරයේ ජෛව ස්කන්ධයක් ලෙස වගා කරන ලද ග්ලිරිසීඩියා භාවිතා කිරීමට ලංකා දුම්කොළ සමාගම (CTC) සැලසුම් කළේය.[3]කෙසේ වෙතත්, ප්‍රමාණවත් ග්ලිරිසීඩියා නොමැතිවීම හේතුවෙන් ව්‍යාපෘතිය අසාර්ථක විය. වැඩි විස්තර සඳහා කරුණාකර ලංකා දුම්කොළ සමාගමේ ඩෙන්ඩ්‍රෝ බලශක්ති ව්‍යාපෘතිය බලන්න.

බලපෑම

ගුණවර්ධනට අනුව, වසර තුනක් තුළ “සැලකිය යුතු ලෙස පස වර්ධනය වීමක් සිදුවිය”.[4] SALT සඳහා එක්සත් රාජධානියේ දී ‘තිරසාර සංවර්ධනය සඳහා ලෝකය දැනුවත් කිරීමේ සම්මානය’ ලංකා දුම්කොළ සමාගම (CTC) වෙත හිමි විය.[3] [4] ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වල පස සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස SALT හඳුන්වා දීමට ලංකා දුම්කොළ සමාගම (CTC) සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් විජේවර්ධන ප්‍රසිද්ධියේ විවේචනයට ලක් විය.[4]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. WA Laquihon, MV Pagbilao. Sloping Agricultural Land Technology (SALT) in the Philippines, Forage Tree Legumes in Tropical Agriculture, Tropical Grassland Society of Australia Inc., 1998, accessed August 2017
  2. British American Tobacco website. Soil conservation and improvement: Ensuring the best growing conditions, undated, accessed August 2017
  3. 3.0 3.1 3.2 Ray Wijewardene Trust. Caring for the Land: SALT, 2011, accessed August 2017
  4. 4.0 4.1 4.2 4.3 4.4 N Gunawardena. When Worlds Collide #79: SALT can Save Lanka’s Upcountry Land and Soil. When Worlds Collide, 18th August 2013, accessed August 2017