බැසිල් රාජපක්ෂ

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන බැසිල් රාජපක්ෂ වර්ෂ 1951 දී උපත ලැබුවේය. ඔහු කොළඹ ඉසිපතන සහ ආනන්ද විද්‍යාල වලින් තම ද්විතීයික අධ්‍යාපනය ලබා ගත්තේය. ඔහුට ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවයන් ඇත. ඔහු 2007 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ව සිටියේය.[1].

රූපය 1: බැසිල් රාජපක්ෂ.[2]

බැසිල් රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන පසුබිමක් සහිත පවුලකිනි. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. [3] 2019 වසර වන විට ඔහුගේ සහෝදරයන් තිදෙනා වන චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙයි. ඔවුන් අතරින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ලෙස තේරී පත් වූ අතර චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස සේවය කර ඇත. [4][5]

දේශපාලනික /රජයේ දරන ලද තනතුරු

  • ආර්ථික සංවර්ධන අමාත්‍ය (2010 සිට 2015 දක්වා)[6]
  • ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී (2007 සිට 2010 දක්වා)[1]
  • ජනපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක (2005 සිට 2010 දක්වා)[7]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

උත්සව වලට සහභාගී වීම

රූපය 2: බැසිල් රාජපක්ෂ ITC හි කොළඹ ශාඛාව සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගී වීම (ආර්ථික සංවර්ධන අමාත්‍ය), Y.K. සිංහා (ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්), Y.C. දේවේශ්වර් (ITC ලිමිටඩ් හි සභාපති), ලක්ෂ්මන් යාපා අබේවර්ධන (ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය), A.J.M. මුසම්මිල් (කොළඹ නගරාධිපති), අජිත් නිවාඩ් කබ්රාල් (ශ්‍රී ලංකා මහ බැංකු අධිපති) සහ දයා රත්නායක (යුධ හමුදාපති)[8]

ඉන්දියානු දුම්කොළ සමාගමෙහි ආගන්තුක සත්කාර දාමයේ කොළඹ ශාඛාව වන ITC වන් (ITC One) සඳහා මුල් ගල් තැබීමේ උත්සවයට ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ සහභාගී විය.[9]

දුම්කොළ පාලන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම

2015 පෙබරවාරි 20 වන දින, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතෙහි රූපමය සෞඛ්‍ය අවවාද (PHW) සඳහා වූ සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මෙම සංශෝධනය සඳහා විරුද්ධ වූ බවත් සහ එම යෝජනාව කැබිනට් පත්‍රිකාවක් ලෙස සභාගත කිරීමට ඉඩ ලබා නොදුන් බවත් එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න හෙළි කළේය.[10]

ඉහත සඳහන් NATA පනතෙහි සංශෝධනය අවශ්‍ය වූයේ සිගරට් අසුරන මතුපිට 80% ක් ආවරණය වන පරිදි රූපමය සෞඛ්‍ය අවවාද (PHWs) ප්‍රදර්ශනය කිරීම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් විට, එම රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය 50% - 60% දක්වා අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය නිසාවෙනි. ලංකා දුම්කොළ සමාගම (CTC) යනු බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන අතර ශ්‍රී ලංකාව තුළ දුම්කොළ නිෂ්පාදනය සහ අලෙවියේ ඒකාධිකාරිය දරයි. වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ සිගරට් අසුරණ මත රූපමය අවවාද: ලංකා දුම්කොළ සමාගම නඩු මගට පිටුව වෙත පිවිසෙන්න.

කෘෂි ළිං ඉදිකිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා ගැනීම

2014 වසරේ දී, ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ, SADP කෘෂි ළිං වැඩසටහන යටතේ කෘෂි ළිං 100 ක් ඉදිකිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ලංකා දුම්කොළ සමාගම (CTC) සමඟ හවුල්ව කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන වැලි ඔය ප්‍රදේශයේ දී වැලි ඔය දිස්ත්‍රික් ලේකම්ගේ සහාය ද සහිත ව සිදු කරන ලදී.[11][12][13]

2014 වසරේ දී දියත් කරන ලද SADP කෘෂි ළිං වැඩසටහන, ලංකා දුම්කොළ සමාගමෙහි ප්‍රධාන ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය වන තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි (SADP) නවතම ප්‍රභේදයයි. ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ විකුණුම්වල ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත සමාගමකි. ලංකා දුම්කොළ සමාගමේ 2015 වාර්ෂික වාර්තාවේ (පිටුව 93) ඔවුන්ගේ ප්‍රධාන ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතියක් ලෙස “කෘෂි ළිං 100 ක් තැනීම” (රූපය 3) දක්වා ඇති අතර 2016 වාර්ෂික වාර්තාවේ (පිටුව 111) එම වැඩසටහන SADP කෘෂි ළිං යටතේ දක්වා ඇත.[14][15]

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ ගෝලීය සම්මුතිය වන දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) , 13 වන සහ 5.3 වන වගන්ති මගින් අනුග්‍රාහකත්ව, ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් සහ රජයේ නිලධාරීන්ගේ සහ ආයතන දුම්කොළ කර්මාන්තය සමග අන්තර්ක්‍රියා පැවැත්වීම තහනම් කිරීමට නිර්දේශ කරයි.

රූපය 3: ලංකා දුම්කොළ සමාගමේ 2014 වාර්ෂික වාර්තාව “කෘෂි ළිං 100 ක් ඉදිකිරීම” වාර්තා කිරීම[13]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 manthri.lk. Basil Rajapaksa 2013-2015, accessed January 2019
  2. M Aravinda. Basil Rajapaksa Turning the wheel of change, Business Today, October 2009, accessed December 2019
  3. The Famous People. Mahinda Rajapaksa Biography, undated, accessed March 2019
  4. Facebook. Basil Rajapaksa, undated, accessed November 2019
  5. Gotabaya Rajapaksa. Biography, undated, accessed November 2019
  6. Business Today Minister of Economic Development Basil Rajapaksa visits Central Bank of Sri Lanka undated, accessed January 2019
  7. U Amarasinghe, T Kahandawaarachchi. Basil Rajapaksa Turning the wheel of change, Business Today, October 2009, accessed December 2019
  8. Department of Government Information. Ground Breaking Ceremony of ITC Colombo One, News.lk, 21 November 2014, accessed May 2018
  9. ITC. Ground Breaking Ceremony of ITC Colombo One , 19 November 2014, accessed January 2019
  10. Parliament of Sri Lanka Hanzard: Parilament of Sri Lanka 20 February 2015, accessed January 2019
  11. Daily FT. CTC and Ministry of Economic Development to construct 100 agro-wells, 08 October 2014, accessed July 2020
  12. Sunday Observer. CTC to build 100 agro-wells, 05 October 2014, accessed July 2020
  13. 13.0 13.1 Ceylon Tobacco Company PLC. Annual Report 2014, 2015, accessed July 2020
  14. Ceylon Tobacco Company PLC. Annual Report 2015, 2016, accessed July 2020
  15. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed July 2020