බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම ශ්‍රී ලංකාවේ සිගරට් බද්දට බලපෑම් කරයි

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ සිගරට් මිලෙහි ඉහළම එක් වර වැඩිවීම 2016 සිව්වන කාර්තුවේදී වාර්තා විය. ඔක්තෝම්බර් මාසයේදී සුරාබදු බද්ද ඉහළ නැංවීම සහ නොවැම්බර් මාසයේදී 15% අගය එකතු කළ බද්ද (වැට්) හඳුන්වා දීම ඊට හේතුවයි.[1] (2016 වසරේ දුම්කොළ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කර්මාන්තයේ ප්‍රතිචාර පිටුව ද බලන්න) ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයකි. 2017 වන විට, ලංකා දුම්කොළ සමාගමෙහි කොටස් වලින් 84% ක් බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතු වූ අතර, ඉතිරි කොටස් පෞද්ගලික හා ආයතනික ආයෝජකයින් සතු විය.[2]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ චෝදනාව

සිගරට් බදු වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) මැදිහත් වූ බවට 2017 නොවැම්බර් 01 වන දින පැවති රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න චෝදනා කළේය. ඇමතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ:[3]

"ඔබ දන්නා පරිදි, අපි සිගරට් සඳහා 90% ක බද්දක් පැනවුවා. එය 80% රූපමය සෞඛ්‍ය අවවාදත් තිබියදීයි අවවාද වලට වඩා ඉහළයි. අපි ලෝකයේ ඉහළම බදු ප්‍රතිශතය පැනෙව්වා. මෙම ක්‍රියාවලිය අතරතුරදී මට දැඩි පීඩනයක් එල්ල වුණා. බ්‍රිතාන්‍ය දුම්කොළ සමාගමේ සභාපති වෙනම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ආවා. ඔහු පුද්ගලයින් හමු වුණා, අගමැතිතුමා පවා මුණගැසී මට විශාල පීඩනයක් එල්ල කළා. බද්ද 90% ක් නම් ලාභය 1% ක් පමණක් වන නිසා දුම්කොළ සමාගම වසා දැමීමට සිදුවන බව ඔහු කිව්වා. ඒ කියන්නේ ඔබ අවුරුදු 134 ක ආයෝජනයක් වසා දමනවා. ඒ සියලු රැස්වීම්වලට නියෝජිතයින් කණ්ඩායමක් පැමිණියා. මම ඔවුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. ලාභය 1% යැයි ඔබ කියන්නේ කෙසේද? එම ලාභයෙන් ඔබ ඔබේ සමාගම පවත්වාගෙන යන්නේ කෙසේද? ” ඉන්පසු ඔවුන් දුම්කොළ සමාගමේ මයිකල් නම් පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී “ඇමතිතුමා මේ වගේ විමසීමක් කරනවා, මොකද වෙන්නේ” කියා ඇසුවා. එවිට ඔහු පැවසුවේ “ඔව් එය ඇත්තයි… දත්ත සත්‍යයි. නමුත්, මම ඔබ වෙත නැවත එන්නම්” ඔහු මේ දක්වා (2017 නොවැම්බර් 01) නැවත පැමිණියේ නැත. එහෙත්, 1% ක ලාභයකින් පවත්වා ගත නොහැකි යැයි පැවසූ සමාගම තවමත් ක්‍රියාත්මක වේ.”
රූපය 1: අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක දී කැබිනට් තීරණ නිවේදනය කරමින්[4]

කර්මාන්තයේ ප්‍රතිචාර

2017 නොවැම්බර් 10 වන දින වන විට, බලපෑම් කිරීමට දැරූ උත්සාහ කිරීම පිළිබඳ ඇමතිවරයාගේ චෝදනාවලට බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) හෝ ලංකා දුම්කොළ සමාගම (CTC) ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූයේ නැත.

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. Daily Mirror. Cigarette price to increase up to Rs. 55, 23 October 2016, accessed March 2017
  2. British American Tobacco. Annual Report 2016, 2017, accessed November 2017)
  3. Sri Lanka Mirror. Joke from Rajitha for SLM Anniversary (Video), 01st November 2017, accessed November 2017
  4. IS Kodikara. AFP/GettyImages, 17 September 2015, accessed November 2017