දුමින්ද දිසානායක

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1979 වසරේ උපත ලැබූ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. 2000 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලම සාමාජිකයා ද වේ..[1] ඔහු අධ්‍යාපනය ලැබුවේ හතරැස්වෙල රජයේ පාසල, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔහු කොළඹ නීති විද්‍යාලයේ උපාධිලාභියෙකි.[2]

ඔහුගේ පියා උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු සමාජ සේවා අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක ය.[3] වසර 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත දි.මු. ජයරත්නගේ දියණිය වන සේනානි ලංකා ජයරත්න සමග දුමින්ද දිසානායක විවාහ වී සිටියි.[2][4]

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) ඔහු නියෝජනය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 2010 සිට 2015 දක්වා පාලන බලය පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (UPFA) ප්‍රධාන පක්ෂය විය.[1]

රූපය 1: අමාත්‍ය දුමින්ද දිසනායක[1]

දරන ලද දේශපාලනික / රජයේ තනතුරු

  • 2000- අනුරාධපුර දිස්ත්‍රික්කයේ බහුතර ඡන්දයෙන් තේරී පත් වූ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී[1]
  • 2001 සිට වර්තමාන - පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුරාධපුර දිස්ත්‍රික්කය[1]
  • 2004 සිට 2005- නිපුණතා සංවර්ධන වෘත්තීය හා කාර්මික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය[1]
  • 2005 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ උප සභාපති[1]
  • 2005 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික[1]
  • 2006- 2007 වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය[5]
  • 2007 සිට 2010 අප්‍රේල් - ඛනිජ තෙල් සම්පත් කැබිනට් නොවන අමාත්‍ය[6]
  • 2010 අප්‍රේල් සිට 2010 නොවැම්බර් - තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය[7]
  • 2010 නොවැම්බර් සිට 2013 ජනවාරි - තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය[8]
  • 2013 ජනවාරි සිට 2014 නොවැම්බර් - අධ්‍යාපන සේවා අමාත්‍ය[9]
  • 2015 අගෝස්තු සිට 2018 ජුනි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්[10]
  • 2015 ජනවාරි සිට 2018 මැයි - කෘෂිකර්ම අමාත්‍ය[11][12]
  • 2018 මැයි සිට 2018 දෙසැම්බර් - වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය[13][12]
  • 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු දක්වා - තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය[14][2]
  • 2020 අගෝස්තු 5 සිට මේ දක්වා - සූර්ය, සුළං හා විදුලිබල උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය[15]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ලංකා දුම්කොළ සමාගමේ උත්සවයකට සහභාගී වීම

2016 වසරේ අනුරාධපුරයේ දී පැවති තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි (SADP) උත්සවයට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක සහභාගී වූයේය. තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) යනු ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සිදු කරන ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතියකි. ඔහු මෙම අවස්ථාවට සහභාගී වුවද, යෝජිත දුම්කොළ වගාව තහනම් කිරීම පිළිබඳව ධනාත්මකව කථා කළ අතර විකල්ප බෝග වෙත යොමුවන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය..[16]කෙසේ වෙතත්, වසර තුනකට පසු (2019) කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඔහුගේ ධූර කාලය අවසන් වන විට හෝ 2020 ජූලි වන විට යෝජිත දුම්කොළ වගා තහනම ක්‍රියාත්මක නොවීය.

රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ SADP උත්සවයට අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහභාගීත්වය වාර්තා කරන පුවත්පත් ලිපිය[16]


Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 Parliament of Sri Lanka.Directory of Members, 2020, accessed June 2020
  2. 2.0 2.1 2.2 Manthri.lk. Duminda Dissanayake,Undated, accessed June 2020
  3. Duminda Dissanayake. Minister Duminda, Facebook,undated, accessed June 2020
  4. Parliament of Sri Lanka. Prime Ministers, 2020, accessed June 2020
  5. The Island. of Beira Lake, Galle Face Green begins, 30 May 2006, accessed June 2020
  6. List of Ministries and the Relavant Ministers with effect from January 28, 2007, February 2007, accessed June 2020
  7. Manjula Fernando. changes in downsized cabinet, Sunday Observer, 25 April 2010, accessed June 2020
  8. CABINET & DEPUTY MINISTERS, 23 November 2010, accessed June 2020
  9. Sunday Times. Rs 76b for Education, Higher Education and Education Services in Appropriation Bill 2014, 27 October2013, accessed June 2020
  10. Newsfirst. and UPFA representatives hold discussions with Elections Commissioner, 18 August 2015, accessed June 2020
  11. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President, 18 January 2015, accessed June 2020
  12. 12.0 12.1 Dailymirror. Irrigation Minister, Amaraweera Minister of Agriculture, 01 May 2018, accessed January 2019
  13. Daily news. cabinet ministers, five state ministers appointed, 2 November 2018, accessed January 2019
  14. Presidential Secretariat. State and Deputy Ministers sworn-in, 2019, accessed June 2020
  15. Economy Next. Sri Lanka President appoints cabinet ministers, state ministers, 12 August 2020, accessed September 2020
  16. 16.0 16.1 Thisara Kamal. වගාව ඉදිරියේදී නවතා දැමීමට කටයුතු කරනවා, Ada, 03 February 2016, accessed January 2019