දිනේෂ් වීරක්කොඩි

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: වීරක්කොඩි විසින් රචිත මහා නොවැම්බර් විප්ලවය නම් කෘතිය 2015 වසරේ නොවැම්බරයේ දී එළිදැක්වීම. මෙම කෘතිය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන විට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා එහි බලා සිටිති.[1]

දිනේෂ් වීරක්කොඩි 2014 වසරේ ජූලි සිට 2018 වසරේ ජූලි දක්වා ලංකා දුම්කොළ සමාගමෙහි ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.[2][3][4] ඔහු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කැබිනට් මණ්ඩලයේ (2015 - 2019) සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය ලෙස කටයුතු කළ ජෝන් අමරතුංගගේ බෑණා වේ.[5][6] ඔහු 2015 දී පිහිටුවන ලද ඒකාබද්ධ රජයේ බහුතරය සමන්විත වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂයේ (UNP) “ප්‍රධාන උපායමාර්ගිකයෙකු” ලෙස හඳුනාගෙන තිබේ.[6][7] ඔහුගේ “මහා නොවැම්බර් විප්ලවය”නම් කෘතිය, 2015 වසරේ දී ඒකාබද්ධ රජය පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ වූ 2014 වසරේ නොවැම්බරයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ඔහුගේ ගැඹුරු අවබෝධය ලේඛනගත කර ඇති බවට වාර්තා වේ.[1][8][9]

ඔහු "අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු" ලෙස 2018 වසරේ දී මාධ්‍ය තුළ හැඳින්විණි.[10]

රූපය 2: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දිනේෂ් වීරක්කොඩිගේ අනුග්‍රාහකත්වයෙන් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය බෙදා හැරීම. වීරක්කොඩිගේ මාමණ්ඩිය වන අමාත්‍ය ජෝන් අමරතුංග සහ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු ද ඡායාරූපයේ සිටී.[11]

දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය

වීරක්කොඩි, 2014 වසරේ ජූලි මාසයේදී ලංකා දුම්කොළ සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ විය.[4] ඔහු, මණ්ඩලයේ පහත සඳහන් කමිටුවල සාමාජිකත්වය දැරුවේය.[2]

  • විගණන කමිටුව
  • අදාළ පක්ෂ ගනුදෙනු සමාලෝචන කමිටුව
  • ආයතනික සමාජ ආයෝජන කමිටුව

2018 ජුලි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ඔහු ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට අනාවරණය නොවීය.[12]

සමගාමීව රජයේ ආයතනවල දරන ලද තනතුරු

වීරක්කොඩි ලංකා දුම්කොළ සමාගමෙහි තනතුර දරමින් සිටියදී ම රජයේ හෝ අනුබද්ධ ආයතනවල පහත සඳහන් තනතුරු හෙබවීය. (පත් කළ වර්ෂය සහ ඇමතිවරයා වරහන් තුළ සඳහන් වේ);

  • උපදේශක / කමිටු සභාපති, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය (2015: අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ)[2][4] [13][14]
  • සභාපති, ශ්‍රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය (2015: අමාත්‍ය - රනිල් වික්‍රමසිංහ)[4][13]
  • සංචාරක අමාත්‍යවරයාගේ උපදේශක (2018: අමාත්‍ය - ජෝන් අමරතුංග)[10][15]
  • බැංකු අංශය සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ඒකාබද්ධ කිරීම සමාලෝචනය කිරීමේ කමිටුවේ සභාපති[16]
  • අධ්‍යාපනය සඳහා අයවැය වෙන් කිරීම සමාලෝචනය කිරීමේ කමිටුවේ සභාපති[16]

අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය සඳහා ඔහුව සලකා බැලූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන ලදී. 2015 වසරේ ජනවාරි මාසයේ ඒකාබද්ධ රජය ආරම්භක සමයේ අන්තර්වාර අධිපති ධූරය සඳහා සහ 2016 වසරේ ජුනි මාසයේදී මහ බැංකු අධිපති ධූරය සඳහාත් ය.[6][17][18]

ශ්‍රී ලංකා රජය විසින් පවරා ගන්නා ලද පෞද්ගලික රෝහල වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ (NFTH) පාලක මණ්ඩලයට 2017 ජූලි මාසයේදී ඔහුව පත් කරන ලදී. වැඩි විස්තර සඳහා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලක මණ්ඩලයට පත් කිරීම පිටුව බලන්න.

දුම්කොළ කර්මාන්තයේ රැකියාවට පෙර හෝ පසු රාජ්‍ය ආයතනවල දරන ලද තනතුරු

වීරක්කොඩි ලංකා දුම්කොළ සමාගමෙහි සේවය කිරීමට පෙර රජයේ හෝ අනුබද්ධ ආයතනවල පහත තනතුරු දැරීය. (අදාළ කාල සීමාවන් සහ අමාත්‍යවරුන් වරහන් තුළ දක්වා ඇත;)

  • ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී (2001-2004)[4][3][13]
  • අග්‍රාමාත්‍ය උපදේශක (2002-2004: අග්‍රාමාත්‍ය - රනිල් වික්‍රමසිංහ)[4][3][13][19]

වෙනත් සංවිධාන හා සංගම්වල දරන ලද තනතුරු

ඖෂධ (ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් ශ්‍රී ලංකාව සහ හේමාස් හෝල්ඩින්ග්ස් ) සහ කෘෂිකාර්මික කර්මාන්ත වලට (CIC හෝල්ඩින්ග්ස් ලිමිටඩ්) අයත් පෞද්ගලික සමාගම් ඇතුළු පෞද්ගලික ආයතන කිහිපයකම ඉහළ පෙළේ තනතුරු දැරිය.[13]සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.

  • සභාපති, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය-ශ්‍රී ලංකාව (2017/2018)[20]
  • සභාපති, හැටන් නැෂනල් බැංකුව (2018 මැයි -)[16][21]
  • ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක, CIC හෝල්ඩින්ග්ස් (2015 -)[22]
  • ස්වාධීන අධ්‍යක්ෂක, හේමාස් හෝල්ඩිංග්ස් (2013 -)[23]
  • සභාපති, එච්.ආර්. කෝර්නූකෝපියා ලංකා (2011 -)[13]
  • උප සභාපති, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය-ශ්‍රී ලංකාව (2016/2017)[24]
  • ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක, ඇක්සස් ඉංජිනියරින් (-)[25]
  • සභාපති, කොමර්ෂල් බැංකුව (2011 - 2014)[13],[26]
  • විධායක නොවන අධ්‍යක්ෂ, DFCC බැංකුව (2003 - 2010)[13][3]
  • මානව සම්පත් සහ පරිපාලන අධ්‍යක්ෂ, ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් ශ්‍රී ලංකාව (1998 - 2005)[13]
  • සභාපති, සැම්ලන්ක් ඩිවෙලපර්ස්[2]
  • අධ්‍යක්ෂ / උපදේශක, කෝර්නූකෝපියා බැංගලෝරය- ඉන්දියාව[2]
  • අධ්‍යක්ෂ, ගෝල් ෆේස් හෝටල් කළමනාකරණ සමාගම[2]

ඔහු ලංකා රේටින් ඒජන්සි ලිමිටඩ් ලෙසද හැඳින්වෙන RAM රේටින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළේය. පිළිගත හැකි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් නොවන බව ප්‍රකාශ කරමින් 2015 දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය අත්හිටුවන ලදී.[27][28][29][30]

TobaccoUnmasked සම්පත්

අදාළ සබැඳිය

මූලාශ්‍ර

  1. 1.0 1.1 Mirror Business. The Great November Revolution, 2015, accessed February 2017
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 Ceylon Tobacco Company, Annual Report 2016, 2017, accessed March 2017
  3. 3.0 3.1 3.2 3.3 Ceylon Tobacco Company, Annual Report 2015, 2016, accessed February 2017
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 Ceylon Tobacco Company. Annual Report 2014, 2015, accessed February 2017
  5. Sri Lanka Parliament Website, John Amarathunga, 2017, accessed February 2017
  6. 6.0 6.1 6.2 Daily Financial Times. Dinesh Weerakkody to be CB Governor?, 2015, accessed February 2017
  7. The Sunday Leader. New Cabinet Prominently Green, 2015, accessed February 2017
  8. Daily Financial Times. The Great November Revolution: The inside story according to Dinesh Weerakkody, 2015, accessed February 2017
  9. Mirror Business. Dinesh launches “The Great November Revolution”, 2015, accessed February 2017
  10. 10.0 10.1 Times Online. Dinesh Weerakkody, new chairman of HNB; first to head two private banks, 01 May 2018, accessed May 2018
  11. Sunday Observer. Education is key for sustainable development, 24 September 2017, accessed September 2017
  12. Daily Mirror. Dinesh quits CTC board, Mirror Business, 17 July 2018, accessed August 2018
  13. 13.0 13.1 13.2 13.3 13.4 13.5 13.6 13.7 13.8 Weerakkody D. LinkedIn Profile, 2017, accessed February 2017
  14. Ministry of National Policy and Economic Affairs. Ministry of National Policy and Economic Affairs Website, 2017, accessed February 2017
  15. Daily News. Dinesh Weerakkody, new chairman of HNB, 02 May 2018, accessed May 2018
  16. 16.0 16.1 16.2 Hatton National Bank PLC. Board of Directors, 2018, accessed August 2018
  17. Lanka News Web. Govt. in crisis: Dinesh Weerakkody as CB governor?, 2016, accessed February 2017
  18. Asian Mirror Dinesh Weerakkody to Become "Interim" Central Bank Governor?, 2015, accessed February 2017
  19. Sri Lanka Parliament Website, Prime Ministers of Sri Lanka, 2017, accessed February 2017
  20. International Chamber of Commerce Sri Lanka. Executive Committee, 2016, accessed August 2018
  21. economynext Dinesh Weerakkody New Chairman of Sri Lanka's Hatton National Bank, 01 May 2018, accessed May 2018
  22. CIC Holdings. Leading Professionals join CIC group, 2017, accessed February 2017
  23. Hemas Holdings PLC. Board of Directors, 2017, accessed February, 2017
  24. International Chamber of Commerce Sri Lanka. Executive Committee, 2017, accessed, February, 2017
  25. Access Engineering. Board of Directors, 2017, accessed February, 2017
  26. Commercial Bank of Ceylon PLC. Board of Directors, 2017, accessed February 2017
  27. Central Bank of Sri Lanka. Circular: Bank Supervision Department Ref: 02/17/500/0063/001, 03 August 2015, accessed February 2017
  28. Business Times. RAM Ratings (Lanka) Ltd now known as “Lanka Rating Agency (LRA) Ltd”, 04 May 2014, accessed February 2017
  29. Daily Financial Times. Lanka Rating Agency appoints Dinesh Weerakkody to Board, 04 August 2014, accessed February 2017
  30. The Island. Dinesh Weerakkody on LRA Board, 01 August 2014, accessed February 2017