දිනේෂ් ගුණවර්ධන

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන යනු "මහජන එක්සත් පෙරමුණ" (වර්තමානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) සමග එක්ව පවතී) නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකි. ඔහු “වෘත්තීය සමිතිවාදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු” ලෙස ද හැඳින්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාජවාදී දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණෙහි නායකයා වශයෙන් ඔහු 1983 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ය.[1] ඔහු 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ගුණවර්ධන 2020 අගෝස්තු 12 වන දින විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.[2][3]

ගුණවර්ධන 1949 මාර්තු 2 වන දින උපත ලැබූ ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔහු පිළිවෙලින් නෙදර්ලන්තයේ නයිජෙන්රෝඩ් ව්‍යාපාරික විශ්ව විද්‍යාලයෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් විශ්ව විද්‍යාලයෙන් උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළේය.[4][5] ඔහු දේශපාලන පසුබිමක් සහිත පවුලක සිව්වන දරුවා වේ. ඔහුගේ පියා වන පිලිප් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයෙකු වන අතර ඔහු “ශ්‍රී ලාංකික සමාජවාදයේ පියා” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔහු මහජන එක්සත් පෙරමුණෙහි නිර්මාතෘවරයා වූ අතර ඔහුගේ මව වූ කුසුමා ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වූවාය.[6][7]

දිනේෂ් ගුණවර්ධන, රමනි වත්සලා කොතලාවල සමඟ විවාහ වී සිටින අතර ඔහු පුතෙකු හා දියණියකගේ පියා වේ.[7][6][5] ඔහුගේ පුත් යදාමිනි ගුණවර්ධන, 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ජාතික ලැයිස්තුවෙන් 9 වන පාර්ලිමේන්තුව සඳහා නම් කරන ලදී.[8] ජාතික මට්ටමින් ලද සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂයේ කොටසෙහි අනුපාතය මත පදනම්ව අදාළ දේශපාලන පක්ෂ විසින් සීමිත ආසන ගණනක් සඳහා නම් කරන ලද විශේෂෙයන් තෝරාගත් පුද්ගලයින්ගෙන් ජාතික ලැයිස්තුව සමන්විත වේ.

රූපය 1: අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන [1]

දරන ලද දේශපාලනික තනතුරු

  • මහජන එක්සත් පෙරමුණෙහි නායක - 1983 සිට වර්තමානය දක්වා[1][4]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 1983 සිට 1994 දක්වා; 2000 සිට වර්තමානය දක්වා[1]
  • ප්‍රවාහන අමාත්‍ය - 2000 සිට 2004 දක්වා[1][6][5]
  • ප්‍රවාහන හා පරිසර අමාත්‍ය - 2001 සිට 2004 දක්වා[1]
  • නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය - 2004 සිට 2007 දක්වා[1][9][5]
  • අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය - 2004 සිට 2007 දක්වා[1][9][5]
  • නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන කැබිනට් අමාත්‍ය - 2007 සිට 2010 දක්වා[1][10][5]
  • රජයේ ප්‍රධාන සංවිධායක -2010 මැයි 02 සිට 2015 ජනවාරි 20 දක්වා[11]
  • ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය - 2010 සිට 2015 දක්වා[12][5]
  • විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය සහ නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා පිළිබඳ කැබිනට් අමාත්‍ය - 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු දක්වා[13][14]
  • විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය - 2020 අගෝස්තු 12 සිට මේ දක්වා[2][3]
  • පාර්ලිමේන්තු සභානායක - 2020 ජනවාරි 3 සිට 2020 මාර්තු 2 දක්වා සහ 2020 අගෝස්තු 20 සිට මේ දක්වා[15][16]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ලංකා දුම්කොළ සමාගම (CTC) සංවිධානය කළ උත්සවයකට සහභාගී වීම

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT), ලංකා දුම්කොළ සමාගමෙහි සේවකයින් සහ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය හරහා සුනාමි බලපෑමට ලක්වූ ප්‍රදේශයක් වන හික්කඩුව, ගලගොඩවත්ත ප්‍රදේශයෙහි නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන ලදී. ලංකා දුම්කොළ සමාගම (CTC) යනු බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දුම්කොළ නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ ඒකාධිකාරය දරයි. “දි අයිලන්ඩ්” පුවත්පතට අනුව රජය විසින් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා අක්කර අටක ඉඩමක් ලබා දී ඇත. නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස ගුණවර්ධන විසින් නිවාස ජනතාව වෙත භාරදීම 2005 දෙසැම්බර් 23 වන දින පැවති භාරදීමේ උත්සවයේ දී නිල වශයෙන් සිදු කරන ලදී. අමාත්‍ය පියසේන ගමගේ ද මෙම අවස්ථාවට සහභාගී විය.[17]

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ ගෝලීය සම්මුතිය වන දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ (FCTC) 5.3 සහ 13 වන වගන්ති මගින් දුම්කොළ කර්මාන්තයෙන් අනුග්‍රාහකත්වය ප්‍රතික්ෂේප කිරීමට නිර්දේශ කරයි. එහි ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ මඟින් දුම්කොළ කර්මාන්තය සමග හවුල්කාරිත්වයන් ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන බැවින් රාජ්‍ය අමාත්‍යාංශයක් යම් ව්‍යාපෘතියක දී දුම්කොළ කර්මාන්තය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම FCTC හි 5.3 වගන්තිය උල්ලංඝනය කරයි.

රූපමය සෞඛ්‍ය අවවාද පිළිබඳ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත සංශෝධනයට විරුද්ධ වීම

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ 2011 ඔක්තෝම්බර් 10 වන දින දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන ලදී. “2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීමේ පනතක්" යන මාතෘකාවෙන් යුත් පනත් කෙටුම්පතෙහි “සෑම සිගරට් පැකට්ටුවකම ඉදිරිපස සහ පසුපස යන දෙපස ඉහළ පෘෂ්ට වර්ගඵලය මත මෙම පනත යටතේ සාදන ලද හෝ සෑදිය යුතු නියාමනයෙහි අඩංගු රූපමය සෞඛ්‍ය අවවාද මුද්‍රණය කිරීම සහ සෑම සිගරට් පැකට්ටුවකම ඉදිරිපස හා පසුපස යන දෙපස ඉහළ පෘෂ්ටිය ප්‍රදේශයෙන් සියයට 80 ට නොඅඩු (80%) ප්‍රදේශයක් ආවරණය කළ යුතුය." යනුවෙන් සඳහන් විය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී බහුතරය ඡන්ද 14 කින් පරාජයට පත් විය. රජයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ගුණවර්ධන “ මෙම පනත නීතියට පටහැනියි ” යැයි කියමින් පනතට විරුද්ධ වූ අතර පනත ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු සභාවට ප්‍රකාශ කර සිටියේය..[18]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 Daily News. Dinesh Gunawardena completes 37 years in Parliament, 18 May 2020, accessed June 2020
  2. 2.0 2.1 Economy Next. Lanka President appoints cabinet ministers, state ministers, 12 August 2020, accessed August 2020
  3. 3.0 3.1 News 1st. Live Blog: New Cabinet and State Minister, 12 August 2020, accessed August 2020
  4. 4.0 4.1 Manthri.lk. Gunawardena, 2017, accessed June 2020
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 peoplepill.com, Gunawardena, Undated, accessed July 2020
  6. 6.0 6.1 6.2 A N Singaravelu. Turns Three-Score, Daily News, 2 March 2009, accessed June 2020
  7. 7.0 7.1 RPeiris. Boralugoda 'cub', Sunday Times, 2 April 2000, accessed June 2020
  8. Zulfick Farzan. announces its National List Parliamentarians, News 1st, 7 August 2020, accessed August 2020
  9. 9.0 9.1 The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I : SECTION (I) — GENERAL Government Notifications, 10 April 2004, Accessed June 2020
  10. Daily News. cabinet ministers anddeputy ministers, 24 April 2010, accessed June 2020
  11. Parliament of Sri Lanka. Government Whips, 4 March 2020, accessed 2020
  12. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. I : SECTION (I) — GENERAL Government Notifications, 26 April 2010, Accessed June 2020
  13. Office of the Cabinet of Ministers of Sri Lanka. Website, undated, accessed June 2020
  14. Ceylon Today. Dinesh Gunawardena assumes Office, 25 November 2019, accessed June 2020
  15. Parliament of Sri Lanka. Dinesh Gunawardena, MP, undated, accessed November 2020
  16. Parliament of Sri Lanka. Leaders of the House, undated, accessed November 2020
  17. The Island online. CTC housing project-new start for tsunami victims, 6 January 2006, accessed June 2020
  18. SIndrajith.Govt. defeats Wijeyadasa’s anti-tobacco Bill, 11 October 2011, accessed June 2020