තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP)

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

මෙය ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ ආයෝජන (CSI) ව්‍යාපෘතිය වේ. ලංකා දුම්කොළ සමාගම (CTC) මෙය 2005 වසරේ දී ඔවුන්ගේ මව් සමාගම වන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ආයතනික සමාජ ආයෝජන තේමාව වන "තිරසාර කෘෂිකර්ම හා පරිසරය" හා සමගාමීව ආරම්භ කරන ලදී. [1] ලංකා දුම්කොළ සමාගමට අනුව මෙමගින් තෝරාගත් ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් වලට ගෙවතු වගාව හා සත්ව පාලනය හරහා ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික හා අනෙකුත් යෙදවුම් සපයයි. මෙම ව්‍යාපෘතිය, තෝරාගත් ප්‍රජා කණ්ඩායමක් තුළ වසර 2.5 කට වැඩි කාලයක් පුරා අදියර හතරකින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ ලැයිස්තු ගත කර ඇති අරමුණු 8 පහත ආකාර වේ. [2][3]

  • අරමුණ 1 - වැඩසටහන පුළුල් කිරීම
  • අරමුණ 2 - සමබර ආහාර වේලක් ලබා දීම - පෝෂණ මට්ටම කැලරි 1429 සිට කැලරි 2013 දක්වා ඉහළ නැංවීම
  • අරමුණ 3 - කෘෂිකාර්මික දැනුම ඉහළ නැංවීම
  • අරමුණ 4 - ප්‍රතිලාභීන්ට අතිරේක ආදායම් මාර්ගයක් ලබාදීම
  • අරමුණ 5 - කාන්තා සවිබල ගැන්වීම
  • අරමුණ 6 - සමාජ අසමගිය පිටු දැකීම
  • අරමුණ 7 - ඉඩම් භාවිතය හා ඵලදායීතාවය වර්ධනය කිරීම
  • අරමුණ 8 - කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම


මෙම වැඩසටහන, 2007 දී ස්ථාපිත කරන ලද ලංකා දුම්කොළ සමාගමට අනුබද්ධ Outreach Projects (Guarantee) Limited විසින් පවත්වාගෙන යනු ලබයි. ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. 2016 වසරේදී සුසන්ත රත්නායක (සභාපති), මයිකල් කොස්ට්, එමා රිඩ්ලි, දිනේෂ් වීරක්කොඩි සහ දිනේෂ් ධර්මදාස මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ. [2]

විවිධ ජන කණ්ඩායම් ඉලක්ක කර ගත් මෙම වැඩසටහනෙහි වර්ග කීපයකි. [2]

  • SADP Plus
  • SADP Lite
  • SADP Mega
  • SADP Ultra
  • SADP කෘෂි ළිං

වැඩි විස්තර සඳහා කරුණාකර සබැඳි බලන්න.

2017 මැයි මස වන විට මෙම ව්‍යාපෘතියේ වාර්තා වූ හවුල්කරුවන් වූයේ

ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන

ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව SADP වැඩසටහන සඳහා 2016 දී ලංකා දුම්කොළ සමාගම (CTC) රුපියල් මිලියන 47 ක් ආයෝජනය කර ඇත. එය ඔවුන්ගේ දල පිරිවැටුමෙන් 0.04% (රුපියල් 121.525 ක්) පමණ වන අතර එම වසරේ සමාගමේ ශුද්ධ ආදායමෙන් සියයට 0.1 කට වඩා (රුපියල් මිලියන 31,747) වසර වැඩි ය. [2]

බලපෑම

SADP ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ වසර 10 ක කාලය තුළ ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව 18,864 බව ද එයින් 4,100 ක් දුම්කොළ වග කරන ගොවි පවුල් බව ද ලංකා දුම්කොළ සමාගම (CTC) 2016 වසරේදී වාර්තා කළේය. වැඩිම ප්‍රතිලාභීන් සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද (2,076) අවමය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද (146) වාර්තා විය. [2] අර්නස්ට් සහ යංග් විසින් කළ ඇගයීම් වාර්තාවක් උපුටා දක්වමින් SADP ව්‍යාපෘතියේ බලපෑම 2016 වර්ෂයේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරයි. එයට අනුව, පවුල්වල කැලරි භාවිතය "මෙම ව්‍යාපෘතියේ ප්‍රගතියට අනුකූලව වැඩි දියුණු වී තිබිණි", "SADP හි සෘජු ප්‍රතිපලයක් ලෙස උත්පාදිත ආදායමේ වර්ධනයක් දක්නට ලැබිණි", "ප්‍රතිලාභී පවුල්වල පවුලේ සමගිය සැලකිය යුතු ලෙස වර්ධනය විය", "පවුල් වලින් 92% ක්ම ඔවුන්ගේ භූමිය උපරිමයෙන් භාවිතා කරයි ", "ප්‍රතිලාභින්ගේ පවුල් වලින් 99% ක්ම මෙම වැඩසටහන මගින් නිර්දේශ කරනු ලබන කාබනික පිළිවෙත් හා අනුකූල වේ" [2]

SADP සහ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රතිරූපය

ව්‍යාපාරික ප්‍රජාව අතර පිළිගැනීම

ජයග්‍රහණය පිළිබඳ පුළුල් දේශීය මාධ්‍ය ආවරණයක් සහිතව ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකත්ව සම්මානය (AREA), SADP ව්‍යාපෘතිය සඳහා වසර දෙකක් අඛණ්ඩව ලැබී තිබේ. [4]

දේශපාලන ආකර්ෂණය

SADP ව්‍යාපෘතිය එහි ආරම්භයේ සිට ම දේශපාලනඥයන්ගේ ආකර්ෂණය දිනා ගෙන තිබේ. (කරුණාකර විස්තර සඳහා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම බලන්න)

රූපය 1: කෘෂිකර්ම අමාත්‍යවරයා 2003 වසරේ වැලිගම ප්‍රදේශයේ SADP ගෙවතු වල නිරීක්ෂණ චාරිකාවක නිරත වීම. [5]

ධනාත්මක මාධ්‍ය ආවරණය

ආරම්භයේ සිට ම SADP ව්‍යාපෘතිය හා ඒ ආශ්‍රිත සිදුවීම් දේශීය මාධ්‍ය තුළ පුළුල් ලෙස ආවරණය කරන ලදී. මෙම වැඩසටහන සම්බන්දව පලවූ ධනාත්මක මාධ්‍ය වාර්තාවල ලංකා දුම්කොළ සමාගම (CTC) පහත පරිදි විස්තර කර තිබුණි .

  • CTC highlights Sustainable Agricultural Development Program’s progress through ‘SADP Pola' (ලංකා දුම්කොළ සමාගම (CTC) SADP පොළ මගින් පිළිබිඹු වන CTC තිරසාර සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය) [7]
  • SADP model farm in Sorriyawewa imparts agricultural best practices (කෘෂිකාර්මික යහපැවැත්ම පිළිබිඹු කරන සුරියවැව SADP ආදර්ශ ගොවිපොළ) [8]
  • Ceylon Tobacco invests Rs. 500m over 10 years empowering rural poor (ලංකා දුම්කොළ සමාගම (CTC) ග්‍රාමීය දුප්පතුන් බල ගැන්වීමට වසර 10 ක් පුරා රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි) [9]
  • SADP celebrates decade of sustainable development through rural empowerment SADP (ග්‍රාමීය බලගැන්වීම හරහා තිරසාර සංවර්ධනයේ දශකයක් සමරයි) [11]
  • Sustainable agriculture program for tobacco farmers (දුම්කොළ ගොවීන් සඳහා තිරසාර කෘෂිකාර්මික වැඩසටහන) [12]

2016 වසරේ දී මෙම ව්‍යාපෘතියේ දස වන සංවත්සරය නිමිත්තෙන් ලංකා දුම්කොළ සමාගම (CTC) දේශීය මාධ්‍යවේදීන්ට මාතර දිස්ත්‍රික්කයේ SADP ආදර්ශ ගමක් සඳහා සංචාරයක් ලබා දෙන ලදී. [11]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. British American Tobacco. Sustainable Agriculture Development Programme, undated, accessed August 2017
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  3. 3.0 3.1 British American Tobacco. Sustainable Agriculture Development Programme, 2017, accessed May 2017
  4. 4.0 4.1 Daily News. CTC’s SADP wins ‘Social Empowerment Award’, 6 July 2016, accessed May 2017
  5. DailyFT. Agriculture Minister visits Weligama beneficiaries of Sustainable Agricultural Development Project, 10 May 2013, accessed May 2017
  6. C Fernandopulle. Ceylon Tobacco’s SADP goes beyond one-off direct aid, 18 July 2013, accessed May 2017
  7. DailyFT. CTC highlights Sustainable Agricultural Development Program’s progress through ‘SADP Pola’, 12 June 2013, accessed May 2017
  8. DailFT. SADP model farm in Sorriyawewa imparts agricultural best practices, 10 January 2014, accessed May 2017
  9. The Island. Ceylon Tobacco invests Rs. 500m over 10 years empowering rural poor, 18 June 2016, accessed May 2017
  10. The Sunday Times. 1,000 farming families graduate from Ceylon Tobacco Project in Kilinochchi, Business Times, 04 February 2016, accessed May 2017
  11. 11.0 11.1 Daily Mirror. SADP celebrates decade of sustainable development through rural empowerment, 29 June 2016, accessed May 2017
  12. Sunday Observer. Sustainable agriculture program for tobacco farmers, 4 May 2014, accessed May 2017
  13. Daily Mirror (Sri Lanka). CTC empowers over 16,000 families through SADP, 29 July 2013, accessed May 2017