ට්‍රයිඇඩ් ප්‍රයිවට් ලිමිටඩ්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ට්‍රයිඇඩ් ප්‍රයිවට් ලිමිටඩ් (ට්‍රයිඇඩ්) යනු අංක 45/6, අල්විස් පෙදෙස, කොළඹ 03 හි පිහිටා ඇති ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රචාරණ සමාගමකි. ඔවුන්ගේ [වෙබ් අඩවියට අනුව,ඕෆ්සෙට් මුද්‍රණය, වාර්ෂික වාර්තා සැලසුම් කිරීම සහ නිෂ්පාදනය, පූර්ව මුද්‍රණ සේවා , ඡායාරූපකරණය සහ ගෘහස්ථ චිත්‍රාගාරය, උත්සව කළමනාකරණය, මාර්ගගත අලෙවිකරණය, ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදනය, මාධ්‍ය සහ මහජන සම්බන්ධතා යන අංශ ට්‍රයිඇඩ් ව්‍යාපාරයට අයත් වේ.[1][2]

ට්‍රයිඇඩ් හි නිර්මාතෘ සහ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂ සහ සන්නාම උපායමාර්ගික වන්නේ දිලිත් ජයවීර ය.[3][2]

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සම්මාන (2004, 2005, 2008), ද චිලීස් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රචාරණ සම්මාන (2006, 2009) සහ ආසියා පැසිෆික් වෙළඳ ප්‍රචාරණ සම්මාන (ඇඩ් ෆෙස්ට්) ඇතුළු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන කිහිපයක් ට්‍රයිඇඩ් හිමි කරගෙන ඇත.[3][2]

දුම්කොළ කර්මාන්තය සමග සම්බන්ධතා

ට්‍රයිඇඩ් හි අනුබද්ධ සමාගමක් වන ඉමේජ්වයිස් (පුද්ගලික) සමාගම 1998 වසරේ දී ස්ථාපිත කරන ලදී.[2][3] ඔවුන්ගේ නිල වෙබ් අඩවියට අනුව, එම සමාගම ‘මූල්‍ය වාර්තා, ආයෝජකයින්ගේ ඉදිරිපත් කිරීම්, ආයතනික අත් පත්‍රිකා නිෂ්පාදනය සහ ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන සමාගම් සඳහා වෙළඳ නාමකරණය’ සඳහා සේවාවන් සපයයි. ලංකා දුම්කොළ සමාගම (CTC), සිය සේවාදායකයෙකු ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.[4][5]

ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය හා අලෙවියේ ඒකාධිකාරය දරන ලංකා දුම්කොළ සමාගම (CTC), බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධ ආයතනයකි.

රූපය 1: ලංකා දුම්කොළ සමාගම (CTC), තම සේවාදායකයෙකු ලෙස ඉමේජ්වයිස් පුද්ගලික සමාගම සඳහන් කිරීම.[4]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

සිගරට් බදු වැඩි කිරීම විවේචනය කරන අනුග්‍රාහක පුවත් ලිපි සම්බන්ධයෙන් චෝදනා

2017 නොවැම්බර් මස 1 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් දුම්කොළ සමාගම, ට්‍රයිඇඩ් හරහා පුවත්පත් ලිපි සඳහා අනුග්‍රහය දැක්වූ බවට චෝදනා කළේය. ඇමතිවරයාට අනුව, දුම්කොළ බද්ද ඉහළ නැංවීමේ රජයේ පියවර විවේචනය කරමින් මුද්‍රිත හා අන්තර්ජාල පුවත්පත් හරහා ප්‍රවෘත්ති ලිපියක් පළ කිරීම සඳහා රුපියල් 150,000 ක් පිරිනමා ඇත. වැඩි විස්තර සඳහා කරුණාකර 'දුම්කොළ බද්දට එරෙහිව දුම්කොළ සමාගමෙන් අනුග්‍රාහක පුවත් ලිපි - සෞඛ්‍ය අමාත්‍ය' අපගේ පිටුව බලන්න.

දුම්කොළ බද්ද පිළිබඳ මහජන මතයට බලපෑම් කිරීම සඳහා වෙළඳ ප්‍රචාරක සහ මහජන සම්බන්ධතා ආයතන යොදා ගැනීම හා බදු වැඩි කිරීමට විරෝධය දැක්වීම සඳහා දුම්කොළ කර්මාන්තය වෙනුවෙන් තෙවන පාර්ශවයක් යොදා ගැනීම සම්බන්ධයෙන් දුම්කොළ කර්මාන්තය ප්‍රසිද්ධියට පත්ව ඇත.

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. Triad. Integrated Solutions, undated, accessed January 2021
  2. 2.0 2.1 2.2 2.3 Triad. About us, undated, accessed January 2021
  3. 3.0 3.1 3.2 Triad, Colombo. API, March 2009, accessed January 2021
  4. 4.0 4.1 Emagewise. About us, undated, accessed January 2021