ජයම්පති බණ්ඩාරනායක
Contents
පසුබිම
ජයම්පති දීවාල් බණ්ඩාරනායක 1990 වසරේ සිට ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ අතර, 2008 සිට 2013 දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.[1][2] මාතලේදී උපත ලැබූ ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.[3] ඔහු කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකි.[4]

දුම්කොළ කර්මාන්තයේ රැකියා ඉතිහාසය
ජයම්පති බණ්ඩාරනායක පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම කළමනාකරණ පුහුණුවන්නෙකු ලෙස 1967 වසරේ දී ලංකා දුම්කොළ සමාගමේ සේවයට එක් විය. ලංකා දුම්කොළ සමාගමේ සභාපති ධූර කාලය ද (2008-2013) ඇතුළුව වසර 45 ක් ඔහු දුම්කොළ සමාගමේ සේවය කළේය. එසේම, ඔහු පිරිස් කළමනාකරු, මානව සම්පත් ප්‍රධානී සහ මානව සම්පත් අධ්‍යක්ෂක ලෙසද සේවය කළේය. ඔහු 2007 වසරේ දී ලංකා දුම්කොළ සමාගමෙන් විශ්‍රාම යන විට එහි නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ලෙස සේවය කළ අතර නැවත විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු වසර 22 ක් (1990 - 2013) ලංකා දුම්කොළ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.[1][2][6][4]
දුම්කොළ කර්මාන්තයේ මූල්‍ය ආයෝජන
2007 සිට 2013 දක්වා කාලය තුළ ලංකා දුම්කොළ සමාගමේ 122,944 (0.07%) සිට 183,344 (0.1%) දක්වා පරාසයක කොටස් ගණනක් සතුව ඉහළම කොටස් හිමිකාරිත්වය සහිත කොටස් හිමියන් 20 දෙනා අතර විය.[1][2][7][8][9][10]
සමගාමිව රාජ්‍ය ආයතනවල දරන ලද තනතුරු
2010 වසරේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්යක්ෂ ජෙනරාල් ලෙස ඔහුව පත් කරන ලදී. එම කාලය තුළ ඔහු ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස සේවය කළේය.[11][1] එසේම ඔහු උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිත ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ "ජනාධිපති වරයා විසින්" පත් කරන ලද නියෝජිතයා" ලෙස ද කටයුතු කළේය.[12]
වෙනත් (රාජ්‍ය නොවන) ආයතනවල දරන ලද තනතුරු
ආයතනික අංශය
ජයම්පති බණ්ඩාරනායක පහත සඳහන් පෞද්ගලික සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවල සේවය කළේය.[1][13][7][14]
- කොකා කෝලා බෙවරේජස් ලංකා සමාගම
- සම්පත් බැංකුව
- ෆින්ලේස් කලම්බෝ PLC
- හේලීස් PLC
- යුනියන් ඇෂුවරන්ස් PLC
- වෙස්ට්කෝස්ට් පවර් (පුද්ගලික) සමාගම
- VST ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, හයිද්‍රාබාද්, ඉන්දියාව
- රූරල් රිටර්න් (Gte) සමාගම, ශ්‍රී ලංකාව
- හොටෙල් සර්විසස් (සිලෝන්)
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම - සභාපති
- සිලෝන් බිස්කට් සමාගම
වෘත්තීය හෝ වෙනත් සංගම්
ජයම්පති බණ්ඩාරනායක පහත සඳහන් සංගම්වල පාලක තනතුරු දැරීය.[7]
- සභාපති - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
- ජයම්පති බණ්ඩාරනායකගේ ධුර කාලය තුළ දී ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH) ආයතනය සම්බන්ධ ගැටලුවක දී මත ගැටුම් පිළි නොගැනීම නිසා ඔහු විවේචනයට ලක් විය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (JKH) විසින් ආචාරධර්ම සංග්රය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනාවකදී බහුතර එක් ඡන්දයකින් ලංකා වාණිජ මණ්ඩලය ජෝන් කීල්ස් හෝල්ඩින්ස්ට (JKH) පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ජයම්පති බණ්ඩාරනායක, JKH ඇසෝසියේට් (යූනියන් ඇෂුවරන්ස් සමාගම) හි අධ්යක්ෂවරයකු සහ JKH හි සභාපති සුසන්ත රත්නායක සමඟ ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්යක්ෂ මණ්ඩලයේ වැඩ කරන නිසා මෙම කටයුතුවලට සහභාගී නොවන ලෙසට සමහර සාමාජිකයන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ඇතිවිය හැකි මත ගැටුම් ඉස්මතු කරමිනි. ඔහු අභිමත ගැටුම් සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බව පවසමින් එම ඉල්ලීමට අවනත වීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.[15]
- සභාපති - ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය
ඔහු පහත සඳහන් සංගම්වල සාමාජිකයෙක් විය.[7][16]
- සාමාජික - පිරිස් කළමනාකරණ ආයතනය (IPM), ශ්‍රී ලංකාව
- සාමාජික - ශ්‍රී ලංකාවේ වරලත් ආයතනික ලේකම්වරුන්ගේ ආයතනය
- සාමාජික - සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM)
- පූර්ණ කාලීන සාමාජික - ශ්‍රී ලංකා අධ්යක්ෂකවන්ගේ ආයතනය
ඔහු මදර් ශ්‍රී ලංකා සංවිධානයේ ‘තානාපතිවරයෙක්’ ද වේ.[17]
Tobacco Unmasked සම්පත්
මූලාශ්‍ර
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 Ceylon Tobacco Company PLC. Annual Report 2008, 2009, accessed May 2017
- ↑ 2.0 2.1 2.2 Ceylon Tobacco Company PLC. Annual Report 2013, 2014, accessed May 2017
- ↑ The S. Thomas’ College Old Boys’ Forum. J.D. Bandaranayake, 20 May 2015, accessed May 2017
- ↑ 4.0 4.1 R Ladduwahetty. Poverty alleviation through sustainable agriculture - New CTC Chairman, Daily News Online, 24 March 2008, accessed May 2017
- ↑ DailyNews.lk Lankan steel power up Japan market, 18 February 2011, accessed May 2017
- ↑ DailyFT. Jayampathi to bid goodbye to CTC after 45-year stint, 7 March 2013, accessed May 2017
- ↑ 7.0 7.1 7.2 7.3 Ceylon Tobacco Company PLC. Annual Report 2011, 2012, accessed May 2017
- ↑ Ceylon Tobacco Company. Annual Report 2010, 2011, accessed May 2017
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010, accessed May 2017
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2012, 2013, accessed May 2017
- ↑ Rural Returns (Gte) Ltd. Rural Returns Director J.D. Bandaranayake new BOI Chief, 9 June 2010, accessed May 2017
- ↑ Ceylon Tobacco Company PLC. Annual Report 2004. Colombo:CTC, 2005
- ↑ Rural Returns (Gte) Ltd. Board, Undated, accessed May 2017
- ↑ 4-traders. Jayampathi Divale Bandaranayake, Business Leaders, 2017, accessed May 2017
- ↑ Sri Lanka Gaurdian. Regulation and governance, 1 March 2009, accessed May 2017
- ↑ The Sri Lanka Institute of Directors. Current list of SLID members, 2017, accessed May 2017
- ↑ Mother Sri Lanka. Mother Sri Lanka Ambassadors, 2017, accessed May 2017