චම්පිකා ප්‍රේමදාස

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

රූපය 1: අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස

1948 වසරේ උපත ලැබූ චම්පිකා ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් හා දේශපාලනඥයෙක් වේ.[1] ඔහු විධිමත් අධ්‍යාපනය ලැබුවේ කෑගල්ලේ ගබ්බල සිරිසඟබෝ විද්‍යාලයෙනි.[2]

චම්පිකා ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ ප්‍රධානම දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රේණිගත කිරීම සඳහා වූ වෙබ් පිටුවක් වන manthri.lk ට අනුව, ඔහු වෙළඳ හා කර්මාන්ත කටයුතු සඳහා “සාමාන්‍ය” සහ ආර්ථික හා මූල්‍ය කටයුතු සඳහා “දුර්වල” ලෙස ශ්‍රේණි ගත කර ඇත.[2]


දුම්කොළ කර්මාන්තයට ඇති සම්බන්ධතා

චම්පිකා ප්‍රේමදාස සතුව “චම්පිකා බීඩි” යන සන්නාමය යටතේ නිෂ්පාදනය කරන බීඩි නිෂ්පාදන සමාගමක් පවතී. එය, චම්පිකා ප්‍රේමදාස පුද්ගලික සමාගම ලෙස ලියාපදිංචි කර ඇති චම්පිකා සමූහ ව්‍යාපාරයේ එක් ව්‍යාපාරයක් වන අතර, ඔහු එහි වත්මන් සභාපතිවරයා ද වේ.[3] ඔවුන්ගේ අනෙකුත් ව්‍යාපාරවලට පහත ක්ෂේත්‍ර ද ඇතුළත් වේ.

  • සංචාරක ව්‍යාපාර
  • ස්වර්ණාභරණ ව්‍යාපාර
  • මුද්‍රණ ව්‍යාපාර


දරන ලද දේශපාලනික / රජයේ තනතුරු

  • සබරගමුව පළාත් සභා සාමාජික[1]
  • රඹුක්කන ප්‍රාදේශීය සභා සාමාජික[1]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී 2000 - 2015[1]
  • කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 2015 - 2018[4][5]
  • විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය 2018 සිට[6]


දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • 2011 වසරේ දී බීඩි කර්මාන්තයට පහසුකම් සලස්වා නොදීම පිළිබඳ ව රජය විවේචනය කිරීම.[7]
  • 2002 වසරේ දී ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රහය ලද රඹුක්කන පිහිටි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගී වීම.[8]


Tobacco Unmasked සම්පත්


මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 Parliament of Sri Lanka, Directory of Members, undated, accessed January 2018
  2. 2.0 2.1 Manthri.lk, Champika Premadasa, undated, accessed January 2018
  3. Champika Printers, Website, undated, accessed January 2018
  4. Ministry of Industry and Commerce, Website, undated, accessed January 2018
  5. News.lk, Champika Premadasa – Industry and Commerce, undated, accessed January 2018
  6. Parliament of Sri Lanka, [1], undated, accessed February 2019
  7. Marasinghe S, Range I, Mudalige D. Cooperatives Ministry has made tremendous progress - Minister Johnston Fernando, 19 December 2011, Daily News online, accessed January 2018
  8. Perera G. CTC opens IT Centre at Rambukkana, 11 October 2002, accessed April 2018