ගිරිහඬු සෑය වන්දනාකරුවන් සඳහා විවේකාගාරය ඉදි කිරීම

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ගිරිහඬු සෑය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ විහාරයක් වන අතර එය ශ්‍රී ලංකාවේ පළමු ස්තූපය ලෙස පිළිගැනේ. බෞද්ධ බැතිමතුන් අතර අතිශය පූජනියත්වයට පත් මෙහි ඓතිහාසික පසුබිම බුදුන් වහන්සේගේ කාලය දක්වා (ක්‍රි .පූ. 563 සිට ක්‍රි .පූ. 483 දක්වා) දිව යයි. තිස් වසරක ත්‍රස්ත ක්‍රියාවලින් අනතුරුව මහජනතාවට විවෘත කළ ගිරිහඬු සෑය නැගෙනහිර පළාත තුළ බෞද්ධ බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පවතින ප්‍රධාන ස්ථානයකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මිලින්ද මොරගොඩගේ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස මිලින්ද මොරගොඩ පදනම යටතේ ක්‍රියාත්මක වන " උරුමයක උල්පත" වැඩසටහන මගින් ගිරිහණ්ඩු සෑයේ විවේකාගාරක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. [1][2][3][4]

රූපය 1: ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රාහකත්වය ප්‍රකාශ කරමින් වන්දනාකරුවන්ගේ විවේකාගාරයේ ප්‍රදර්ශනය වන සමරු ඵලකය [3]


ලංකා දුම්කොළ සමාගමේ ආයෝජන

රූපය 2: ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගිරිහණ්ඩු සෑය වන්දනාකරුවන්ගේ විවේකාගාරය විවෘත කිරීම. මිලින්ද මොරගොඩ ද ඡායාරූපයේ සිටී.[2]

මෙම විවේකාගාරය ඉදි කිරීම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (ජෝන් කීල්ස් පදනම) සහ ලංකා දුම්කොළ සමාගම (CTC) යන සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 7 ක් පමණ විය. එවකට මෙම සමාගම් දෙකෙහි ම සභාපතිවරයා වූයේ සුසන්ත රත්නායකයි. [1][2][3][4]

බලපෑම්

වන්දනාකරුවන්ගේ විවේකාගාරය ඉදි කිරීම සඳහා මූල්‍ය දායකත්වය දරමින් ලංකා දුම්කොළ සමාගම (CTC) අනුග්‍රාහකත්වය ලබා දී ඇති බව එහි සමරු ඵලකයේ (රූපය 1) සඳහන් වේ. [3] එවකට ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මෙම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. (රූපය 2) ඔහුගේ සහභාගිත්වය, මුද්‍රිත හා අන්තර්ජාල මාධ්‍යවල මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේද (රූපය 3) ධනාත්මක ලෙස වාර්තා විය. සමාරම්භක උළෙල පිළිබඳ පළ වූ සියලු මාධ්‍ය වාර්තාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ උරුමයක උල්පත වැඩ සටහනෙහි මහ ලේකම් වන ආර්. ඩී. සිරිසේනගේ සහභාගිත්වය වාර්තා කරන ලදී. නැඟෙනහිර පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වූ බව ද මාධ්‍ය වාර්තා කරන ලදී. [1][2][4]

රූපය 3: මෙම අවස්ථාව ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ වාර්තා කිරීම [4]


TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Editor. Secretary Defence declares opens Pilgrims Rest at Girihandu Seya, Asian Tribune, 21 July 2014, assessed August 2017
  2. 2.0 2.1 2.2 2.3 The Island. Secretary Defence declares open Pilgrims Rest at Girihandu Seya,27 July 2014, assessed August 2017
  3. 3.0 3.1 3.2 3.3 K.A.D Fonseka. Commemorative plaque, 02 October 2015, assessed December 2017
  4. 4.0 4.1 4.2 4.3 Ministry of Defence and Urban Development Sri Lanka. Secretary Defence Declares Open Pilgrims’ Rest at Girihandu Seya, 19 July 2014