කුමාර වෙල්ගම

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

1950 දී උපත ලැබූ කුමාර වෙල්ගම ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ඔහු 1994 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක (1984 සිට 2000 දක්වා) ලෙස කටයුතු කළේය. පොදු තොරතුරු මුලාශ්‍ර වලට අනුව ඔහු වෘත්තියෙන් ඉඩම් හිමිකරුවෙකි.[1] ඔහු අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටිය ශාන්ත තෝමස් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන විද්‍යාලවලිනි.[2]

කුමාර වෙල්ගම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවන ලද 2010 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ පාලක දේශපාලන සන්ධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) නියෝජනය කළේය.[1]ශ්‍රී ලංකාවේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ‘සමගි ජන බලවේගය’ සඳහා සහය දක්වමින් 2020 මාර්තු මාසයේදී වෙල්ගම සිය නව දේශපාලන පක්ෂය වන ‘නව ලංකා නිදහස් පක්ෂය’ ආරම්භ කළේය.[3]

රූපය 1: අමාත්‍ය කුමාර වෙල්ගම[4]

දරන ලද දේශපාලනික / රජයේ තනතුරු

  • අගලවත්ත මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක - 1984 සිට 2000 දක්වා[1]
  • ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී - 1994 සිට වර්තමානය දක්වා[1]
  • ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය - 2000 සිට 2001 දක්වා[5]
  • විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය - 2004 සිට 2007 දක්වා[6]
  • කාර්මික සංවර්ධන අමාත්‍ය - 2007 සිට 2010 දක්වා[7]
  • ප්‍රවාහන අමාත්‍ය - 2010 සිට 2015 ජනවාරි දක්වා[8]


දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රහය ලබා ගැනීම

2013 වසරේ දී, ඔහු ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ, පශ්චාත් යුධ ප්‍රතිසංස්කරණ අවධියේදී, රටෙහි උතුරු ප්‍රදේශ දකුණට නැවත සම්බන්ධ කරමින්, ඕමනතේ සිට කන්කසන්තුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. කොළඹ සිට යාපනය දක්වා දිවෙන ජනප්‍රිය ‘‘ යාල් දේවි ’’ දුම්රියේ ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ කිරීමට හැකි වූ මෙම ව්‍යාපෘතියට පුළුල් ධනාත්මක මාධ්‍ය ආවරණයක් ලැබුණි.[9][10][11][12][13] රජය සතු ජාතික පුවත්පතක් වන “ඩේලි නිවුස්” පුවත්පතට අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන 29 ක අනුග්‍රාහකත්වය ලබා දෙන බවට අමාත්‍ය වෙල්ගම සදහන් කර ඇත. ලංකා දුම්කොළ සමාගම (CTC) යනු ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ හා අලෙවියේ ඒකාධිකාරය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධිත ආයතනයකි.[9][14]

රජය විසින් 'මතට තිත' වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බවට පොරොන්දු වී ඇති අතර ම දුම්රිය හා පොලිස් ස්ථාන ඉදිකිරීම සඳහා දුම්කොළ සමාගමෙන් අනුග්‍රාහකත්වය ලබා ගැනීම වැනි රජයේ “දෙබිඩි පිළිවෙත්” ගැන 2014 පෙබරවාරි මාසයේ පැවති පාර්ලිමේන්තු විවාදයකදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රශ්න කළේය (රූපය 2).[14]


රූපය 2: ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගැනීම[14]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 The Parliament of Sri Lanka.Directory of Members, Undated, accessed June 2020
  2. Manthri.lk. Welgama, Undated, accessed June 2020
  3. The Sunday Morning. Welgama pledges support to Sajith, 12 March 2020, accessed June 2020
  4. Daily news. case against Kumara Welgama, 21 January 2016, accessed June 2020
  5. The Island. policies will be followed for better transport system - New Dy. Transport Minister, 17 November 2000, accessed June 2020
  6. Sunday Observer. Ministers take oaths before President, 11 April2004, accessed June 2020
  7. The Parliament of Sri Lanka. List of Ministries and the Relevant Ministers with effect from January 28, 2007, 06February2007, accessed June 2020
  8. Daily news. & DEPUTY MINISTERS, 23 November 2010, accessed June 2020
  9. 9.0 9.1 I Range. public, private institutions to help reconstruct Northern railway stations, Daily news, 16 July 2013, accessed July 2020
  10. The Island. Bank funds Kilinochchi railway station, 19 September 2013, accessed July 2020
  11. Daily FT. President declares open Commercial Bank funded Kilinochchi Railway Station, 19 September 2013, accessed July 2020
  12. The Island. Sampath Bank empowers national priority of the sustainable development of the North, 18 October2014, accessed July 2020
  13. Daily FT. Sampath Bank rebuilds Navatkuli Railway station, 19 September 2013, accessed July 2020
  14. 14.0 14.1 14.2 The Parliament of Sri Lanka.Parliamentary Debates(Hansard),Report, 223(8), 19 February 2014, accessed July 2020